ශාසනයේ විනය හදන්න පොඩි හාමුදුරුවන්ට ෆෝන් තහනම්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,350
    8,497
    113

    Buddhist monks visiting Dambulla cave temple Dambulla, Sri Lanka - February 27, 2014: Buddhist monks visiting Dambulla cave temple. It is the largest, best-preserved cave-temple complex in Sri Lanka listed as UNESCO World Heritage site. sri lanka monk child spirituality stock pictures, royalty-free photos & images



    ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් සමග පිරිවෙන් ශිෂ්‍යයන් ජංගම දුරකථන භාවිතයට තදින්ම ඇබ්බැහි වෙමින් හිටියා. ඒත් මේ වෙනකොට පිරිවෙන්වලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙනවා. පන්සල්වල වැඩ සිටින පොඩි හාමුදුරුවන්ටත් ජංගම දුරකථන භාවිතය තහනම් කරල තියෙනවා. බොහෝ පිරිවෙන්වල එම නීතිය ක්‍රියාත්මකයි කියල මම විශ්වාස කරනවා.

    ඒත් නව තාක්‍ෂණයට තරුණ්‍යය ආකර්ෂණය වීම නතර කරන්න බෑ. ඒක වියයුතු පරිවර්තනයක්. ලෝකය සමග ගනුදෙනු කරන්න ජාත්‍යන්තර භාෂාව ඉගෙනගන්න ඕනෑ. පරිගණක සාක්ෂරතාවයත් අත්‍යවශ්‍යයි. පරිගණකයෙන් ලිවීම, කියැවීම හරිම පහසුයි. ත්‍රිපිටකය පවා ජපානයේ ඩේටා බේස්ට් කරල තියෙනවා.

    අපේ රටේ ඉගෙනගන්න භික්‍ෂුන් වහන්සේ ගණිතයට හරිම දුර්වලයි. විද්‍යාව විෂය උගන්වන්නෙ නෑ. සෞඛ්‍ය, සමාජ විද්‍යාව විෂයන් උගන්වන්නෙම නෑ.

    නිර්මාණකරණයත් විෂය නිර්දේශයට විතරක් සීමා වෙලා. උන්වහන්සේ ඉගෙනගන්නෙ, ජීවත් වෙන්නෙ ඒකාකාරී රාමුවකට කොටු වෙලා. පොඩි හාමුදුරුවන්ගේ සහජ කුසලතාවන්, ආශාවන්වලට වටිනාකමක් ලබාගන්න, ඔප්නැංවීමට අවස්ථාවක් නෑ.

    ගිහි සිසුන්ට එහෙම නෑ. තාක්‍ෂණය වගේම දක්‍ෂතාව තුළින් ඉදිරියට යෑමට විශාල අවකාශයන් තියෙනවා. පැවිදි සිසුන්ට ඒ දේවල් අහිමි කරලා. මහණ ජීවිතය එපා වෙන්න ඒකත් විශාල බලපෑමක් වෙලා තියෙනවා.

    කුසලතා වර්ධනයෙන්, තාක්‍ෂණ දැනුමෙන් හාමුදුරුවෝ පෝෂණය වෙන්න පන්සල ආරක්‍ෂා වෙනවා. ආකාර්ෂණීය සිද්ධස්ථානයක් බවට පත් වෙනවා.

    ඒ වගේම භික්‍ෂුන් වහන්සේලාට පමණක් ආරම්භ කරන අධ්‍යාපන ආයතන සාර්ථක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම භික්‍ෂු ජීවිතයේ වටිනාකම, සමාජයට, වියයුතු මෙහෙවර ගැන සාමණේර හාමුදුරුවන්ට හොඳින් අබෝධ කරන්න ඕනෑ. උගත්, බුද්ධිමත්, විනධර, ධර්මධර භික්‍ෂුන් වහන්සේනමක් ඉදිරියේ ඕනෑම නායකයෙක් දණ නවනවා. දේශපාලනඥයන් පස්සෙ යෑම නතර වෙනවා. ශාසනය සංවර්ධනය වෙනවා.



    https://www.divaina.lk/provincial-news/66528
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,612
    2,052
    113
    අපේ රටේ ඉගෙනගන්න භික්‍ෂුන් වහන්සේ ගණිතයට හරිම දුර්වලයි. විද්‍යාව විෂය උගන්වන්නෙ නෑ. සෞඛ්‍ය, සමාජ විද්‍යාව විෂයන් උගන්වන්නෙම නෑ.

    නිර්මාණකරණයත් විෂය නිර්දේශයට විතරක් සීමා වෙලා. උන්වහන්සේ ඉගෙනගන්නෙ, ජීවත් වෙන්නෙ ඒකාකාරී රාමුවකට කොටු වෙලා. පොඩි හාමුදුරුවන්ගේ සහජ කුසලතාවන්, ආශාවන්වලට වටිනාකමක් ලබාගන්න, ඔප්නැංවීමට අවස්ථාවක් නෑ.

    අවුලක් නෑ. ලෞකික ජීවිතේ අතැරලා මහණ වෙන්න යන්නේ ලෝක විෂය ඉගෙනගන්න නෙමෙයි. ලෞකික, සමාජීය අවශ්‍යතා සපුරන්න, ලෝකේ යන පැත්තට යන්න (අනුසෝතගාමී) නෙමෙයි ශාසනය තියෙන්නේ.

    කව්ද බන් ඔය post ලියන්නේ? භික්ෂු විනය, ශික්ෂා, කරන්නේ ඕනේ මොනවද, නොකරන්න ඕනේ මොනවද පැනෙව්වේ බුදුන්.
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,350
    8,497
    113
    අවුලක් නෑ. ලෞකික ජීවිතේ අතැරලා මහණ වෙන්න යන්නේ ලෝක විෂය ඉගෙනගන්න නෙමෙයි. ලෞකික, සමාජීය අවශ්‍යතා සපුරන්න, ලෝකේ යන පැත්තට යන්න (අනුසෝතගාමී) නෙමෙයි ශාසනය තියෙන්නේ.

    කව්ද බන් ඔය post ලියන්නේ? භික්ෂු විනය, ශික්ෂා, කරන්නේ ඕනේ මොනවද, නොකරන්න ඕනේ මොනවද පැනෙව්වේ බුදුන්. කොහෙවත් ඉන්න පෘථග්ජනයෝ form වුනා කියලා ඒවා වෙනස් කරන්නැහැ :lol:
    labugama-Narada-Himi.webp


    විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයේ පීඨාධිපති
    ලබුගම නාරද හිමි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,612
    2,052
    113
    labugama-Narada-Himi.webp


    විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයේ පීඨාධිපති
    ලබුගම නාරද හිමි

    හාමුදුරුවෝ කෙනෙක් ලියලා නිසා අන්තිම වාක්‍ය ඉල්ලා අස් කර ගන්නවා 🙏🏻

    ඒත් එතනින් උඩ ටික එහෙම්මමයි.

    ශාසනය ප්‍රතිපදාව කුසලය වඩා ගන්න, අකුසලය දුරු කරන්න මිසක් රටේ, ලෝකේ අවශ්‍යතා සපුරන්න නෙමෙයි. උඩ අවශ්‍යතා දෙක සපුරගන්න කරන්න ඕනේ ඔක්කොම බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ කිසිම අඩුවක් නැතුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    පෝන් තහනම් කරලා රෑට දැනුම ප්‍රයෝගිකව දෙන්න ආවසගෙට එන්න කියල , මසාජ් ක්‍රම උගන්නලා පටන් ගන්නෙ ලොකුහාමුදුරුවෝ
     
    • Haha
    Reactions: Jihadi john

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    Kari Ganayo Tik Tok karannai kaali line karannai phone aran eka justify karanna boruth kiyanawa. Anthima sil pada 3ma kadanawa kari ganayo
     
    • Haha
    Reactions: Don GasCan