Oyage Phone eke Vibrating sadde wadida?eka karadarayakda?

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    හා කට්ටිය කොහොමද?මේ දවස්වල මට දවසෙම වගේ කලාස් :frown: එපා වෙනව!!!ඒකයි වැඩිය ඊකේ බහින්න වෙන්නෙ නැත්තෙ.
    මම ලගදි තව පෝන් 1ක් ගත්ත,චයිනිස් ලාබෙට තියන 1ක්.‍අලුතෙන් ගත්ත එකනෙ,දැන් ඒක තමයි අතේ තියන් යින්නෙ.:cool: ඹන්න ඉතින් වෙනද වගේ කලාස් 1ඒ පස්සෙම පේලියේ ("බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි" තාත්ත යමින් එමින් අම්මට එහෙම කියනව මට ඇහිල තියනව :lol:) සැපට නින්දක් දාගෙන ඉද්දි එකපාරම මගෙ සද්දන්ත සරීර කූඩුවම නිකන් දෙදරාගෙන යනව වගේ මට නින්දෙන්ම තේරුනා......:eek: හත්තිලවුවයි,2012ට තව අවුරුදු 2ක් තියෙද්දි අද මේ වෙන්න හදන වින්නැහිය මොකද්ද?:sorry: නින්ද බල්ලට දාල දඩස් ගාල (සද්දයක් ආවෙ නෑ හොදේ ;) ) නැගිට්ට.අම්මටහුඩු මගෙ පෝන් 1අ වයිබ්රේටින්!!:growl::baffled: ඒක දෙදරන හඩ මුලු ප්‍රාන්තයටම ඇහිල.ඒකෙ වයිබ්රේට් වෙන සද්දෙ රිගින්ටෝන් එකටත් වඩා සද්දෙයි
    .ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ, ලගපාත පේලි වල උන් කන්නවගේ මගේ දිහා බලන් :shocked: එකෙක් කියාපි "අඩෝ උබෙ බබා අඩනව නලවගනින්"කියල.:angry:උගෙ අම්මටත් පින්දිල,දැන් මට කෝල් කරන එකාටත් පිත් දෙන්න හිතන් සාත්තුවට අමාරුවෙන් අත දාල පෝන් 1අ ගත්ත.මල හත්තිලවුවයි කෝල් 1අ අම්මගෙන්!!! :baffled:

    ඹය සිද්දියෙන් පස්සෙ මම හිටියෙ මේ ලෙ‍‍ඩේට උත්තරයක් හොය හොය..........මෙන්න ‍බොලේ අපෙ තාත්තගෙ රුවන් වැකිය("බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි") සනාත කරමින් මට හෙන ගොන් අයිඩියා 1ක් ආව!!!:cool:

    මේක ඉතින් ඒතරම් ලොකු දෙයක් නෙමෙයි!!! සමහරවිට ඔයාල දන්නවත් ඇති.
    ගොඩක් චයිනිස් පෝන් වල(සමහර විට චයිනිස් නොවන ඒවයිත්) සයිලන්ට් දාන්න බෑ.දාන්න පුලුවන් වයිබ්රේට් විතරයි.වයිබ්රේට් දැම්මත් ඒ සද්දෙ රිගින්ටෝන් 1ට වාඩා සද්දෙයි කියල චයිනිස් පෝන් යූස් කරන ඹයාල අත්දැකීමෙන්ම දන්නව ඇතිනෙ.අන්න ඒවගේ පෝන් සයිලන්ට් කරන්න පොඩි ටිරික් 1ක් කියල දෙන්න තමයි මම මේ හදන්නෙ.......

    *ඉස්සෙල්ලම කිසිම සද්දයක් නැති සවුන්ඩ් ට්රැක් 1ක් හදාගන්න.ඒකට jetAudio 1න් සවුන්ඩ් රෙකෝඩ් 1ක් දාගෙන හදාගන්න පුලුවන්.නැත්නම් මම මේ පොස්ට් 1ත් එක්ක Attach කරල දෙන්නම්.

    *ඊට පස්සෙ ඒ සවුන්ඩ් ට්රැක් 1අ පෝන් මෙමරියට හරි චිප් 1ට හරි දාගන්න.

    *දැන් ඹයා යූස් නොකරන ‍ප්‍රොරොෆයිල් 1ක‍ට ගිහින් Customize (පෝන් 1න් පෝන් 1ට වෙනස් විය හැක) යන්න,

    *Tone setup ගිහින් ඹයා කොපි කල සවුන්ඩ් ට්රැක් 1අ රිගින්ටෝන් 1අ විදියට තෝරගන්න.

    *Alert type 1අ විදියට Ring only ‍තෝරන්න.

    *අනිත් settings ඹයාලට කැමති විදියට හදාගත්තට කමක් නෑ


    ඹන්න දැන් හරි,දැන් ඹයා එඩිට් කල ප්‍රොරොෆයිල් 1ක‍ Activate කරල වෙන පෝන් 1කින් රින්ග් කරල බලන්න....පෝන් 1අ සද්ද නැතුව රින්ග් වෙයි... හිකිස්!!! :lol:
    මේ ක්‍රරමයම SMS වලටත් යූස් කරන්න පුලුවන්......

    එ‍හෙනම් කට්ටියටම සුභ දවසක් වේවා....!!! :yes:
     

    Attachments

    • SMS tone.zip
      81 KB · Views: 160

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    එල එල සුබ අනාගතයක් අශ්චර්යමත් අදහසක්