ඉස්සර සමහර උන් දවසෙම ad බලනව සල්ලි හම්බ වෙනවා කියල. එක ඇත්ත සින් එකක්ද බන්??
ඕවායේ ඇත්ත හරියටම දැන ගන්න ඕනේ නම්
මුගේ චැනල් එක බලපන්.ඔය ඇඩ් ක්ලික් සයිට් හුගක් ඒවා ගැන මූ රිවීව් කරලා තියෙනවා.හම්බ කරන්න පුලුවන් ගානත් දල වශයෙන් කියනවා..බොහොම සොච්චම් මුදලක් ඕවායෙන් හොයන්න පුලුවන්.ඊට වඩා හොඳයි මොකක් හරි ෆීල්ඩ් එකක දෙයක් ප්‍රගුණ කරලා ඒකෙන් ගොඩ යන එක.
ක්‍රම මොනවද තියෙන්නෙ. දන්න අය කියාගෙන යන්
හොඳ පීසී එකක් එහෙම තියෙනවා නම්
මේ වගේ එකක් ට්‍රයි කරපන්..
-යූටියුබ් කරනවා නම් මේ වගේ එකකින් පටන් අරන් බලපන්..
-drawing timelapse videos - facebook/youtube
ආට් පැත්තේ අතපත ගාලා එක්ස්පීරියන්ස් තියෙනවා නම් මේක ට්‍රයි කරපන්..
ඩ්‍රෝවින් ඇප් තියෙනවා ඉන් බිල්ට් timelapse රෙකෝඩින් එන. brush එකෙන් ගහන හැම ස්ට්‍රොක් එකම ඌ ඉමේජ් එකක් විදියට රෙකෝඩ් කරගෙන ඒවා එකතු කරලා වීඩියෝ එකක් හදලා දෙනවා.
ex:
medibangpaint - Free - (මේකේ මොබයිල්,ඩෙක්ස්ටොප් වර්ෂන් දෙකේම timelapse recording ෆීචර් එක තියෙනවා.)
SketchBook - paid- (මේකේ මොබයිල් වර්ෂන් එකේ විතරයි timelapse recording තියෙන්නේ.ඩෙස්ක්ටොප් වර්ෂන් එකට නම් තර්ඩ් පාර්ටි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් යූස් කරන්න වෙයි.)... මේකේ පරණ වර්ෂන්(Version 8.7.1) එකක් තියෙනවා ෆ්‍රී ගන්න පුලුවන්.
පොටෝෂොප් පාවිච්චි කරනවා නම්
මේ ප්ලගින් එක ට්‍රයි කරන්න.මම ට්‍රයි කලේ නෑ කම්පටබල් පොටෝෂොප් වර්ෂන් එකක් ගන්න සල්ලිත් නෑ බන්.හොර කොපි දාලා ලැප් එකට කෙලව ගන්න බෑනේ.
උඩ තියෙන්නේ medibang paint desktop එකෙන් මම ඇදපු එකක්.
ඔය වගේ වීඩියෝ ටිකක් හදලා යූටියුබ් දාලා බලපන්..දැන් නම් ෆේස්බුක් එකෙත් චාන්ස් එකක් ඇවිත් නේ තියෙන්නේ.හරියන්න හරි වරදින්න හරි ට්‍රයි කරලා බලපන්.
මම නම් ඉස්සර ඩ්‍රෝවින් ටැබ්ලට් නැති කාලේ ඇගිල්ලෙන් අදින්නේ පෝන් එකට ඇප් එක දාගෙන.ලේසි නෑ ඉතින්.
දැන් ටැබ් එකක් ගන්න ලේසි නෑ.ටැබ් එකේ වටිනාකමින් 1/2ක් ටැක්ස් ගෙවන්න වෙලා තියෙන්නේ.
බිගිනර් කෙනෙකුට ඉතින් 6x4 ටැබ් එකක් වුනත් ඇති.
10x6 එකකට යන්න අදහසක් තිබ්බා. 13 ගානකට
මේක තිබ්බේ අලි එක්ස්ප්‍රෙස් එකේ. ලප ටැක්ස් එකට පින් සිද්ධ වෙන්න දැන් 20කට කිට්ටුවෙන්න ගෙවන්න වෙලා.
පීසී එකක් නැති වුනත් මේ ටැබ් එකක් පෝන් එකට කනෙක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්.හැබැයි හුගක් මොබයිල් ඇප්වල පෙන් ප්‍රෙෂර් එක සපෝට් නෑ කියලා අහලා තියෙන්නේ.
- ස්ටෝරි ටයිම් ඇනිමේෂන් හදලා ෆේස්බුක් යූටියුබ් දාන්න ඒකත් මරු.ඒවායේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් මූව්මන්ට් ඇනිමේට් කරන්න ඕනේ නෑ ,සාමාන්‍යය ටූඩී ඇනිමේෂන් වල වගේ..ඒ කියන්න මහන්සිය අඩුයි.
මේවා පොඩ්ඩක් බලපන්.
ස්කෙච්බුක් එකක් අරන් පැන්සලෙන් ඇදලා පොටෝ ගහලා වීඩියෝ එඩිට් වලදී ඉෆෙක්ට් ටිකක් දාන්න විතරයි තියෙන්නේ.
කොල වල අදින්න කම්මැලි නම් ,පෝන් එකෙන් කරන්න
flipaclip වගේ පොඩි ඇනිමේෂන් ඇප් එකක් වුනත් ඇති.
වෙලාව තියෙනවා නම්,මහන්සි වෙන්න පුලුවන් නම් කරලා බලපන්.දෙයක් පටන් ගන්නම ඕනේ හරියන්න හරි වරදින්න හරි.මොකුත් නොකරන ඉන්න එකාට මිනිස්සු හිනා වෙන්නේ නෑ,වරදින්න හරි කරන උන්ට තමයි හිනා වෙන්නේ.මේවා දැන් මම ට්‍රයි කරනවද කියලා අහන්න එපා.ඔය ඔක්කොම මම ට්‍රයි කරලා නෑ.මේ දවස් වල අර ඩ්‍රෝවින් ටයිම් ලැප්ස් වැඩේ මම පොඩ්ඩක් කරලා බැලුවා.ප්‍රතිගතියක් තියෙනවා.ෆේස්බුක් එහෙම කරනවා නම් TOP-TIER රටවල් ටාගට් කරන්න බලපන්.