ඉස්කූටර තුරඟා පිට
පෙළහර ලන
කුමරා දැක
හද තැලුණි ද මගේ පුංචි සුරංගනාවී
උපතින් ලද
තටු යුවළද
අමතක කර තුරඟු පිටට
ඉගිලෙන්නට යන්නේ ඇයි නුඹ අහසේ බව දැන දැන
ආදරයෙන් ඔකඳ වෙලා
මල් පෙති ගත තලා පෙලා
බඹර කුමරු යන්න ගියත්
පාරමිතා පුරනු එපා මතු නොම එන කුමරු පතා
ඉරුණු තටු පිරියම ට
ආදරාලේපය ට
තැලුණු සිත සදන්නට
හද රළුය දරුණුව ට
කැඩුණු තටු අකුලගෙන
අහිමි පෙමට බඹුන් වඩා
ඔද්දල් හිත තව තලෙන්න
ඉඩ නොදෙන්න මගේ පුංචි
සුරංගනාවී. . . .