Ohhhhhhh my God!!!!!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    2114678962kovil.jpeg












    දේව පූජාවක ආහාර ගත් දැරියක් මරුට


    බදුල්ල, මඩුල්සිම ප්‍රදේශයේ දේව පූජාවකට සැකසූ ආහාර අනුභව කිරීමෙන් දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු එක හමාරක පමණ දැරියකි.

    පාචනය උත්සන්න වීමෙන් විජලන තත්ත්වයට පත්වී හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් අදාළ දැරිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. පසුගියදා එම දේව පූජාව අනුභව කිරීමෙන් තවත් වයස අවුරුදු 10 ට අඩු ළමුන් 15 දෙනෙකු ද රෝගී වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    රෝගී වූ දරුවන් සිව්දෙනෙකු මේ වන විටත් බදුල්ල, මැටිගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල‍ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=10288