Oyath mehemada..??

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    •වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
    •වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

    •වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
    •වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

    •වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
    •වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

    •වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
    •වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

    •වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
    •වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

    •වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
    •වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

    •වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
    •වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

    ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනාඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...
    කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය...

    - FB උපුටා ගැනීමකි -

    සලකලා යන අයට ෙපරලා පහර ෙදනු ලැෙබ්
    සහතික ඇත්ත. ඇත්තටම කියනවනම් 2000 වෙනකොට ඔය විනාශය පටන් ගෙන ඉවරයි. මගේ මතකය නිවැරදි ලංකාවට මුලින්ම TV වයිරසයයේ ආගමනය මෙගා ටෙලිනාට්‍යයයි. ශාන්ති වැනි ඉන්දිය මෙගා නාට්‍ය වලින් ආරම්බ වු ඒ අදුරු යුගයේ අප තාමත් ගිලී සිටියි.

    ඒ වගේම සියළු දේම සාපේක්ෂයි කියනවනේ...කොහොම උනත් පවුද්ගලිකව මට මන් ගැන ආඩම්බරයි. ඔබ සදහන් කල වසර 2000ට පෙර දැලි රැවුල් පරම්පරාවේ සාමාජිකයෙකු ලෙස ඒ සියල්ල ඒ අයුරින්ම අත් විදි බව නම් සත්‍යකි. නමුත් නූතන පරම්පරාව වැටුනු තැනට වඩා ගැඹුරු හෙලකට ඉදිරි පරම්පරාව තල්ලු වීගෙන යන මේ පාපකර්මයේ උප්පැන්න සහතිකේට නම දෙන්න තමුන්ගේ ළමයි එක්ක තමුනුත් බෑන් චූං ගහන දෙමව්පියෝ වෙනවද, එහෙම නැත්නම් තමුන්ගේ ළමයාට ළමා ලෝකයක් හදලා දෙනවද කියන එක ගැන දෙවරක් හිතන්න කාලය ඇවිල්ලා.

    දැන්වත් හරි දේ අරගෙන වැරදි දේ අයින් කරලා, හීන ලෝකෙන් මිදිලා තමන්ට ඔරොත්තු දෙන තමන්ගේ සංස්කෘතිය තුල ඉදගෙන ප්‍රායෝගික මිනිස්සු වෙමු කියලා ඉල්ලනවා. එත් පරක්කු වැඩිද මන්ද?


    දින කීපයකට කලින් මම නූලක් දැම්මා Elakiri Joke සෙක්ෂන් එකේ. <http://www.elakiri.com/forum/showthread.php?t=1527525> ඇත්තටම මට ඒ post එකෙන් සමාජයට කියන්න අවශ්‍ය වුනේ ඔබේ මේ කතාවමයි. අවංකවම මේක මම අත්විදපු සිද්දියක්... අර්ථ, භාව සහ ශ්රුන්ගාර රසයන් එක්වූ විට දිග කතාවක් නිර්මාණය වුවද මෙය කෙටියෙන් පලකලා නම් මා හට බොහෝ Rep ලබාගැනීමේ හැකියාව තිබුනත්, මට අවශ්‍ය කලේ යම්කිසි පණිවිඩයක් දෙන්න. ඒක එසේම වුවාදැයි මා ඔබෙන් දැනගැනීමට කැමැත්තෙමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් සම්පූර්ණ ඇත්ත බං.. තාක්ෂණේ දියුණු වෙච්ච එක නරකයි කිව්වොත් මං වැරදියි.. මොකද ඒකෙන් ගොඩ දෙනෙක්ට එදිනෙදා වැඩ කරගන්න පහසුවක් වුණා.. ඒත් හොඳක් උනා වගේම ඊට වඩා ප්‍රබල විදියට ඕකෙ අයහපත බලපෑවා කියලයි මටනම් හිතෙන්නෙ.. ඒක අපි තාක්ෂණය පාවිච්චි කරන ක්‍රමයෙ වැරද්දද, තාක්ෂණයෙ වැරැද්දක කියලා හරියටම කියන්න මං දන්නෑ.. ඒ කොහොම උනත් දැන් කාලෙ පොඩි එවුන්ගෙ මොලගෙඩි විකාර වලින් පිරිලා තියෙන්නෙ.. අන්තර්ජාලය, පරිඝණක ක්‍රීඩා නිසා එයාලා ජීවත් වෙන්නෙ වෙනස්ම ලෝකයක..

    උඹ කියල තියෙනව වගේ මම ඉස්සර පට්ට ආසයි රූපවාහිනියෙ යන ලමා වැඩසටහන්, කාටූන් එහෙම බලන්න.. ඉස්සර නෙමෙයි අදටත් ආසයි..

    ඒ වගේම ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නෙ හතර වටේ ඉන්න සෙට් එකත් එක්ක මැච් එකක් ගහන සිහියෙන්.. කන්නෙ බොන්නෙත් නැතුව අම්මගෙන් බැනුම් අහගෙන යනවා බැට් එකත් උස්සගෙන කට්ටියත් සෙට් කරන් සෙල්ලම් කරන්න.. එන්නෙ හැන්ද වෙලා.. තාත්තා ආපු ගමන්ම බර බරේ.. පාඩම් කරන්නෑ.. කන්නෑ.. බොන්නෑ.. අරවද මේවද..

    දැන් කාලෙ පොඩි එවුන්ට ඔය වගේ සුන්දර ළමාකාලයක් නෑ.. ඒ ගැන නම් කියන්නත් දුකයි.. උන් ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් කරන්නෙ ෆේස්බුක් යන එක.. එහෙමත් නැත්තං ගේමක් ගහන එක.. ක්ලාස් යනවා කියලා ඉන්ටර්නෙට් කැෆේ ගානෙ යනවා.. එතනින් ඉගෙනීමත් ඉවරයි..

    දැන් කාලෙ හැදෙන පොඩි එකෙකුට ඇඟපත වෙහෙසලා ලොවෙත් වැඩක් කරන්න බෑ.. විනාඩි දහයක් යද්දි ක්ලාන්ත වෙලා බිමට කඩාගෙන වැටෙනවා.. හදිස්සියකට දුවගන්නවත් බෑ.. ඒ වගේම සෞඛයට අහිතකර බලපෑමුත් බොහොමයක් තියෙනවා..

    ඕකට ඉතිං තාක්ෂණයෙ වැරැද්දමයි කියන්නත් අමාරුයි.. හැමදෙයක්ම නිසි පාලනයක් ඇතුව කරනවා නම් හරි..
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    ඒ ජීවිතය හරිම සුන්දරයි තවම ඒ අතීතය මතක් වෙනකොට හිතට අමුතු මිහිරක් දැනෙනව.

    දොස්තර හොදහිතල රොබින්හුඩිල නයිටිරයිඩර්ල විනොද සමයෙ අමාරිස් මාමල ශනිදා සාදයේ ප්‍රේම කීර්ති මාමල ආයුබෝවන් වාසනාවන් කියල ඔව් නෑ බෑ තරගය පටන් ගන්න ලලිත් එස් මෛර්‍තපාල මාමල එක්ක ගෙවපු සුන්දර අතීතය තවමත් සුවදයි