parama weera vibushanayen pudum lada ape wiruwo

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    526176_393897910649392_193218727383979_1014953_410066357_n.jpg


    uputa ganima face book


    සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් ශ්‍රී ලංකා යුධ හමුදාව තුල වීරත්වය සදහා පිදෙන ඉහලම පදක්කම වන පරම වීර විභූෂණ පදක්කමට (Supreme Heroism Decoration) හිමිකම් කියති.

    මේ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමීප නෑයෝ මහින්ද රාජපක්ෂ ජනපති අතින් ගාලු මෝදර තෙවැනි විජයග්‍රහණ සැමරුම් උළෙලේදී එම පදක්කම් ලබා ගත්හ.
    පදක්කම් ලබා ගැනීමට එද්දී එතන එද්දී ඔවුන්ගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය අතර එතන සිටි සිටි බොහෝ දෙනාටත්, රූපවාහිනියෙන් බලා සිටි බොහෝ දෙනාටත් කඳුළු නොසලා නොසිටිය හැකි විය.

    1.ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ : යුද හමුදා විශේෂ බලකායේ දිගු දුර විහිදුම් බලෑණියේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මාංකුලම් ඔඩ්ඩුසුඩාම්හිදී නිර්භීත සටනක යෙදී දිවි පිදීය.

    2.මේජර් කේ ඒ ගමගේ : 2009.4.19 වැනිදා යුද්ධයේ උච්චතම අවස්ථාවේ කොටින්ගේ බංකරයකට කඩා වැදී එය අත්පත් කර ගැනීමේ සටනේදී දිවි පිදීය.

    3.කපිතාන් යූ.ඒ.එස් සමරනායක : කොටින්ගේ බලකොටුවක් වූ පුදුකුඩුඉරිප්පු නගරය අල්ලා ගැනීමට 2009 මාර්තු දෙවැනිදා බලඇණි මෙහෙයවා විරෝධාර සටනක යෙදුණු ගැමුණු හේවා බලකායේ කපිතාන් සමරනායක රට වෙනුවෙන් දිවි පිදීය.

    4.කපිතාන් එච්.ජී.එම්.කේ.අයි මේගවර්ණ : පුදුකුඩුඉරිප්පු මුදා ගැනීමේ සටනේදී සතුරාට නිර්දය ලෙස පහර දෙමින් බලඇනි මෙහෙය වූ කපිතාන් මේගවර්ණ එම මෙහෙයුම ජයග්‍රහණය කළේය. බලඇණිවල තුවාල වූ සෙබළුන් ප්‍රතිකාර සඳහා යැවූ ඔහු වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටියදීත් අණ දෙමින් ඉදිරියටම ගියේය.

    5.සැරයන් එස්ජීඑස් බණ්ඩාර : උතුරු යුද්ධයේදී මර්මස්ථානයක් වූ නන්දිකඩාල් කලපුව කොටියාගෙන් බේරා ගැනීම සඳහා පෙරමුණට යමින් සිටි සැරයන් එස්ජීඑස් බණ්ඩාර ඇතුළු සුළු සෙබළ පිරිස හිටි ගමන් 150ක් පමණ වූ සතුරනට මුහුණ දී දරුණු සටනක් කර කොටි ප්‍රහාරය අසාර්ථක කළේය. එහෙත් සතුරු වෙඩි පහරින් රට වෙනුවෙන් ඔහු ඉහළම පරිත්‍යාගය කළේය.

    6.කෝප්‍රල් සුරංග පී.එන් : විජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් සුරංග රට වෙනුවෙන් දිවි දුන්නේ 2006 අගෝස්තු 11 වැනිදාය. ආර් පී ජී රොකට් මගින් සතුරු බලඇණි දැඩි භීෂණයට ලක් කළ ඔහු ඉදිරියට එමින් සිටි සතුරන් පළවා හැර පෙරමුණටම යමින් සිටියදී දිවි පිදීය.

    7.කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර ඩී.එම්.එස් : බෝම්බ පුරවාගත් කොටි ට්‍රක් රියක් 2009 පෙබරවාරි තුන්වැනිදා හමුදා ඉදිරි ආරක්ෂක වලල් වෙත එමින් සිටියදී කෝප්‍රල් බන්ඩාර එම මාරක රිය ඉදිරියට ගොස් එය පුපුරුවා හැර සෙබළුන් රැසකගේ ජීවිත බේරා ගත්තේය. එහෙත් ඔහු ඒ සටනින් දිවි පිදීය

    8.කෝප්‍රල් පී එම් එන් පුෂ්පකුමාර : ඒ 35 මාර්ගය කොටින්ගෙන් මුදාගැනීම සඳහා 2009 පෙබරවාරි 9 වැනිදා ඇරැඹූ මෙහෙයුමේ වරුවකු ලෙස කෝප්‍රල් පී එම් එන් පුෂ්පකුමාර යුද විරුවන්ගේ නම් අතරට එක් වේ. සිය සගයන්ගේ ජීවිත රැකදීමේ අරමු‍ණෙන් ඔහු කැමැත්තෙන්ම බෝම්බයක් බඩේ බැදගෙන සතුරු පෙරමුණට පැණ සතුරන් රැසක් නසා රට වෙනුවෙන් දිවි පිදීය.

    9.ලාන්ස් කෝප්‍රල් කේ චන්දන : ලාන්ස් කෝප්‍රල් කේ චන්දන යුදහමුදා දුර විහිදුම් විශේෂ බලෑණියේ නිර්භීත සෙබළෙක් විය. කොටි අඩවියේ කිලෝමීටර් 40ක් ගමන් කර මාන්කුලම් කිලිනොච්චි පාරේදී මහ කොටියන් දෙදෙනකු මරා දැමීමට සමත් විය. සිය සාර්ථක මෙහෙයුමෙන් පසු ආපසු එද්දී මාන්කුලම් තුනුක්කායි පාරේදී ඔහුගේ බළෑණිය සතුරණට කොටු විය. ඔහුගේ කණ්ඩායම් නායකයා සතුරන් අතට පත්වීම වැලැක්වීම සදහා ඔහු සතුරාට පහර දුන්නේය. සතුරු ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

    10.ලාන්ස් කෝප්‍රල් ඒ එම් එම් පී අබේසිංහ : 2008 ජූලි 25 වැනිදා තුනුක්කායි ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල් ඒ එම් එම් පී අබේසිංහ ත්‍රස්තවාදීන් සමග කොටි බංකර හතක් වනසා දැමීමට සමත් විය.සතුරු ප්‍රහාරයකින් තුවාල ලැබ සිටියදී හිටි ගමන් සතුරන් මැදට පැන බෝම්බයක් පුපුරුවාගෙන සතුරු බලකොටුව විනාශ කර දැමුවේය.

    11.සෙබළ ඊජීඩී ආර් දයානන්ද : කිලිනොච්චි අක්කරායන්කුලම ප්‍රධාන සැපයුම් මාර්ගය ත්‍රස්ථවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා 2008 සැප්තැම්බර් ඇරැඹූ සටනේදී ත්‍රස්තවාදීහු නොනවතින රැල්ලක් සේ හමුදා දෙසට එමින් පහර දෙමින් සිටියහ. කොටි ප්‍රහාරය එන්න එන්නම දරුණු වෙද්දී ශ්‍රී ලංකා පාබල හමුදානේ සෙබළ ඊජීඩී ආර් දයානන්ද සතුරා හඹා යමින් පහර දෙන්නට විය. සතුරු ප්‍රහාරයකින් මේ විරුවාගේ දිවි පිදීය.

    12.සැරයන් ආර්එම්ඩීඑම් රත්නායක : 2009 මැයි 11 වැනිදා නන්දිකඩාල් කලපුවේ මීටර 300ක් තරණය කළ කොටියන්ගේ මිනිස් පලිහ වෙත යමින් සිටි සැරයන් ආර්එම්ඩීඑම් රත්නායක ඈත සිට එන කොටි බෝට්ටු පෙළකට මැදි විය. ඔහු දිවි පිදූවේ එම බෝට්ටුද වනසා දැමීමෙන් පසුය.

    13.සැරයන් ඒඑම්බීඑච්ජී අබේරත්න බන්ඩා : කොටි අඩවියේ දැඩි ආරක්ෂිත බංකරයක් වනසා දැමීමේ මෙහෙයුමකට 2009 ජනවාරි 29 වැනිදා එක්වූ සැරයන් ඒඑම්බීඑච්ජී අබේරත්න බන්ඩා තවත් හත් දෙනෙකු සමග හොර රහසේ කොයි බිමට ඇතුළු විය. ත්‍රස්ථවාදීන් එම පිරිස වට කරගෙන ඇති බව දැනගෙනත් නිර්භීත ලෙසත් ධෛර්ය සම්පන්න ලෙසත් සටන් කළේය. සටන උග්‍ර වෙද්දී සතුරන් මැදට පැණ බෝම්බයක් පුපුරවාගෙන සතුරන් මහා ඔහුද දිවි පිදීය.

    15. පියාසර කොමදොරු ටීඩීඑස් සිල්වාපුල්ලේ : අලිමංකඩට ගිණිකොන දිගින් පිහිට තමිලමඩම්හි හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දෙන්නට ආ මුහුදු කොටි බෝට්ටුවලට පියාසර කොමදොරු ටීඩීඑස් සිල්වාපුල්ලේ ගුවනින් එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයකින් පහර දෙමින් සිටියේය. කොටි ගුවන් මිසයිලයක් එම හෙලිකපේටරට වැදී එය කඩා වැටී මේ විරෝධාර ගුවන්බටයා මරණයට පත් විය.

    තම දිවි දෙවැනි කර කුරිරු යුද්ධයේදී මව්බිම වෙනුවෙන් දිවි පූජා කල මෙම ශ්‍රී ලංකා පුතුන්ට උපහාරයක් weva..........................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::D:D:D

    balala nikam nam yanna epa hodee ape me kollo hinda thamai api ada me lak polowe nidahase inne
     
    Last edited:

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    balala nikam nam yanna epa hodee ape me kollo hinda thamai api ada me lak polowe nidahase inne
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සහො.. මෙක කියවද්දිත් ඇස් දෙකට කදුලු එනවා.. ගොඩාක් පින් ඔබට අපව දැනුවත් කලාට...:love:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    නියම පෝස්ට් එකක්. මේ වගේ වැදගත් විස්තරයක් එළකිරියේ සහෝදරයින් සමග බෙදා ගත්තට ස්තුතියි සහෝදරයා...
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මෙන්න නියම වීරයෝ. ඔබට සදා අපගේ ආචාරය.!

    දුක මචන් අපේ රටේ එක මනුස්සයෙක් විතරක් මහා ලොකුවට වීරයෙක් හෑටියට සලකලා තමන්ගේ දේශපාලනික ඕනෑ එපාකම් ඉශ්ට කරගන්න හදන සමහර ආත්මාර්තකාමී මිනිස්සු මේ වීරයො ගෑන දන්නේ වත් නෑ.