formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
ඉස්සර දවසක් තිබුණා, මගේ ළඟ උණුසුමත් ආලෝකයත් තිබුණ.
එදා ඔයා මට තුරුළු වෙල මගෙත් එක්ක පෙම් බස් මිමිණුවා.
ලස්සන ලෝකයක් අපි දෙන්න එකතු වෙලා ගොඩ නැඟුවා.
කාලය හෙමින් ගත වුණා. ටික ටික මගේ ළඟ තිබුණ ආලෝකය අඩු වුණා.
අලෝකය අඩුවෙන කොට උණුසුමත් අඩු වුණා.
එත් අඳුරට පායපු සඳ එළියෙන් අමුතු සුන්දරත්වයක් අපේ ආදරයට එකතු වුණා.
ඒ සුන්දරත්වයට විල් තලාවෙ කුමුදු මල් පිපී හිනහෙන්න වුණා.
නමුත් ඔයාට උවමනා වුණේ උණුසුමයි ආලෝකයයි.
ඉතිං ඔයා හිරු සොයා ගෙන ගියා. ඔයාට යන්න ඉඩ දෙනවා ඇර මටත් කරන්න වෙන දෙයක් තිබුනෙ නෑ.
ඔයා යන පාරා දිහා මම බලාගෙන හිටියා. නොපෙනී යනකන්ම.
දන්නෙ නෑ ඔයාගේ ගමනෙ මම කීවෙනි නැවතුමද කියලා.
හිරු වෙත ඔයා යන ගමනෙ තව නැවතුම් කීයක් ඔයාට තියේවිද කියලත්.
ඒත් මම ඔයා එනතුරු තවමත් බලාගෙන ඉන්නවා.