overdrive ගියරය

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
සාමාන්‍ය අවස්ථාවේදි මෙම overdrive ගියරය ON පිහිටීමේ ඇති අතර dashboard එකේ ඒ සම්බන්ධ යෙන් කිසිවක් දර්ශණය වෙන්නෙ නෑ. නමුත් ඔබ O/D බොත්තම එබූ විට overdrive ගියරය ක්‍රියා විරහිත වීම සිදුවේ. මෙම අවස්ථාවේදි ඔබේ dashboard එකේ O/D off ලෙස බල්බයක් දර්ශණය වීම සිදුවේ
What happen when OD is engaged?
Overdrive ගියරය අපේ සාමාන්‍ය manual gearbox පද්ධතියේ 5 වන ගියරයට සමාන ගියරයක් ලෙස අපිට හඳුවන්න පුලුවන්. මෙහිදී gearbox කැරකවෙන වේගයට වඩා වැඩි වේගයකින් වාහනයේ එලවුම් රෝද (drive wheels) කැරකෙන අතර කැරකුම් බලය අඩුවන නමුත් වාහනයේ වේගය වැඩි වේ. මෙහි ප්‍රතිපලය වන්නේ එන්ජිමේ RPM එක අඩුවී අඩු ඉන්ධන ප්‍රමාණයකින් වේගය පවත්වා ගැනීමයි. මේ අනුව බලන කල විශේෂ අවස්ථා කිහිපයකදී හැර අනිත් සෑම විටම overdrive ගියරය ON කර තිබිය යුතුයි.
එසේනම් අපි බලමු overdrive ගියරය ක්‍රියා විරහිත කලයුතු අවස්ථා මොනවද කියල. සාමාන්‍යෙන් කඳු සහිත පෙදෙසක හෝ වෙනත් භාරයක් දරාගෙන යනවිට එන්ජිමේ වේගය තැනිතලාවේ එම ගියරයේ ඒ වේගයට සාපෙක්ෂව වැඩිවන්නට පුලුවන්. මෙවිට සාමාන්‍යෙන් ඊලඟ ගියරට මාරුවන නමුත් මෙම අවස්ථාවේදි එය සිදු නොවිය යුතුයි. එම නිසා මෙවන් අවස්ථාවකදී overdrive ගියරය OFF කිරීම කල යුතුයි. අනෙත් අවස්ථාව නම් දීර්ඝ පල්ලමක බැසීමයි. සාමාන්‍යෙන් පල්ලමක ගමන් කිරීමේදි ගුරුත්වාකර්ෂන බලය නිසා වාහනයේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. බොහෝ රියදුරන් මෙවිට වේගය පාලනය තනිකරම තිරිංග මතම සිදු කිරීම දකින්න පුලුවන්. මෙය ඇත්තටම අන්තරාදායක වෙන්න පුලුවන්. ඒ අනුව බෑවුමකදී overdrive ගියරය OFF කිරීම හෝ බෑවුම අනුව ඊටත් පහල ගියරයකට downshift කිරීම තුලින් එන්ජිමේ ප්‍රථිරෝධය (engine break) වාහනයේ පාලනයට යොදා ගැනීම ඉතා වැදගත්.
මේ ආකාරයෙන් සුදුසු පරිදි ඔබේ automatic gearbox එකේ ගියර් පාලනය කිරීමේ එහි කල් පැවැත්ම වගේම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඔබේ ආරක්ෂාව වැඩි කරගන්න පුලුවන්. මේ ලිපිය පිලිබඳ ඔබේ අදහස් කියල කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    අඩු ඉන්දන ප්‍රමාණයකින් ධාවනය වෙනවා කියන එක නං පිළිගන්න බෑ. Torque එක වැඩියි එන්ගිමට දෙන්න ඕනි බලය වැඩියි. ඉන්දන පිරිමැහෙන්නේ සාමාන්‍යය torque සහ සාමන්‍යය වේගය තියන අවස්ථාවේ :eek:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අඩු ඉන්දන ප්‍රමාණයකින් ධාවනය වෙනවා කියන එක නං පිළිගන්න බෑ. Torque එක වැඩියි එන්ගිමට දෙන්න ඕනි බලය වැඩියි. ඉන්දන පිරිමැහෙන්නේ සාමාන්‍යය torque සහ සාමන්‍යය වේගය තියන අවස්ථාවේ :eek:
    :dull::nerd::nerd::nerd:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    අඩු ඉන්දන ප්‍රමාණයකින් ධාවනය වෙනවා කියන එක නං පිළිගන්න බෑ. Torque එක වැඩියි එන්ගිමට දෙන්න ඕනි බලය වැඩියි. ඉන්දන පිරිමැහෙන්නේ සාමාන්‍යය torque සහ සාමන්‍යය වේගය තියන අවස්ථාවේ :eek:

    OD eke yaddi Torque eka aduine ban :cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    OD eke yaddi Torque eka aduine ban :cool:

    Ehenan cruising speed ekaka inna oni :) ethakotanan torque eka adui. Ekai man kiwwe normal speed normal torque ekak thiyenna oni kiyala :) Sorry man liyala thiyena eka kiyoona ekekta therenne waradi widihata :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩු ඉන්දන ප්‍රමාණයකින් ධාවනය වෙනවා කියන එක නං පිළිගන්න බෑ. Torque එක වැඩියි එන්ගිමට දෙන්න ඕනි බලය වැඩියි. ඉන්දන පිරිමැහෙන්නේ සාමාන්‍යය torque සහ සාමන්‍යය වේගය තියන අවස්ථාවේ :eek:

    125jfv9.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest

    හැම එන්ගිමකටම best cruising speed එකක් තියෙනවා. අන්න එකේදී තමා OD එක දාගන්න ඕනි. නැත්තන් low ස්පීඩ් වලදී ඕක උනාට වැඩක් නෑ. torque සහ speed graph දෙක කැපෙන තැනදී තමා ඕක වෙන්න ඕනි. low speed වලදී OD ඔන් කරන් යද්දී තෙල් කරනවා අඩු වෙනවා තවත් මගේ දැනුමේ හැටියට :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda

    ගියර් පෙට්ටිය පුල් ඹ‍ටො උනාම low speed වලදි පහට වැටෙනවද?:eek::eek::eek:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    ගියර් පෙට්ටිය පුල් ඹ‍ටො උනාම low speed වලදි පහට වැටෙනවද?:eek::eek::eek:

    එක එක එව්වා එක එක වගේ බන්. OD වල auto switching system තියනවා සමහරක් එව්වගේ නැ. ඔය හැම වහනේකම OD scene එක මටනං එක එක වගේ. ගොඩක් වාහන වල OD වලට දාපුවාම gear එක යටට කැඩිලා ඉස්සර කරන්න අවශ්‍යය බලය දෙනවා වගේ scene එකක් මට තේරුනේ. ඒ උනත් ජංජාලේ තියෙන්නේ වෙන එකක්. I'm confused :eek:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Watch That Little OD Light
    Virtually all manual and automatic transmissions have an overdrive gear that can be employed to save fuel. It's usually the highest-numbered gear (or gears), and it lets the engine run at a slower speed (or lower rpm) while the car maintains the same road speed.
    If you're looking to save gas, get into an overdrive gear as soon as possible and stay there until you need the extra power afforded by a lower gear.
    With an automatic transmission, a lot of that decision making is out of your hands. Automatics tend to move to the highest gear on their own, precisely to save fuel; at cruising speeds, overdrive (OD) kicks in. But you can shift into and out of OD. On newer cars, it's usually done via a button on the shift lever. Typically, an "OD" light illuminates in the instrument panel when an automatic is shifted out of OD. If you have inadvertently shifted out of OD, press the button to get back in for optimal fuel economy.
    Many modern automatic transmissions allow drivers to change gears manually by moving the shift lever through a separate gate. This doesn't duplicate the degree of gear control afforded by a manual transmission, but it will allow you to select a lower gear for more throttle response. Doing so increases engine rpm and burns more gas. For best fuel efficiency, shift into the highest gear whenever possible or simply shift into Drive and let the automatic do what it's designed to: Select the most economical gear at each step of the way.

    http://money.howstuffworks.com/personal-finance/budgeting/how-to-drive-economically7.htm

    හැම වෙලේම ඔය රෙද්ද දාගෙන යන්න එපා. crusing speed වලදී විතරක් දාගෙන යන්න :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    එක එක එව්වා එක එක වගේ බන්. OD වල auto switching system තියනවා සමහරක් එව්වගේ නැ. ඔය හැම වහනේකම OD scene එක මටනං එක එක වගේ. ගොඩක් වාහන වල OD වලට දාපුවාම gear එක යටට කැඩිලා ඉස්සර කරන්න අවශ්‍යය බලය දෙනවා වගේ scene එකක් මට තේරුනේ. ඒ උනත් ජංජාලේ තියෙන්නේ වෙන එකක්. I'm confused :eek:

    kik down function කියන්නේ gear එක යටට කැඩිලා ඉස්සර කරන්න අවශ්‍යය බලය දෙනවා කියන සීන් එකට නේද?
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    ooke amuthuwen daanna kiyala deyak na ban. Kandak adinna, pallam bahinna, wangu wadi roads wala yanna, godak overtake kara kara yanna onnenam wage welawal waladi arenna ooka ON ekema thiyaganin, kathaawa iwarai :)
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    dan aluthin ena ewawala oka na neda ban?matanam parana ewa wala misak aluth ewa walanam set welama na