Online ක්‍රමයට සාප්පු යෑමේ වාසි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
Online ක්‍රමයට සාප්පු යෑමේ වාසි

Online ක්‍රමයට සාප්පු යෑමේ වාසි

attachment.php

මෙහිදී ඔබ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ Website හෝ Facebook මගින් ඔබට අවශ්‍ය දේ තෝරා ගත හැකියි. ඒ නිසා අව්ව , වැස්ස, මාර්ග තදබදය වැනි අවහිරතාවයන් නොමැතිව අවශ්‍යතාවයන් සපුරා ගත හැකි නිසා Online ක්‍රමය යටතේ විශාල ගණුදෙණු කරුවන් පිරිසක් බිහි වෙනු ඇත.



❖ Online ක්‍රමයට මිලදී ගැනීමේදී අලුත්ම නිෂ්පාදන මිලට ගැනීමට පුළුවන්
Online සාප්පුව නිතරම යාවත්කාලීන වෙනවා. ඒ නිසා නවීනම විලාසිතාවන් ගැන උනන්දුවෙන් ඉන්න ඔබට හොඳම තෝතැන්න ඔන්ලයින් සාප්පුව බව අමතක කරන්න එපා.



❖ පුලුල් පරාසයක ගණුදෙනුකරුවන් ගොඩ නැගීම පුල් පරාසයක ගණුදෙනුකරුවන් ගොඩ නැගීම පුල් පරාසයක ගණුදෙනුකරුවන් ගොඩ නැගීම පුල් පරාසයක ගණුදෙනුකරුවන් ගොඩ නැගීම
සාමාන්‍ය වෙළඳපොල හෙවත් අපේ නෙත ගැටෙන වෙළඳපොල ව්‍යාපාරයන්හිදී ඇති වෙන වෙළඳපොල තත්වය එම දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය පදනම් කර ගෙන ගොඩ නැගෙන අතර පිටස්තරව නිෂ්පාදකයින්ගේ ගේ සම්බන්ධ වීමක් වෙතොත් ඒ ඉතා සීමිතවය. එහෙත් ඔන්ලයින් ක්‍රමය යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ගණුදෙණු කරුවන් බිහිවිය හැකි අතර ජාලගත සම්බන්ධතාවයන් නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආයතන වෙනුවෙන් ඔන්ලයින් වෙළඳපොල දබකසබැ ජාලය සම්බන්ධ විමත් වැඩි වාසියකි.



❖ ලෝකයම ගෙදරට
ඔන්ලයින් සාප්පුවකින් ඔබට ලෝකයේ විවිධ නිෂ්පාදන ඉතාම පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට පුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එංගලන්තයෙන් ආනයන කරන අත් බෑගයක්, ඉන්දියාවේ කුර්තාවක්, බැංකොක්වල පාවහන් කුට්ටමක්…මේවා හීන විදිහට හිතේ තියා ගන්න අවශ්‍ය නැහැ. දැක්ක ගමන්ම ඇනවුම් කරන්න පුළුවනි.



❖ නිවසේ නොව බස්රථයේදී පවා සාප්පු යා හැකියි
සාමාන්‍යයෙන් දෘශ්‍ය හෙවත් අපි සංචාරයේ යෙදෙන සාප්පු සවාරයට වඩා ඔන්ලයින් ක්‍රමයේදී ජංගම දුරකථනයෙන් පවා තෝරා ගැනීමේ වාසි ඇත. ඒ නිසා ඔබ බස්රථයක ගමන් ගන්නා විට පවා අවශ්‍ය දේ ජංගම දුරකථනය ඔස්සේ ඇනවුම් කිරීමට අවස්ථාව ඇත.



❖ මුදල් ගෙවීමේ විවිධ ක්‍රම
දෘශ්‍ය වෙළඳපොල ගනුදෙණු කිරීමේදී සෑම ව්‍යාපාරික ආයතනයක්ම ගණුදෙණු කිරීමට ඩෙබ්ට් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් නැත. එහෙත් මාර්ගගත හෙවත් දබකසබැ වෙළඳපොල සේවාවේදී ඉහත ක්‍රම මගින් මුදල් ගෙවීමේ පහසුකම් සපයනු ලැබේ. මේ නිසා අතැති මුදල් නොමැති වුනත් අනාගත ගෙවුම් ක්‍රම මගින් ගණුදෙණු කිරීමට සැලසෙන පහසුව නිසා මාර්ගගත වෙළඳපොල අද ආකර්ශණීය තත්වයකට පත්ව ඇත.



ගිණුමක් හදා ගන්නේ කොහොමද….?
Online Shopping කටයුතු වෙනුවෙන් ” පේපැල් ” ගිණුමක් සකස් කර ගැනීම ආරක්ෂිත පියවරක්. මෙම ගිණුමට ක්‍රෙඩිට් කාඩ් එක හෝ වෙබ් කාඩ් එක ලින්ක් කරන්න පුවනි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් මුරපදය ඉාම සංකීර්ණ විදිහට යොදා ගන්න. එහිදී අකුරු , ඉලක්කම් සහ සංකේත ඇතුලත් කරල සංකීර්ණ විදිහට සකස් කර ගත්තොත් මුරපදයේ ආරක්ෂාව තිබෙනවා.



සල්ලි නැත්නම්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩය ලැබීමෙන් පසුව මුදල් ලබා දෙන සේවාවකුත් තිබෙනවා. ඔබට භාණ්ඩය නිවසටම ගෙනත් දුන්නාට පසුව මුදල් ගෙවන ( Cash On Delivery ) සේවාවකුත් තිඛෙනවා. මේ ගෙවීම් ක්‍රමට අපහසු නම් ආරක්ෂිත බැංකු සේවාවක් සමග සම්බන්ධ වෙලා ගොඩ නගා ගත් ගෙවීම් දොරටුවක් ( Payment Gateway ) ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් ගෙවන්න පුළුවන්.



ඔන්ලයින් ක්‍රමයට භාන්ඩ මිලදී ගන්නා ක්‍රම

ඔන්ලයින් ක්‍රමයට භාන්ඩ මිලදී ගැනීමේදී ක්‍රම දෙකකට සිදු වෙනවා. අපට අවශ්‍ය නම් ඒ මොහොතේ මුදල් ගෙවා මිළට ගන්නත් පුළුවන්.එහෙම අපහසු නම් වෙන්දේසියකින් වගේ ලංසු තියල ගන්නත් පුළුවනි.



කෙලින්ම ගෙවීමේ අවාසිය

මේ අවස්ථාවේදී ඔවුන් මිළ තීරණය කරල තිබෙන නිසා ඒ මිළට අපි අවනත වෙන්න අවශයයි. සමහර විට මේ භාන්ඩය වෙනුවෙන් දෘශ්‍ය එහෙම නැත්නම් අපි දකින හඳුනන වෙළඳපොලේ මිළ අඩු වෙන්න පුළුවන්.



වෙන්දේසියෙන් ගැනීමෙදීත් අවාසි තිබෙනවා.
මෙහිදී වෙළෙන්දා අවම මිළ තීරණය කළත් එතැන් පටන් මිළ ගැන ලංසු තියන්නේ භාන්ඩ මිලට ගන්නා පාරිභෝගිකයන් විසිනුයි. ඇතැම් දුර්ලභ දේ වෙනුවෙන් නම් මෙය වැදගත්. ඒත් ලංසු තබන විට සමහර විට වෙළඳපොල මිළ ඉක්මවා යන විදිහට මිළ ඉහල යන්නත් පුළුවනි.



වෙළෙන්දා ගැනත් හොයන්න
අපි ඔන්ලයින් ක්‍රමයට භාන්ඩ මිලට ගැනීමේදී ඒ වෙනුවෙන් වූ ආයතන විමසා සිටිනවා. වෙළඳ ආයතන විසින් මේ භාන්ඩය තිඛෙන තැන් සහ එහි අයිතිකරුවන් ගැන විස්තර එවනවා. මෙහිදී අපි වෙළඳ මහතා ගන විශ්වාසය ගොඩ නගා ගන්නේ මෙතෙක් ලැබී තිබෙන රේටින්ස් අනුවයි. රේටින්ස් ඉහල නම් එම පුද්ගලයා විශ්වාසවන්ත වෙළෙන්දෙක්. ඔබ මිළට ගන්නා දේ කලින්ම තීරණය කරන්න.



ඔන්ලයින් ෂොපිං ක්‍රමයේදී ඔබ මිළට ගන්නේ මොනවාදැයි කල්පනා කරන්න.
ඕනෑම දෙයක සීමාවක් පනවා ගැනීම අවශ්‍යයි. ඒ නිසා ඔන්ලයින් ක්‍රමය යටතේ අනවශ්‍ය විදිහට ගවේශනයේ යෙදෙන්න එපා. ඒ වගේම මෙය විවෘත වෙළඳපොලෙන් මිළට ගැනීමට අපහසු එහෙම නැත්නම් ඒ වෙළඳ ලකෂණ අපේ සාමාන්‍ය වෙළඳපොලේ නොමැතිදැයි විමසා බලන්න. ඒ නිසා ගන්නන් වාගේ ගැනීමට වඩා තමන්ට අවශ්‍ය සහ එය මිලදී ගැනීමට තිබෙන සීමාවන් ගැනත් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්.

source http://thewoman.lk/online-shopping/
 

Attachments

  • Online shopping 3.jpg
    Online shopping 3.jpg
    78.1 KB · Views: 305

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවෙ ඔන්ලයින් ශොපින් එක්ස්පීරියන්ස් කතා කරලා වැඩක් නැහැ
    ලංකාවෙ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සයිට් ගොඩකින් සෑහෙන්න බඩු අරන් තියනවා
    එකක් වත් කියපු දවසට ඩිලිවර් කරේ නැහැ.
    එක සැරයක් ටකස් එකෙන් ෆෝන් එකක් අරගෙන ඒකට කවරේ UAG සයිට් එකෙන් ඕඩර් කරා, ටකස් එකෙන් ෆෝන් එක මට ගෙනත් දෙන්නට කලින් දවසෙ UAG කවරේ ඩිලිවර් කරා සිංගප්පූරුවෙ ඉදන්. ඔන්න ඔහොමයි ලංකාවෙ ඔන්ලයින් ශොපින් එක්ස්පීරියන්ස් එක

    හැබැයි හොද රටක ඉන්නවා නම් පට්ටම සිරා
    මම ඇමසන් වලින් සමහර ඒව අපේ ඔෆිස් එකේ US branch එකට ඩිලිවර් කරගන්නවා. හැමතිස්සෙම වගේ කියන දවසට කලින් දවසෙ ඩිලිවර් කරනවා සමහර වෙලාවට දවස් 2/3ට කලින් ඩිලිවර් කරනවා

    ලංකාව වගේ පොඩි රටක ඔය ලෙවල් එකට කරන්න බැහැ කියන්නෙ බොරුවක්.හැම එකාම හදන්නෙ සයිට් එකක් අටවගෙන සල්ලි ගත්තට පස්සෙ උන්ට ඕන වෙලාවට ඩිලිවර් කරන්න මිසක් හොද කස්ටමර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න නෙමෙයි
     
    • Like
    Reactions: Darkline

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ලංකාවෙ ඔන්ලයින් ශොපින් එක්ස්පීරියන්ස් කතා කරලා වැඩක් නැහැ
    ලංකාවෙ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සයිට් ගොඩකින් සෑහෙන්න බඩු අරන් තියනවා
    එකක් වත් කියපු දවසට ඩිලිවර් කරේ නැහැ.
    එක සැරයක් ටකස් එකෙන් ෆෝන් එකක් අරගෙන ඒකට කවරේ UAG සයිට් එකෙන් ඕඩර් කරා, ටකස් එකෙන් ෆෝන් එක මට ගෙනත් දෙන්නට කලින් දවසෙ UAG කවරේ ඩිලිවර් කරා සිංගප්පූරුවෙ ඉදන්. ඔන්න ඔහොමයි ලංකාවෙ ඔන්ලයින් ශොපින් එක්ස්පීරියන්ස් එක

    හැබැයි හොද රටක ඉන්නවා නම් පට්ටම සිරා
    මම ඇමසන් වලින් සමහර ඒව අපේ ඔෆිස් එකේ US branch එකට ඩිලිවර් කරගන්නවා. හැමතිස්සෙම වගේ කියන දවසට කලින් දවසෙ ඩිලිවර් කරනවා සමහර වෙලාවට දවස් 2/3ට කලින් ඩිලිවර් කරනවා

    ලංකාව වගේ පොඩි රටක ඔය ලෙවල් එකට කරන්න බැහැ කියන්නෙ බොරුවක්.හැම එකාම හදන්නෙ සයිට් එකක් අටවගෙන සල්ලි ගත්තට පස්සෙ උන්ට ඕන වෙලාවට ඩිලිවර් කරන්න මිසක් හොද කස්ටමර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න නෙමෙයි
    ඕක බන් ගොඩක්ම ඔන්ලයින් ශොප් එකේ අවුලක් නෙමේ. delivery company
    වල අවුල. මගෙ යාලුවෙක් delivery company එකක branch එකක් අරගෙන කරා. ඒ හින්ද සීන් එක දන්නෙ