සාමාන්‍ය අවස්ථාවේදි මෙම overdrive ගියරය ON පිහිටීමේ ඇති අතර dashboard එකේ ඒ සම්බන්ධ
යෙන් කිසිවක් දර්ශණය වෙන්නෙ නෑ. නමුත් ඔබ O/D බොත්තම එබූ විට overdrive ගියරය ක්‍රියා විරහිත වීම සිදුවේ. මෙම අවස්ථාවේදි ඔබේ dashboard එකේ O/D off ලෙස බල්බයක් දර්ශණය වීම සිදුවේ
What happen when OD is engaged?
Overdrive ගියරය අපේ සාමාන්‍ය manual gearbox පද්ධතියේ 5 වන ගියරයට සමාන ගියරයක් ලෙස අපිට හඳුවන්න පුලුවන්. මෙහිදී gearbox කැරකවෙන වේගයට වඩා වැඩි වේගයකින් වාහනයේ එලවුම් රෝද (drive wheels) කැරකෙන අතර කැරකුම් බලය අඩුවන නමුත් වාහනයේ වේගය වැඩි වේ. මෙහි ප්‍රතිපලය වන්නේ එන්ජිමේ RPM එක අඩුවී අඩු ඉන්ධන ප්‍රමාණයකින් වේගය පවත්වා ගැනීමයි. මේ අනුව බලන කල විශේෂ අවස්ථා කිහිපයකදී හැර අනිත් සෑම විටම overdrive ගියරය ON කර තිබිය යුතුයි.
එසේනම් අපි බලමු overdrive ගියරය ක්‍රියා විරහිත කලයුතු අවස්ථා මොනවද කියල. සාමාන්යෙන් කඳු සහිත පෙදෙසක හෝ වෙනත් භාරයක් දරාගෙන යනවිට එන්ජිමේ වේගය තැනිතලාවේ එම ගියරයේ ඒ වේගයට සාපෙක්ෂව වැඩිවන්නට පුලුවන්. මෙවිට සාමාන්යෙන් ඊලඟ ගියරට මාරුවන නමුත් මෙම අවස්ථාවේදි එය සිදු නොවිය යුතුයි. එම නිසා මෙවන් අවස්ථාවකදී overdrive ගියරය OFF කිරීම කල යුතුයි. අනෙත් අවස්ථාව නම් දීර්ඝ පල්ලමක බැසීමයි. සාමාන්යෙන් පල්ලමක ගමන් කිරීමේදි ගුරුත්වාකර්ෂන බලය නිසා වාහනයේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. බොහෝ රියදුරන් මෙවිට වේගය පාලනය තනිකරම තිරිංග මතම සිදු කිරීම දකින්න පුලුවන්. මෙය ඇත්තටම අන්තරාදායක වෙන්න පුලුවන්. ඒ අනුව බෑවුමකදී overdrive ගියරය OFF කිරීම හෝ බෑවුම අනුව ඊටත් පහල ගියරයකට downshift කිරීම තුලින් එන්ජිමේ ප්‍රථිරෝධය (engine break) වාහනයේ පාලනයට යොදා ගැනීම ඉතා වැදගත්.
මේ ආකාරයෙන් සුදුසු පරිදි ඔබේ automatic gearbox එකේ ගියර් පාලනය කිරීමේ එහි කල් පැවැත්ම වගේම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඔබේ ආරක්ෂාව වැඩි කරගන්න පුලුවන්. මේ ලිපිය පිලිබඳ ඔබේ අදහස් කියල කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
යෙන් කිසිවක් දර්ශණය වෙන්නෙ නෑ. නමුත් ඔබ O/D බොත්තම එබූ විට overdrive ගියරය ක්‍රියා විරහිත වීම සිදුවේ. මෙම අවස්ථාවේදි ඔබේ dashboard එකේ O/D off ලෙස බල්බයක් දර්ශණය වීම සිදුවේ What happen when OD is engaged?
Overdrive ගියරය අපේ සාමාන්‍ය manual gearbox පද්ධතියේ 5 වන ගියරයට සමාන ගියරයක් ලෙස අපිට හඳුවන්න පුලුවන්. මෙහිදී gearbox කැරකවෙන වේගයට වඩා වැඩි වේගයකින් වාහනයේ එලවුම් රෝද (drive wheels) කැරකෙන අතර කැරකුම් බලය අඩුවන නමුත් වාහනයේ වේගය වැඩි වේ. මෙහි ප්‍රතිපලය වන්නේ එන්ජිමේ RPM එක අඩුවී අඩු ඉන්ධන ප්‍රමාණයකින් වේගය පවත්වා ගැනීමයි. මේ අනුව බලන කල විශේෂ අවස්ථා කිහිපයකදී හැර අනිත් සෑම විටම overdrive ගියරය ON කර තිබිය යුතුයි.
එසේනම් අපි බලමු overdrive ගියරය ක්‍රියා විරහිත කලයුතු අවස්ථා මොනවද කියල. සාමාන්යෙන් කඳු සහිත පෙදෙසක හෝ වෙනත් භාරයක් දරාගෙන යනවිට එන්ජිමේ වේගය තැනිතලාවේ එම ගියරයේ ඒ වේගයට සාපෙක්ෂව වැඩිවන්නට පුලුවන්. මෙවිට සාමාන්යෙන් ඊලඟ ගියරට මාරුවන නමුත් මෙම අවස්ථාවේදි එය සිදු නොවිය යුතුයි. එම නිසා මෙවන් අවස්ථාවකදී overdrive ගියරය OFF කිරීම කල යුතුයි. අනෙත් අවස්ථාව නම් දීර්ඝ පල්ලමක බැසීමයි. සාමාන්යෙන් පල්ලමක ගමන් කිරීමේදි ගුරුත්වාකර්ෂන බලය නිසා වාහනයේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. බොහෝ රියදුරන් මෙවිට වේගය පාලනය තනිකරම තිරිංග මතම සිදු කිරීම දකින්න පුලුවන්. මෙය ඇත්තටම අන්තරාදායක වෙන්න පුලුවන්. ඒ අනුව බෑවුමකදී overdrive ගියරය OFF කිරීම හෝ බෑවුම අනුව ඊටත් පහල ගියරයකට downshift කිරීම තුලින් එන්ජිමේ ප්‍රථිරෝධය (engine break) වාහනයේ පාලනයට යොදා ගැනීම ඉතා වැදගත්.
මේ ආකාරයෙන් සුදුසු පරිදි ඔබේ automatic gearbox එකේ ගියර් පාලනය කිරීමේ එහි කල් පැවැත්ම වගේම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඔබේ ආරක්ෂාව වැඩි කරගන්න පුලුවන්. මේ ලිපිය පිලිබඳ ඔබේ අදහස් කියල කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ethakotanan torque eka adui. Ekai man kiwwe normal speed normal torque ekak thiyenna oni kiyala 