Out of control Chinese rocket re entry tracking

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    mokada wenne

    පාලනයෙන් ගිලිහුණු රොකට්ටුව පහළට එනවා​


    පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත.

    රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාමෙන් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකිනි.

    වායු ගෝලයට ඇතුළු වන රොකට් කැබැල්ල මූදට වැටුණහොත් එයින් කාටවත් අනතුරක් සිදු නොවන අතර, එය ගොඩබිම ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත.

    එහෙයින් ඒ ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමට ද නාසා ආයතනය පියවර ගෙන තිබේ.

    පොළොවට කඩා වැටීමට නියමිතව ඇත්තේ, මීට දින කීපයකට පෙර චීනය යැවූ රොකට්ටුවක කොටසකි.

    චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතී. එය 2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි.

    කඩා වැටෙන්නේ Long March 5B රොකට්ටුවට අයත් ටොන් 21 කට වඩා බරින් යුත් මීටර් 30 ක් පමණ දිග රොකට්ටුවේ බූස්ටර් කොටසය.

    මෙම කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වී තිබේ. එය පසුගිය දිනකීපය පුරා පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණු අතර දැන් එය පෘථිවි වායුගෝලයට පිවිසීමටත් ගිනිගෙන දැවෙමින් යළි පෙළොවට ඇදී ඒමටත් නියමිතය.

    වසර 30 කට පසු පොළොවටය පතිත වන දැවැන්තම රොකට්ටු කැබල්ල මෙය යැයි නාසා ආයතනය කියයි.

    රොකට් කැබැල්ලේ ගමන් දිශාව පිළිබඳ චීනය, ඇමෙරිකාව, රුසියාව සහ යුරෝපා රටවල් මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

    (බීබීසී)
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ලංකාව safe ද

    කියන්න බෑ :baffled: දැනට නම් පිලිපීන්ස් උඩින් තියෙන්නේ මුහුදට කඩන් වැටුනොත් නම් කාටවත් හානියක් නෑ :yes:

    අපිව පහුකරගෙන ගිහින් නෙ :baffled: ආය වටයක් ගහල එයිද දන්නේ නෑ

    ලංකාවට අව්ලක් නෑ. චන්දන ජයරත්න කිව්වා ගමන් පථය ලංකාව උඩින් නෑ කියල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City
    ලංකාවට අව්ලක් නෑ. චන්දන ජයරත්න කිව්වා ගමන් පථය ලංකාව උඩින් නෑ කියල
    1620479244364.png
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    Estimated time එන්න එන්න වැඩි වෙනවනේ. කලින් පැය 3 දැන් 8 වෙලා
     
    • Like
    Reactions: Stimulus mind