Offline Google Maps....!

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Google සමාගම ඊයේ දිනයේදී ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කළා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්.


    ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.

    මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,

    මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.

    first-and-foremost-download-the-maps-app-then-search-for-a-location-like-san-francisco-or-tokyo-youll-see-a-download-button-appear-alongside-information-about-the-place.jpg


    මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.

    next-google-lets-you-specify-exactly-what-parts-of-the-map-you-want-to-save-you-can-only-save-2500mb-per-map-but-you-can-save-multiple-maps-of-the-same-location-if-everything-you-want-doesnt-fit.jpg


    download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.

    http://static6.businessinsider.com/...nt-heres-what-that-process-will-look-like.jpg

    මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.


    you-can-then-find-that-segment--as-well-as-any-other-maps-you-saved--by-swiping-right-on-the-app-or-pressing-the-three-horizontal-lines-in-the-maps-search-bar-and-tapping-your-places.jpg


    http://static4.businessinsider.com/...s-hours-of-operation-and-customer-ratings.jpg

    source : http://techguru.lk/
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    e athin baluwama Here map supiri lumia wala eka
    eka para mulu ratema map eka dl karaganna puluwan
    kisi ginnak na