ON-DUTY COD4 5vs5 Tournament

Prediya

Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    පසුගිය 25වනදා නුවර PROZONE GAME STORE එකේ පැවත්වුන ON-DUTY Call Of Duty 4 5vs5 Tournament එකේ විශේෂ අවස්තා කිපයක ෆොටොස් ටිකක් පහල තියෙනව. Tournament එක ගැන පොඩ්ඩක් කියන්න ඕනෙ මොකද මේ Tournament එක අපි සංවිධානයකලේ පළවෙනි පාරට ඒ උනත් හිතුවටත් වැඩිය හොද ප්‍රතිචාර වගේම Tournament එක සාර්ථකව නිම කරන්නත් අපට හැකි වුනා.

    අපි බලාපොරොත්තු වුනා අවම වශයෙන් ටීම් 15ක්වත් මේකට සහභාගිවෙයි කියල. නමුත් රටෙ පවතින තත්වයත් එක්ක ටීම් වල සහභාගීත්වයෙ යම් පසුබෑමක් තිබුනා. කෙසෙ නමුත් අවසානයේ ටීම් 7ක් තරගයට සහභාගිවුනා. අපි බලාපොරොත්තු වුනා දිනන කණ්ඩායමට මුදලින් රු.10000/= කුත් දෙවන ස්ථානය ලබා ගන්න කණ්ඩායමට 32GB පෙන්ඩ්‍රයිව් 5කුත් Tournament එකෙ වැඩියෙන්ම දක්ශතා දක්වන ක්‍රීඩකයාට වටිනා BATTLEGROUND ගේමින්ග් හෙඩ්සෙට් එකකුත් පිරිනමන්න.

    කෙසෙ උනත් සභාගිවුන කණ්ඩායම් ප්‍රමානය අවමවුන නිසා ප්‍රතම ස්තානය දිනගත් කණ්ඩායමට 32GB පෙන්ඩ්‍රයිව් 5ත් දෙවන ස්ථනය ලබාගත් කණ්ඩායමට මුදලින් රු.3000/= ක් සහ ජයග්‍රාහී කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයාට වටිනා ගේමින්ග් හෙඩ්සෙට් එකත් පිරිනමන්න අපට හැකි වුනා..

    ලොකු කැපවීමකින් මේ වැඩෙට සංවිධායක මණ්ඩලයේ කොල්ලො ටික මහන්සි වුනා.

    තවත් මේ වගෙම මීටත් වැඩිය හොදට Tournament එකක් සංවිදානය කරන්න අපි බලාපොරොත්තු වෙනව. (LOL, Valerent, Rainbowsix, PUBG mobile etc..)

    ඉතිං ඒකට සහභාගිවෙන්න කැමති හැමොම අපෙ පේජ් එකට ලයික් කරල තියගන්න. ලංකාව වටේම ඉන්න ගේමර්ස්ලට අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතුවෙන්න කියලා ලංකාවෙ E-Sports හොද තැනකට ගේන්න අපිත් එක්ක එකතු වෙන්න කියල.

    PROZONE GAME STORE එක කියන්නෙ නුවර තියෙන හොදම ගේමින් කැෆේ එක. COD4, LOL, DOTA2, APEX, WARZONE, Valerent, GTA5, RAINBOWSIX, BATTLEFIELD5, FORZAHORIZON5, PUBG, FREEFIRE වගෙ ගේම් ඕන එකක් ලැග් නැතුව FPS ඩ්‍රොප් වෙන්නැතුව ප්ලේ කරන්න පුලුවන් හයි එන්ඩ් ගමින්ග් පීසී එක්ක ඒසී කරපු හෝල් දෙකක්ම තියෙන තැනක්. ඔයත් නුවර පැත්තෙනම් හරි නුවර ගියවෙලවක හරි පොඩ්ඩක් ඇවිත්බලන්න. යලුවො සෙට් එකත් එක්ක නයිට් එකක් ගහල ලොක්ඩවුන් එකක් දාගන්න ඔනෙ නම් ඒකටත් පහසුකම් සලසල තියෙන්ව.

    Facebook Page: https://www.facebook.com/ProzoneGame
    Website: https://prozone.store/
    Winners and more photos: https://www.facebook.com/ProzoneGame/photos/


    එහෙනම් තවත් මෙ වගෙ ඉවෙන්ට් එකක් අරන් එන්නම්. හැමොටම ජය.

    GG
     

    Attachments

    • IMG-20211226-WA0003.jpg
      IMG-20211226-WA0003.jpg
      310.8 KB · Views: 82
    • IMG-20211226-WA0004.jpg
      IMG-20211226-WA0004.jpg
      349.1 KB · Views: 81
    • IMG-20211226-WA0005.jpg
      IMG-20211226-WA0005.jpg
      267.3 KB · Views: 84
    • IMG-20211226-WA0007.jpg
      IMG-20211226-WA0007.jpg
      343.6 KB · Views: 79
    • IMG-20211226-WA0008.jpg
      IMG-20211226-WA0008.jpg
      382.2 KB · Views: 86
    • IMG-20211226-WA0010.jpg
      IMG-20211226-WA0010.jpg
      321.8 KB · Views: 82
    • IMG-20211226-WA0011.jpg
      IMG-20211226-WA0011.jpg
      340.2 KB · Views: 87