උපුටා ගැනීමකි.....
නැගී එන Online Marketing රැල්ල නිසා මෙම සටහන තබන්නට සිත් විය.
Facebook හරහා බෙහෙත් වර්ග, විටමින් වර්ග,
පෝෂණ අතිරේක හා කාය වර්ධන බෙහෙත් වර්ග විකීනිමට ලංකාවේ නිසි නියාමනයක් මා දන්නා පරිදි ක්‍රියාත්මක නොවේ,
රටක් තුල බෙහෙතක්, විටමින් වර්ගයක් හෝ පෝෂණ අතිරේකයක් විකිණීමට කලින් එය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි කල යුතුය.
කාය වර්ධන, රූසපුව වඩවන, ආයුර්වේද වැනි ලේබල් වලින් බෝහෝ බෙහෙත් සහ අතිරේක වෙලඳපොලට පැමීණීමේ ප්‍රවණතාවක් ටික කලක සිට පවතී.
වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරු නියම කරන බෙහෙත් වල අඩංගු සංඝඨක, ඒවායේ රසායනික හා ජීවවිද්‍යාත්මක ක්‍රියාව මෙන්ම, අතුරු ආබාධ පිලිබඳ විද්‍යාත්මක සොයාගැනීම් සහ සායනික අත්හදා බැලීම් රැසකට පසුව රෝගීන් සඳහා නිකුත් කිරීමට අවසර ලැබුනු ඒවාය.
නමුත් ඉහත ආකාරයේ බොහෝ "Internet" බෙහෙත් හා පෝෂණ අතිරෙක වල අඩංගු දෑ හෝ අතුරු ආබාධ ගැන නිසි වාර්ථාවක් බෝහෝ නිෂ්පාදන ඉදිරිපත් නොකරයි.
සමහර බෙහෙත් පිටරට වෛද්‍ය සභා තහනම් කල ඒවාද විය හැක.
ඔබට ලැබී ඇති ශරීරය, හැඩය හා වර්ණය වෙනත් රෝගී තත්වයක් නිසා ඇති වූවක් නොවෙයි නම් වෙනස් කීරීමට උත්සාහා කළයුතු නැත.
ලස්සන වීමට, කෙට්ටු වීමට හෝ ඇඟ හදා ගැනීමට කෙටි මාර්ග නැත, තිබේනම් ඒහි අතුරු අබාධ බහුලය.
එනිසා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිඳු බෙහෙතක් භාවිතා නොකරන මෙන් කාරුණිකව සිහිපත් කරමි.
මේ වන විට ලංකාවේ ආහාර හා පෝෂණය සම්බණ්ධ නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුද, විශේෂඥ වෛද්‍යවරුද සිටී.
මුහුණු පොතේ හමුවන වෙළෙන්ඳාට නොරැවටී ඔබේ ගැටළුවට සරිලන වෛද්‍ය උපදෙස් ලබා ගන්න මෙන් කාරුණිකව සිහිපත් කරමි.
එමෙන්ම ආයුර්වේද බෙහෙත් සඳහාද රජයේ අනුමත, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුවෙකු හමුවන මෙන් ඉල්ලා සිටිමි.
Source -FB..
ස්තූතියි.