On line අධ්‍යාපනය ප්‍රායෝගිකද? (තෙවන කොටස)
- උපුටා ගැනීමක්
"මේ වැඬේ අසාර්ථකයි" ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්
“මාර්තු 12 පාසල් නිවාඩු දෙන අවස්ථා වන විට කිසි ලෙසකින්වත් ළමයින්ට ජංගම දුරකථනයක් පාසලට ගේන්න දෙන්නේ නැහැ. දැන් ඔන්ලයින් අධ්‍යාපනය කියලා ෆෝන් එකෙන් අධ්‍යාපනය කරනවා. ලංකාවේ පරිගණක පිළිබද සාක්ෂරතාව තියෙන්නේ 23%ක් වැනි ප්‍රමාණයකට යි. අනපේක්ෂිත ලෙස කොවිඞ් 19 එක්ක අධ්‍යාපන කටයුතු කරගන්න බැරිවුණු නිසා ඔන්ලයින් අධ්‍යාපනය ලෙස මේ අය එකපාරට මේක පටන් ගන්නවා. ප්‍රශ්නය දැන් ඔන්ලයින් අධ්‍යාපනය කරන්නේ පරිගණක එක්ක නෙමෙයි, ජංගම දුරකථන එක්ක යි. ඒකත් ස්මාට් ෆෝන් එකක්ම තියෙන්න ඕනෑ. ස්මාට් ෆෝන් තිබුණාට වැඩක් නෑ සිග්නල් තියෙන්න ඕනෑ,
සිග්නල් තිබුණාට වැඩක් නෑ ත්‍රී ජී තියෙන්න ඕනෑ, ඒ ඔක්කොමත් තිබුණත් වැඩක් නෑ ඬේටා තියෙන්න ඕනෑ. එතකොට ළමයින්ගේයි ගුරුවරුන්ගේයි ඬේටාවලට සල්ලි ගෙවන්නේ කවුද? අනෙක් දේ පවුලක ළමයි තුන්දෙනෙක් විතර ඉන්නවා නම් විෂයන් අටකට විතර ඔන්ලයින් ඉගැන්වීම් එකසැරේ එක උපකරණයකින් කරන්නේ කොහොමද? මේක ඇත්තටම අසාර්ථකයි. ඒත් සමහර ගුරුවරු කැමැත්තෙන් මේක කරනවා. එහෙම කැමැත්තෙන් කිරීම ගැන අපේ විරෝධයක් නෑ. නමුත් බලකිරීමට අපි විරුද්ධයි. දැන් වෙලා තියෙන්නේ කලාපවල පළාත්වල අධ්‍යාපන බලධාරීන් මේක කරන්න කියලා බල කරනවා. බල කළාට ප්‍රතිඵලයක් නෑ.
අනෙක් දේ විෂය ආවරණය කරන්නේ ඔන්ලයින් කියලා ළමයා තුළට ආකල්පයක් ගියාට පස්සේ ඒ පහසුකම් නැති ළමයා තමන්ට අධ්‍යාපනයක් නෑ අනෙක් අය කොහොම හරි ඉගෙන ගන්නවා කියලා හිතලා මානසිකවත් වැටෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් හොඳ ෆෝන් එකක් ගන්න කියලා සමහර ළමයි දැන් දෙමවුපියන්ට කරදර කරනවා. මේවා ගෙවල්වල ලොකු ප්‍රශ්න බවට පත්වෙලා තියනවා. සමහර අය වෙන වෙන අයගේ නොම්මර දීලා තියෙන්නේ. ඒවා එක්කත් ප්‍රශ්නත් ඇති වෙනවා. මේ පහසුකම් නැති දෙමාපියන් තමන්ගේ දරුවාට මේක කරගන්න බැරි වෙනවා කියලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. විෂය මාලාව මේ හරහා යැවීම ඇත්තටම වැරදියි. දිස්ත්‍රික් දෙකක් හැර අනෙක් දිස්ත්‍රික්ක මේ වන විට විවෘත වී තියනවා. මේ තත්ත්වය වැරදිලාවත් වෙනත් පැත්තකට ගියොත් ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපට වෙනත් විකල්පවලට යන්න සිදුවෙනවා. ලංකාවේ 82%ක් විතර රූපවාහිනිය නරඹනවා කියලා කියනවා. දැනට භාවිත කරනව අයි සහ නේත්‍රා රූපවාහිනී නාලිකාවලට අමතරව ඕනෑ නම් පෞද්ගලික නාලිකා එක්ක සාකච්ඡා කර අඩු වශයෙන් ඕෆ් පීක් පැය දෙකක කාලයක් වගේ ළමයින්ට දෙනවා නම් මීට වඩා වැඩි පිරිසකට ඒවා යනවා. තවත් ඉදිරියට මේක යනවා නම් තැපෑලෙන් හෝ පැවරුම් යැවීමේ ක්‍රමවේදත් හදන්න පුළුවන්. මේක එකම ප්‍රතිකර්මය කියලා ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ගුරුවන්ටත් මේ ඔන්ලයින් ක්‍රමවේද පිළිබඳ දැනුම අඩුයි. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. අධ්‍යාපන බලධාරීන් ඒ පුහුණුව ලබාදෙන්න ඕනෑ. එහෙම නව දැනුමක් ලබා දුන්නේ නැහැ. ඉදිරියේ දී එහෙම දේවල් ඇතිවෙන්න ඕනෑ. ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ආවත් ගුරුවරුන් දැනුවත්වීමේ වැඩපිළිවෙලකුත් මේ තුළ වෙන්න ඕනෑ.”
"යටිතල පහසුකම් නැතුව බැහැ" අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
මෙය අමතර ඉගෙනුමක්. මේ හරහා අධ්‍යාපනය ලබා දිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියන්නේ නැහැ. නව තාක්ෂණය හරහා ඉගෙනීම ප්‍රවර්ධනය කරන නමුත් එසේ කළ යුතු බව දැනුම් දී නැහැ. මෙරට දරුවන්ගෙන් පරිගණක තිබෙන්නේ 23%කට පමණයි. එවන් තත්ත්වයක් තුළ එවැනි අධ්‍යාපනයක් ලබාදෙන ලෙස ඉල්ලීම සාධාරණ නැහැ. ඊට අවශ්‍ය යටිතල පහසුකම් සපයා මිස එම ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලෙස පවසා අපි දරුවන් අධෛර්යමත් කරන්නේ නැහැ.
කොවිඞ් වසංගතය සමග හදිසියේ නිර්මාණය වූ මෙම නව තත්ත්වයට මුහුණ දිය යුතු වන්නේ වඩා ප්‍රායෝගික ආකාරයට ය. එමෙන්ම සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට ය. ඊට සැලසුම් සහගත විසඳුම් ලබාදීම වෙනුවට කිසිදු සැලසුමක් හෝ පුහුණුවක් රහිත ලෙස විවිධ ක්‍රමවේද අත්හදා බැලීම් තුළ ඇතිවිය හැකි ගැටලු ද බොහෝ ය. එබැවින් ඉතා සියුම් ලෙස සලකා බලා විසඳුම් සෙවිය යුතු විෂයයක් වන අධ්‍යාපනය සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ ය.