obage watina manaapaya mohutada?

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1001216_1393390830878006_739546312_n[1].jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රී රිමාන්ඩ්

    උසාවිය ඇප අවලංගු කරයි



    2013 ජූලි මස 25 15:09:57 | . , හිරාන් ප්‍රියංකර, ජූඩ් සමන්ත






    නවගත්තේගම පාසල් ගුරුවරිය දනගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලින් කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තේ තමාට එල්ල වූ මරණ තර්ජනය නිසා යැයි නවගත්තේගම නවෝද්‍යා පාසලේ නියෝජ්‍ය විදුහල්පති එච් ඒ නිමල් දයාරත්න මහතා අද (15) ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් උසාවියේදී පැවසීය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ඇප අවලංගු කළ පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබන අට වැනිදා වන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.

    බ්‍රහස්පතින්දා (25) දහවල් 1ට පමණ නඩුව විභාගයට ගත් අතර නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති එච් ඒ නිමල් ජයරත්න මහත මහතා නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය. අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.

    මහේස්ත්‍රාත් - ඔබ කලින් කළ ප්‍රකාශය දිවුරුම් පෙත්සමක් මගින් ඉවත් කරගත්තේ ඇයි?

    දයාරත්න මහතා - නිහඩව සිටී.

    මහේස්ත්‍රාත් - බලපෑමක් තිබුණාද?

    දයාරත්න - ඔව්. ගෙදරට ඇවිත් ගල් ගැසුවා. දරුවන් හා භාර්යාව මරා දමන බව කිව්වා. ආවේ කවුදැයි හදුනන්නේ නැහැ. ඒ නිසා කලින් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා.

    මහේස්ත්‍රාත් - දැන් පිළිගන්නේ මොන ප්‍රකාශය ද? කලින් කළ ප්‍රකාශය ද? දිවුරුම් පෙත්සමෙන් කළ ප්‍රකාශය ද?

    දයාරත්න - කලින් කළ ප්‍රකාශය (කළින් කළ ප්‍රකාශයේ සඳහන් වනුයේ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම ගුරුවරිය දනගැස්වූ බවට පොලිසියට කළ පැමිණිල්ලයි)

    අගතියට පත් වාර්ශ්වය වෙනුවෙන් නීතීඥ ප්‍රියන්ත ගමගේ මහතා ඇතුළු නීතීඥවරුන් පස් දෙනකු පෙනී සිටි අතර ඔවුන් පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා ඇප කොන්දේසි කඩ කර ඇති බවයි.

    සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලි පාර්ශ්වයට බලපෑම් වන අයුරින් හැසිරී ඇතැයි මාධ්‍ය වාර්තා කිහිපයක් ද ඉදිරිපත් කරමින් එම නීතීඥවරු පැවසූහ.

    සැකකාර ආනන්ද සරත් කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නද්මි නවාමි මහතා කරුණු දක්වමින් පැවසුවේ සැකකරු ඇප කොන්දේසි කඩ කර නැති බවයි.

    ඔහු ඒ වෙනුවෙන් පැරණි නඩුවක් ද ගෙනහැර පෑවේය.

    තම සේවාදායකයා දේශපාලනඥයකු බවත්, එළඹෙන මැතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිත බවත්, මෙය සැකකරුට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන කුමන්ත්‍රණයක් බව ද නීතීඥවරයා පැවසීය.

    පැය එක හමාරක් පමණ දෙපාර්ශ්වයෙන්ම කරුණු ගෙනහැර දැක්වීය.

    මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අධිකරණයේදී ආනන්ද සරත් කුමාර අධිකරණයේදී තමාට සැකකරුවකු පමණක් බවයි.

    නඩු දිගින් දිගට ඇදී යාමෙන් පැමිණිල්ලට හා විත්තියට අවැඩක් වන පැවසූ මහේස්ත්‍රාත්වරයා මේ නඩුව ඉක්මනින් අවසන් කිරීම සඳහා හැකි ඉක්මණින් විමර්ශන කර වාර්තා ලබා දෙන ලෙස ආනමඩුව සහකාර පොලිස් අධිකාරීවරයාටත් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් නියෝග කළේය.

    නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සියලු සාක්කිකරුවනට ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියම කළේය.

    සහකාර පොලිස් අධිකාරී ඩී ජී පී ඒ ගම්ලත් මහතා පැවසූයේ දැනටම මුර සංචාර මගින් හා වෙනත් ක්‍රම මගින් ආරක්ෂාව සළසා ඇති බවයි.

    ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ එම ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි. එසේ තිබියදී තර්ජන කර ඇති බවයි.

    සාක්කිකරුවනට නිසි ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත් සහකාර පොලිස් අධිකාරීට නියෝග කළේය.





    01(612).jpg


    02(277).jpg


    02(277).jpg


    03(235).jpg