මට පේන හැටියට මේක වෙන එකෙක් ගැන ප්රශ්නයක් නෙවෙයි. මේක උබේ ප්රශ්ණයක් වගේ. මේක හරියට යාළුවන්ගේ ප්රශ්ණ වගේ. මචන් ෆේල් උනා නම් ලැජ්ජ වෙන්න එපා, ආයි කරපන්. ඇයි බන් අර අවුරුදු 30 දීත් මොරටුවේ එකෙක් ගියේ.
ඒක නිසා o/l ආයි කරපන්. ඊට පස්සේ උබට බෑන්ක් ලෝන් එකක් දාලා ෆවුන්ඩේෂන් කරලා, HND කරලා ඩිග්රියක් කරගන්න පුලුවන්. මේ ලැබෙන එක UGC අපෘනම් උබට ආණ්ඩුවේ යුනි එහෙක මාස්ටර් ඩිග්රියක් පස්සේ කරන්නත් පුලුවන්.
නැත්නම් වෙනත් වෘත්තීය පාඨමාලාවක් කරගන්නත් පුලුවන්. නිකම් වෘත්තීය කියලා ගූගුල් ගහලා බලපන්. ඕන තරම් තැන් තියෙනවා.
ඕපන් යුනිවසිටි එකේත් උබට ඩිග්රියක් කරන්න පුලුවන් ෆවුන්ඩේෂන් දාලා මම දන්න විදියට, ඒ වගේම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරලා BIT හිටන් කරන්න පුලුවන්. ඒ මොකක් වත් බැරි නම් බත් කඩයක් හරි දාපන් ඔය කැම්පස් එකක් ළග හරි, ඔෆිස් එකක් ළග. පොඩියට මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තොත් ගොඩ යන්න බැරි වෙන එකක් නෑ. ඩ්රයිවින් ලයිසන් ගත්තා නම් ත්රීවිල් කට්ටක් හරි එළවන්න පුලුවන්. තව ෆ්රීලාන්සින් කරන්නත් පුලුවන් ෆයිවර් එකේ. උබට කොම්පියුටර් වල දැනුමක් නැත්නම් ෆයිවර් එකේ ෆනී සෙක්ස් එකට ගිහින් කොමඩියක් කරපන්, නටපන්, සිංදු කියන ඒවා වගේ මොනවා හරි කරපන්. ඕන තරම් දේවල් තියෙනවා බන් කරන්න. පොඩ්ඩක් උත්සාහය තමයි ඕන කරන්නේ. දැන්ම කරගන්න දෙයක් ඉක්මනට කරගනින්. පරක්කු වෙන්න එපා. වයස කියලා ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්න විතරයි.