here's da complete article
___________________________________
දුෂ්ඨ ත්*රස්තවාදීන් අත්අඩංගුවට ගත්කළ ඒ නරුමයන්ගේ මානව හිමිකම් සුරැකීම පිළිබඳව කථා කිරීමට සහ උනන්දුවෙන් පෙනී සිටින අයව මරණ බවටත්, ඔවුන්ගේ දෑස්, අතපය අහිමිකරන බවටත්’ තර්ජනය කරන ලද පත්*රිකාවක් කොළඹ මහේස්ත්*රාත් අධිකරණයේ සියලුම රෙජිස්ට්*රාර්වරුන් වෙත ඊයේ (20) තැපෑලෙන් ලැබී ඇත.
මෙම තර්ජනය කර ඇත්තේ මීට පෙරද මෙවැනි තර්ජනයන් රැසක් කර ඇති කුප්*රකට ‛මහසෝන් බලකාය’ නම් සංවිධානය විසිනි.
කොළඹ මහේස්ත්*රාත් අධිකරණයේ රෙජිස්ට්*රාර්වරුන් 8 දෙනෙකු සිටින අතර ඒ සියලුම දෙනා වෙත මෙම අත්පත්*රිකාවෙන් පිටපත් 50 බැගින් ඇති පාර්සල් ලැබී ඇත.
දිවයිනේ මානව හිමිකම් නඩු සම්බන්ධයෙන් පෙනී සිටි සුප්*රකට ජ්*යෙෂ්ඨ නීතියකු වන ජේ. ක්*රිශාන්ත වැලිඅමුණ මහතාගේ නිවසට අත්බෝම්බ ප්*රහාර දෙකක් එල්ලවීමත් ඊට විරුද්ධව කොළඹ නීතිඥවරුන් සියලු දෙනාම වාගේ එකාවන්ව නැගී සිටීමත් සිදුවූ අතර සිවිල් සංවිධාන 50 ක පමණ එකතුවක්ද පසුගියදා එම ප්*රහාරය හෙලාදකිමින් කොළඹ නව නගර ශාලාවේ රැලියක්ද පැවැත්වූහ.
ඊට දින කීපයකට පසු මෙවැනි තර්ජනාත්මක ලිපියක් කොළඹ අධිකරණය වෙත ලැබීම විශේෂත්වයක් වන අතර එම ලිපියේ ‛නීතිඥවරුන්’ යන නමින් කිසිදු සඳහනක් නොකර තිබීමද විශේෂත්වයකි.
මෙවැනි තර්ජන හමුවේ නීතිඥ වෘත්තීයේ ගරුත්වය අතහැර නිවට ලෙස ක්*රියාකිරීමට කොළඹ අධිකරණයේ හෝ කිසිදු අධිකරණයක නීතිඥවරුන් සූදානම් නොවනු ඇතැයි ‛ලංකා ඊ නිව්ස්’ වෙත ප්*රකාශයක් කරමින් කොළඹ අධිකරණයේ නීතිඥ මංජුල පතිරාජ මහතා පැවැසීය.
‛මහසෝන් බලකායේ’ එම තර්ජිත ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
ත්*රස්තවාදීන්ට කත් අදින, උන් වෙනුවෙන් පෙනී සිටින ද්*රෝහීන් වෙතටයි
-------------------------------------------------------------------------
දශක තුනකට අධික කාලයක් තිස්සේ අප මව්බිමේ අහිංසක ජනතාව කුරිරු ත්*රස්තවාදීන්ගේ මිලේච්ඡ ඝාතනවලට ලක්වෙමින් සිටී. අහිංසක කිරි කැටියන්, ගර්භනී මාතාවන්, ගොවියන් ඇතුළු අහිංසකයින් කපා කොටා මරා දැමූ ත්*රස්තයෝ, අද වීරෝදාර හමුදාව අබියස ලබන අන්ත පරාජයෙන් මිදීමට දිවයිනේ සෙසු පෙදෙස්වල බෝම්බ පුපුරුවා අහිංසක සිවිල් ජනතාව ඝාතනය කරමින් සහ ඒ සඳහා සැලසුම් කරමින් සිටී.
මෙතෙක් කල් කුරිරු ත්*රස්ත බෝම්බයට බිලිවී ඝාතනයට ලක්වූ අහිංසකයින් දහස් ගණනකි. අත් පා, දෑස් අහිමි වූ පුද්ගලයින් ද දහස් ගණනකි. මෙම අහිංසකයින්ගේ මානව හිමිකම් පිළිබඳව කතා කරන්නට ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට අද කිසිවෙක් නැත.
කරුණු එසේ නමුත් ඉහත සඳහන් මිලේච්ඡ ඝාතන සැලසුම් කල සහ ඒවා ක්*රියාත්මක කල දුෂ්ඨ ත්*රස්තවාදීන් අත්අඩංගුවට ගත් කල ඒ නරුමයන්ගේ මානව හිමිකම් සුරැකීම පිළිබඳව කතා කිරීමට සහ උන් වෙනුවෙන් පෙනී සිටීමට අද ජාතිද්*රෝහී පිරිස් ඉදිරිපත් වී සිටින බව අප දනිමු.
නිරායුධ, අහිංසක ජනතාව සිය ගණනින් ඝාතනය කරන ත්*රස්තවාදීන් සිර භාරයට ගත්විට ඔවුන් නිදහස් කර ගැනීමට උත්සාහ කරන්නේ දේශ ද්*රෝහීන්ම නොවේද? ලක්*ෂ ගණනින් ලබාදෙන ‛ගාස්තු’, අල්ලස්, හමුවේ තම වෘත්තිය පවා පාවා දෙමින්, අප උතුම් මව්බිමට සහ අපගේ අහිංසක ජනතාවට ද්*රෝහී වන මෙම ජාති භ්*රෂ්ඨයින්ගේ නම්, ගම් සහ ලිපිනයන් අප සතුව පවතී.
මින් ඉදිරියට අප මව්බිම දෙකඩ කිරීමට තැත් කරන අහිංසක ජනතාව ඝාතනය කරන නරුම ත්*රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින සහ උන්වෙනුවෙන් කතා කරන සියලුම දේශ ද්*රෝහීන්ට මව්බිමේ නාමයෙන් නිසි දඬුවම් ලබාදීමට අප තීරණය කොට තිබේ. මුදලට ගිජුව ජාතිය පාවා දෙන එවන් දේශ ද්*රෝහීන්ට අද සිට වුවද තමන් මව්බිමට ද්*රෝහීවන ක්*රියාවලියෙන් මිදීමට අවකාශ තිබේ. මින් ඉදිරියට, කිසියම් හෝ ත්*රස්තවාදියෙකු වෙනුවෙන් පෙනී සිටින සෑම දේශ ද්*රෝහීයෙකුම අද ත්*රස්තයන් ඉදිරියේ අප මව්බිමේ අහිංසකයින් මුහුණ පාන තත්ත්වයටම පත් කිරීමට අප පසුබට නොවෙමු.
ත්*රස්තයන්ට කත් අදින දේශ ද්*රෝහීයනි,
----------------------------------------
ත්*රස්තයන් අතින් මෙතෙක් මැරුම් කෑ සහ අතපය, දෑස් අහිමිවූ අහිංසකයින්ගේ සිරුරු සහ මුහුණු සිහි තබා ගනිව්! ජාතියේ නාමයෙන් නුඹලාව ද එම තත්ත්වයටම පත් කිරීම ජාතියටම කරන සෙතක් බැව් අප පසක් කර සිටින බවත් දැන ගනිව්!
ත්*රස්තයන් අතින් මියගිය/ආබාධිත තත්ත්වයට පත්වූ අය වෙනුවෙන් පෙනී සිටින
මහසෝන් බලකාය
same source