Opportunity Cost කියලා එකක් අහලා තියෙනවා ද ? එහෙම නැතුව ඉල්ලුම/සැපයුම අතර මිළ තීරණය වීම ගැන? ඒ ටික අපි මේ දින වල ඉන්ධන වෙළඳපොළට දාලා බලමු.
ඉන්ධන එන්නේ පාලන මිළකට. රජයේ පාලන මිළක් තියෙන්නේ. වෙළඳපොළ ඉල්ලුම සැපයුම අතර දෝලනය වෙලා තුලිත වෙච්චි මිලක් නෙවෙයි. ඒක මේ දවස් වල 450 යි කියමුකෝ පොදුවේ.
හැබැයි මේ ඉන්ධන දැන් සැපයෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. ඉල්ලුමට සරිලන්න ගෑවෙන්නත් මදි. රටේ වෙනදාට තිබුණ අවශ්‍යතාවයෙන් කාලක් වත් සපිරෙන්නේ නෑ.
හිතන්න, දවසකට රුපියල් 20,000ක් උපයන වෛද්‍යවරයෙක් තෙල් පෝලීමේ දවස් 2ක් හිටියොත්, ඔහුට උපයන්න තියන කාලය මේකට වැය කරන්නේ. එතකොට එහිදී ඔහුට අහිමි වන මුදල රුපියල් 40,000ක්. ඔහු පෝලිමේ සිටීම නිසා ඔහුට අහිමි වන මුදල තමයි Opportunity Cost කියන්නේ.
ඔහු තෙල් ලීටර 20 ක් ලබා ගත්තේ නම්, ඔහු ෂෙඩ් එකට ගෙවන මිල 450x20 = 9000/= යි. ඒ කියන්නේ තෙල් ලීටර් 20 වෙනුවෙන් ඔහු ගෙවා ඇති මුළු මුදල 49,000/=ක්. එනම් ලීටර් එකක් වෙනුවෙන් එය 2450/= ක්.
දැන් හිතන්න ත්‍රී වීල් රියැදුරෙකු , කූලි රථ සේවාවෙන් දෛනිකව ලබන ලාභය රුපියල් 2000/= ක් කියලා. ඔහු දවස් 2ක් පෝලිමේ සිටියොත් ඔහුගේ Opportunity Cost එක 4000/=ක්. තෙල් ලීටර 5ක් ගහ ගත්තොත් ගෙවන මිළ 2250/= යි. එතකොට අහිමි වූ ආදායම හෙවත් Opportunity Cost එක එක්ක මිළ 6250/= යි. එතකොට ලීටර් 1ක් වෙනුවෙන් ඔහු ගෙවා ඇති මිළ 1210/= යි.
දැන් ත්‍රී වීල් රථ රියැදුරෙකු තමන් ගත්ත තෙල් ටික ලීටර් එකක් 1500 ගානේ එළියේ විකුණුවොත්, ඒක ඔහුට ලාබයි හයර් දුවනවට වැඩිය. ඒ වගේම වෛද්‍යවරයාට ලාබයි දවස් 3ක් පෝළිමේ ඉන්නවාට වැඩිය.
ඕක තමයි හැබෑ ඉල්ලුම හා සැපයුම අතර මිළ හැදෙන විදිය. ෂෙඩ් එකෙන් කීයට විකුණුවත්, මෙච්චර අඩු සැපයුමක් තියෙන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙළඳපොළ තුල විකිණෙන්නේ වෙළඳපොළ හැසිරීම අනුව. ඒවා නීතී දාලා වෙනස් කරන්න බෑ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය.
මේ අර්බුදය ලොකු කාලයක් තියෙයි. අවුරුදු කීපයක්. අපි විසඳගන්න උත්සාහ කලොත් ගොඩ යයි. අරගලය ගෙනාවේ විසඳුමක් නිර්මාණය කරන්න. නමුත් රෙජීමය කෙසේ හෝ සිය ආරක්ෂාව තනා ගත්තා. හැබැයි ඒක ඉවර නෑ. ආයේ පණ ගහලා එනවා. අර්බුදය නිමා වෙන තුරු අරගලය මරන්න බෑ. අපිව මැරුවත් වෙන එවුන් හරි ඒක කරාවි. ඒක මේකේ ස්වභාවය. මේ අර්බුදයේ ස්වභාවය. රැල්ලේ දිශාව මාරු වෙන්න පොඩි කාලයක් යයි.
කොහොම උනත්, තෙල් වල වෙළඳපොළ මිළ ගොඩක් ඉහළ යෑම ප්‍රවහන වියදම් ඉහළ දාලා. දවස් තුනක් පෝළිමේ ඉඳලා තෙල් ගහ ගන්න ත්‍රී විල් රියදුරෙක් ඒ හම්බෙන තෙල් ලීටර් එකක මිළ වන රුපියල් 1210/= ට තමයි හයර් එකේ ගාණ කියන්නෙත්. එතකොට හයර් එකක ගාණ තුන් හතර ගුණයකින් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්.
තව දිගට හිතලා බලන්න.
පැතුම් කර්නර්