Pancake mix එකක් ගෙදර නැත්තන් විනාඩි 15න් pancake හදන්නෙ මෙහෙමයි.
Gym එකට යන කෙනෙක්නන් protein scoop 1ක් දාලා හදාගත්තම සුපිරියට calory ගාන සෙට් වෙනව. practice එක තියෙනවනන් විනාඩි 15න් හදන්න පුලුවන්. maggy වගේ කෘතිම දේවල් පොඩි වෙලාවකින් හදනවට වැඩිය මේක හොඳයි.
Nutrition Info: Amount Per 1 pancake (6" dia) (77 g)
Calories 175
Total Fat 7 g
Cholesterol 45.4 mg
Total Carbohydrate 22 g
Protein 4.9 g
Rich in Iron
Protein එකතු කරනවනන්
Protein 12~13g
Approx. 190~210 calories
මේ list එකේ එකක්වත් හරියට මනින්න ඕන නැ. ගෙදර තියෙන සාමාන්‍ය දේවල් ටිකක් විතරයි ඕන වෙන්නෙ.
- පිටි කෝප්ප 1 යි (All purpose flour)
- සීනි මේස හැඳි 2යි
- බේකින් පව්ඩර් මේස හැඳි 2යි
- ලුණු මේස හැඳි 1යි
- කිරි කෝප්ප 1යි/කිරි නැත්තන් වතුර
- බිත්තර 1යි
- බටර් මේස හැඳි 2ක් (කුඩාවට කැපු කැලි 2ක්) නැත්නම් තෙල්(vegetable or olive oil)
- රොටි හදන ප්‍රමාණයේ fry pan එකක් (non stick), පියනක්
- අවශ්‍යනම් vanilla හෝ blend කරපු/පොඩි කරගත්තු strawberry/blueberry or any fruit u like
- අවශ්‍යනම් Protein (Chocolate/Peanut butter flavour is great)
- To eat : Pancake syrup/කිතුල් පැණි or anything similar
- පිටි + සීනි + බේකින් පව්ඩර් + ලුණු කවලන් කරගන්න. Protein එකතු කරවනවනන් එකතු කරන්න.
- කිරි කෝප්පේ එකතු කරගන්න
- බිත්තරේ වෙනම ගසාගෙන ඒකත් එකතු කරන්න. බටර් හෝ තෙල් එකතු කරගන්න. හොඳට කවලන් කරගන්න. අවශ්‍යනම් beat කරන්න. fruit/vanilla ඔනෙනන් එකතු කරන්න.
- Fry pan ekata බටර් ටිකක් ගාල රත් කරගන්න (medium heat). පළවෙනි පාරනන් butter ටිකක් වැඩියෙන් දාන්න. විනාඩියකින් batter mix 1/3ක් හෝ 1/2 ක් තැටියට දාන්න.
- විනාඩි 3-4 ක් විතර පියනෙන් වහල තියන්න (medium heat) විනාඩි 4 කට පස්සෙ අනිත් පැත්ත ගහන්න. එතකොට රත්තරන් පාට වෙලා තියෙන්න ඕන.
- අනිත් පැත්ත විනාඩි 2-3ක් වගේ යද්දි හරි යනව. හරියටම ගාන එන්නේ උඩ layer එක බිසකට් වගේ ගානට ඇවිත් මැද soft ගතියට ආවම. රසනේ යන්න කලින් butter ටිකක් ගාගන්න.
- Eat with any pancake syrup or පැණි.
pancake syrup එක හදන්න ම ඕනනන් සීනි 250ක් වතුර තේ හැන්දක් එක්ක රත් කරල caramel කරල ඒකට නටන වතුර 300ml විතර එකතු කරල (be carefull it splashes) තව සීනි 250ක් එකතු කරගෙන low heat එකේ ටික වෙලාවක් තියාගන්න. දෙහි/lemon කැල්ලක් එකතු කරල ටික වෙලාවක් තියාගන්න. lemon කෑල්ල අයින් කරන්න. බෝතලේකට දාලා පාවිච්චි කරන්න පුලුවන්
Last edited: