වැඩේට මේවා එකතු කරගන්න
සමහර දෙමාපියන්ට කියන වෙලාවටම ළමයින්ට පාඩමට ලොග් වෙන්න දෙන්න බැරි වෙන්න පුළුවන් විවිද ප්‍රායෝගික හේතු නිසා එබැවින් පසුව වුවද ළමයින්ට ලොග් වෙන්න පුළුවන් වෙන්න හදන්න
අනික ටිචට පුළුවන් වෙන්න ඕනේ ළමයි ඔක්කොම එකවර මියුට් කරන්න හැබැයි පුලුවන්නම් හදන්න මියුට් කරන් ඉන්න අතරෙත් කතා කරන ළමයිව හොයා ගන්න විදියක්
( හිතන්න වීඩියෝ ඔන් කරලා නැති උනත් ළමයින්ගේ නම් ටික ඩිස්ප්ලේ වෙනවා හැම නමක් ලගම පොඩි ඉන්ඩිකේටර් 2ක් දානවා පොඩි ලයිට් එකක් පත්තු වෙනවා වගේ පෙන්නන්න කතා කරනකොටයි ඉන්න තැනින් නැගිටලා ගියොත් වගේ මේක සෑහෙන වැදගත් වෙයි ටිචර්ලාට ළමයින්ව පාලනය කරගන්න හා ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය රැක ගන්නත් )
ළමයි ලොග් වීම අනුව ළමයින්ගේ පැමිණීම ලකුණු වෙන විදියක්
( නියමිත වේලාවෙන් පසුව උනත් ලොග් වුනොත් පැමිණීමක් විදියට ලකුණු විය යුතුයි. නමුත් එය වෙනම ලකුණු වෙන්න ඕනේ )
ළමයි ගැන රිපෝර්ට් එකක් ටිචටත් දෙමාපියන්ටත් යැවෙන විදියක්
ඒකේ තියෙන්න ඕනේ මියුට් කරලා තියෙන වෙලාවෙත් කෑ ගහන අය, වීඩියෝ ඔෆ් කරලා පාඩම කරන තැනින් නැගිටලා යන අය, නියමිත වෙලාවට පාඩමට නොඑන අය, පාඩම් වලට පසුව හෝ සහභාගී නොවන අය, එසයිමන්ට් නොකරන අය ගැන, ඒ වගේම ටිචට එක එක ළමයින් ගැන රේටින් කරන ක්‍රමයක් හා අදහස් දක්වන්න ක්‍රමයක්
දෙමාපියන්ට ටිචට පණිවිඩයක් යවාගන්න ක්‍රමයක් ( ටිචට හා ආයතනයේ අයට පමණක් පෙනෙන පරිදි )
ළමයින්ට පාඩම යන වෙලාවේ අත උත්සන්න ප්‍රශ්නයක් රෙකෝඩ් කරලා ටිචට යවන්න, පාඩම සම්බන්ද කමෙන්ට් සෙක්ෂන් එකක්,
ඔප්ෂන් තුනක් ලකුණු කරන්න 1. පාඩම හොදටම තේරුනා 2. තේරුනෙම නැහැ 3. කොටසක් තේරුනේ නැහැ (මේක සදහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ) මේ ඔප්ෂන් ටිචට විතරක් පේන්න සකස් කරන්න අවශ්‍යයි ( ඒ වගේම ටිචට ඉහලින් ඉන්න අයටත් මේ සම්බන්ද රිපෝර්ට් එකක් යා යුතුයි.)
තව මතක් උනොත් දාන්නම්