Only In SL

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    yellow600.jpg





    ඡායාරූපයේ දැක්‌වෙන මෙම ස්‌ථානය කුරුණෑගල නගර සමීපයේ ප්‍රධාන මාර්ගයක රජයේ අත්‍යවශ්‍ය සේවා ස්‌ථානයක ඉදිරිපිට පිහිටා ඇත.

    කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ පුවක්‌ගස්‌ හන්දිය ස්‌ථානයෙන් පුත්තලම ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ඨ වන ප්‍රධාන අතුරු මාර්ගයේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය ඉදිරිපිට මෙම කහ ඉරි මෙසේ ක්‍රියාත්මකය.

    සෑම මාර්ගයකම කහ ඉරක්‌ සලකුණු කර ඇත්තේ අනතුරකින් තොරව මගී ජනතාවට නිදහසේ මාර්ගය හරහා මාරුවීම සඳහාය. එහෙත් මෙම ස්‌ථානයේ මාර්ගයෙන් මාරු වෙන මගීන්ට ඡායාරූපයේ දැක්‌වෙන ආකාරයට ඉදිරියෙන් සවිකර තිබෙන යකඩ වැට උඩින් පැන ගමන් කළ යුතුය. එසේ නැතහොත් යකඩ වැට ආසන්නයේ පදික වේදිකාවට පිවිසිය යුතුය.

    මෙම අපූරු මාර්ග සලකුණ සම්බන්ධව කුරුණෑගල මහ නගර සභාව, කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ නෙත් මෙතෙක්‌ යොමුවී නොමැත.




    divaina





    පුදුම වෙන්න දෙයක් නැහැ.ආසියාවේ ආශ්චර්ය නොවැ.:lol::lol::lol::P