pakisthan refugees !!!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදෙස් රටක සරණාගත තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට පත් සැකකාර විදේශිකයන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ඊයේ (08දා) නියෝග කළේය.



    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පාකිස්ථාන ජාතික පුද්ගලයන් දෙදෙනෙකුය. සැකකාර පකිස්තානු ජාතිකයන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ සරණාගත කඳවුරක පදිංචි අගතියට පත් 18 හැවිරිදි පාකිස්තාන ජාතික තරුණියක සිටි නිවසට පෙරේදා (07දා) පැමිණ ඇති අතර, සැකකරුවකු විසින් ඇයව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියදී අනෙක් සැකකරු විසින් තරුණිය අපයෝජනය කර ඇති බව ගල්කිස්ස පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේය.

    අපයෝජනයට ලක්වූ තරුණිය හා සැකකරුවන් දෙදෙනා පාකිස්ථාන ජාතිකයන් වන හෙයින් ඔවුන්ගේ මවු භාෂාව වන උර්දු භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇති භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගෙන තරුණියගේ හා සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ ලබා ගත් බවත්, සැකකරුවන් දෙදෙනා තරුණියගේ පියාගේ යහළුවන් වන අතර, අගතියට පත් විදේශීය තරුණිය කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කරන බවත් ගල්කිස්ස පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේය.

    සැකකරුවන් දෙදෙනා සම්බන්ධව පොලිසිය විසින් පකිස්තානු තානාපති කාර්යාලයට දැනුම් දී මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

    - දිලංඟා ගෝමස් -
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    පකිස්තානේ හිටියනම් ඕකි වැරදි වෙලා, තාත්තගෙ අතින් මැරුම් කන්න වෙනවා. මුස්ලිම් නම්, මුස්ලිම් නෙමේ නම් පල්ලියෙන් උස්සන් ගිහින් ටික දවසකින් මර්ණවා
     

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    හොඳ හොඳ රචනා ටිකක් බලන්න තිබුන කලින් ආණ්ඩුව තිබුන කාලෙ මෙහෙම දෙයක් උනානම් :LOL:
     
    • Haha
    Reactions: Mr.Lokka