onna Aanduwa 6 Billion wiyadam karala harak maduwak gahanawalu

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ethulata ewilla balapanko othana kiyawannethuwa................................
    මන්ත්‍රීවරැන් වෙනුවෙන් බිලියන 6 ක් වැය කොට මහල් නිවාස සංකීර්ණයක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපියල් බිලියන 6 ක වියදමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මේ සඳහා තලපත්පිටිය ප්‍ර දේශය මේ වනවිට තෝරාගෙන තිබේ. මීට අමතරව රැපියල් මිලියන 500 ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.

    මෙම ඉදිකිරීම් සම්බන්ධ කැබිනට් පත්‍රකාව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර එය ජනවාරි මස 07 වැනිදා අනුමත කර තිබෙන බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය කමිටු පත් කිරීමද සිදුකර ඇති බව වාර්තාවේ.

    අදාල මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි. නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර අදාල ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ.

    මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තාවෙයි. මාදිවෙල නිවාස සංකීර්ණයේ නොමැති පිහිනුම් තටාක, ඇවිදීම සඳහා වන පටු මාර්ග, අවන්හල් සහ ක්‍රීඩා පිටි මෙම සංකීර්ණයට ඇතුළත්ය. එසේම සියලුම නිවාස වායු සමනය කළ ඒවා වනු ඇතැයිද පැවසේ.

    1557624_604505656264778_608274209_n.jpg

    Source - ada.lk
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕවා මොනවද බං
    බලපන් අර බිලියන ගානක් වියදන් කොරලා නෙලුම් කුළුණ කියල පයියක් අටවන්නේ
    ලාබ නොලබන ව්‍යාපෘති කොච්චරක්ද
    අදිවේගී මාර්ගය, වරාය, නොරොච්චෝලේ, මත්තල අමතක කරමු
    බලපන්කො නෙලුම් කුළුණ , නෙලුම් පොකුණ, හම්බන්තොට නව ශාලාව, රේස් කෝස් සංවර්ධන වැඩසටහන, dutch hospital එක, නයිට් රේසිං වැඩසටහන...මේවා සේරම සීමා වෙන්නෙ 20% ක් වගේ ඉහල ආදායම් ලාබී වාහන හිමි සුළු කොටසකට විතරයි...ඉරිසියාවකට කියවනවා නෙවෙයි...මේවයේ වියදම් අන්තිමට පියවගන්න වෙන්නෙ ඒවාට එන සුළු පිරිසෙන් විතරක් නෙවෙයි...සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් පවා මේ පාඩු පියවන්නට යොදාගන්න වෙනවා
    කොළඹ නගරය අලංකාර වෙනවට අපිත් කැමති
    ඒක ඉතාම හොඳ ව්‍යාපෘතියක්
    ඒත් බලපල්ලා කොච්චර බොරු වියදම් ව්‍යාපෘති තියෙනවද කියල
    ඔය සල්ලි වලින් මුළු ලංකාවේම ඉස්කෝල වල lab, library සංවර්ධනය කරොත් ඒක ඔය කෝකටත් වඩා හොඳ දිගු කාලින ආයෝජනයක් වෙනවා
    ඒත් ඉන්න හොර රැල එක්ක ඒවා සුම්මා

    සංවාදයට සහ සෘන රෙප් වලට විවෘතයි :baffled:
     
    • Like
    Reactions: Sri_Sampath

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ෂාහ් මරු නේහ්..මාත් චන්දෙ ඉල්ලන්න ඕන..:)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113
    ඕවා මොනවද බං
    බලපන් අර බිලියන ගානක් වියදන් කොරලා නෙලුම් කුළුණ කියල පයියක් අටවන්නේ
    ලාබ නොලබන ව්‍යාපෘති කොච්චරක්ද
    අදිවේගී මාර්ගය, වරාය, නොරොච්චෝලේ, මත්තල අමතක කරමු
    බලපන්කො නෙලුම් කුළුණ , නෙලුම් පොකුණ, හම්බන්තොට නව ශාලාව, රේස් කෝස් සංවර්ධන වැඩසටහන, dutch hospital එක, නයිට් රේසිං වැඩසටහන...මේවා සේරම සීමා වෙන්නෙ 20% ක් වගේ ඉහල ආදායම් ලාබී වාහන හිමි සුළු කොටසකට විතරයි...ඉරිසියාවකට කියවනවා නෙවෙයි...මේවයේ වියදම් අන්තිමට පියවගන්න වෙන්නෙ ඒවාට එන සුළු පිරිසෙන් විතරක් නෙවෙයි...සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් පවා මේ පාඩු පියවන්නට යොදාගන්න වෙනවා
    කොළඹ නගරය අලංකාර වෙනවට අපිත් කැමති
    ඒක ඉතාම හොඳ ව්‍යාපෘතියක්
    ඒත් බලපල්ලා කොච්චර බොරු වියදම් ව්‍යාපෘති තියෙනවද කියල
    ඔය සල්ලි වලින් මුළු ලංකාවේම ඉස්කෝල වල lab, library සංවර්ධනය කරොත් ඒක ඔය කෝකටත් වඩා හොඳ දිගු කාලින ආයෝජනයක් වෙනවා
    ඒත් ඉන්න හොර රැල එක්ක ඒවා සුම්මා

    සංවාදයට සහ සෘන රෙප් වලට විවෘතයි :baffled:

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: kaushala1988