Onahuptk එකේ Torrent Download කරද්දි error එකක් එනවා නම් තාවකාලිකව මෙහෙම කරමු 😍 (Python 3.12 update / PyPi import depreciation warning එක)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,917
    2
    15,660
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    Onahuptk එකෙන් torrent බාන්න යන අයට අලුතෙන් depreciation error එකක් එනවා අ‍ැති. ලොකුවට තේරුණේ නැතත් python 3.12 / import error කතාවක් එනවා නම් එ‍්ක ගැන තමයි මේ කියන්නෙ. කීප දෙනෙක්ටම inbox, post වලට reply කරා. ගොඩක් අයට එ‍්ක එන නිසා පොදුවෙ මේ thread එක දානවා.

    සාමාන්‍යයෙන් ගොඩක් අය පාවිච්චි කරන මේ cell දෙකට තමයි අවුල අ‍ැවිත් තියෙන්නෙ.



    මේක කාලෙත් එක්ක ඉබේම හරි යන නිසා වෙනස් කරල තේරුමක් නැහැ. එ‍් නිසා තාවකාලිකව මේ විදිහට කරමු.

    කාටත් හුරුපුරුදු magnet link දාල කරන වැඩේ Aria2c cell එකෙන් කරගන්න පුළුවන්. Connections ගාණ 16 ක් දාලා, සාමාන්‍ය විදිහටම magnet link එක මේකට දාලා run කරන්න. (කැමති නම් text upload ත් පුළුවන්. Text file එකකට magnet link කැමති ගාණක් යටට යටට දාල save කරල upload කරාම ඔක්කොම පෝලිමට බෑවෙනවා)



    Torrent file upload කරලා කරන අයට දැනට online තියෙන torrent to magnet link generator එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. Fosstorrent එක සාමාන්‍යයෙන් හොඳයි. https://fosstorrents.com/t2m/ ගොඩක් අය කොහොමත් වැඩේ ලේසි නිසා magnet link නෙ පාවිච්චි කරන්නෙ. හැබැයි upload කරලම කරන්න ඕන නම් දැනට multi torrent cell එකේ සම්පූර්ණ range එක පාවිච්චි කරන්න පුළුවන්.

    මේ cell එකේ දෙවනි option එකෙන් torrent එක upload කරාම එ‍්කෙ තියෙන සම්පූර්ණ file list එක පෙන්නනවනෙ. මේක සාමාන්‍යයෙන් තියෙන්නෙ TV series, Course folder වගේ file ගොඩක් තියෙන torrent වලින් අවශ්‍ය ටික විතරක් තෝරල download කරන්නනෙ.

    හැබැයි තාවකාලිකව එ‍්කට list එකෙන් එන full range එක ගන්න 1-* කියල දාල run කරන්න පුළුවන්. Torrent එක upload කරලා, Index එකට 1-* කියල දාල run කරාම full torrent එකම එනවා. (මේක කරදර නම් කලින් වගේ magnet කරලා aria2c ම පාවිච්චි කරන්න.)



    මෙහෙම වෙන්න technical හේතුව පහළින් තියෙනවා. කැමති අය විතරක් බලන්න. එ‍්ක ඉතින් තේරුම් ගන්න අත්‍යාවශ්‍ය නැහැ.

    හේතුව. 👇
    Google colab එකේ සාමාන්‍යයෙන් දැන් torrents download කරන්න තහනම්. ගොඩක් වෙලාවට warning එකක් එන්න පුළුවන්. AI වලින් අපි run කරන code පවා check කරල බලනවා. හැබැයි මම මේක හදලා තියෙන විදිහ නිසා එ‍්ක bypass වෙන හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ.

    ඔය අවුල එන cell දෙකට පාවිච්චි වෙන library එක libtorrent. එකම අවුල තියෙන්නෙ දැන් colab එකේ runtime එක Python 3.12 වලට update කරලා. Python 3.12 එකේ libtorrent වලට පාවිච්චි වෙන පරණ C calls කීපයක්ම අයින් කරල දාලා. Libtorrent එකේ අය තාම 3.12 වලට ගැළපෙන විදිහට update එකක් දීලා නැහැ. එ‍් නිසා තමයි වැඩේ fail වෙන්නෙ.

    සාමාන්‍යයෙන් දැනට තියෙන හොඳම විසඳුම Python 3.11 වල run කරන එක. එ‍්ක කරන්න පුළුවන් හැබැයි මම test කරලා බැලුවාම එ‍්කට විනාඩි 6 ක් වගේ යනවා. මොකද colab එකේම python version එක වෙනස් කරල, install කරල පටන් ගන්න එපැයි. එ‍්කට යන වෙලාවත් එක්ක තේරුමක් නැහැ වගේ.

    අනික OnaHuptk එක හදල තියෙන්නෙම latest library එක පාවිච්චි කරන්න. ඉතින් libtorrent කට්ටිය update එකක් එහෙන් post කරපු ගමන් මේ cell දෙක වෙන මොනවත් නොකරම Python 3.12 වලත් වැඩ කරන්න ගන්නවා. ඉතින් අ‍ැත්තටම code එකේ ලොකු වෙනසක් කරල තේරුමකුත් නැහැ වගේ.

    ඉතින් සාර්ථකම විසඳුම තමයි දැනට Aria2c එක හෝ multi file torrent downloader එක පාවිච්චි කරන එක. කාලෙත් එක්ක අරගොල්ලො libtorrent එකේ update එක දාපු ගමන් ඉබේම අ‍ායෙත් හරියට වැඩ කරන්න පටන් ගනියි.

    එ‍් ටික තමයි. මම හිතන්නෙ අවශ්‍ය හැම දේම වගේ මෙතනම කියල තියෙනවා, හැබැයි අපැහැදිලි මොකක් හරි තිබ්බොත් අහන්න.

    බුදු සරණයි. 😍
     
    • Love
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,917
    2
    15,660
    113
    දැන් වැඩේ හරි. 😌 😌

    (හැබැයි පරණ පුරුද්දටම aria2c දානවා නම් එ‍්ත් අවුලක් නෑ ඉතින් 😁)
     

    Similar threads