PAYE tax වෙනස් වෙන්නේ මෙහෙමයි 🔴

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    "තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව.

    "අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා."

    "ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා."

    "ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්."

    "රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්."

    "රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්."

    "රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්"

    "වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා."
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,776
    113
    වැඩි ආදායම් ලබන අයගෙන් ඉහල බදු අය කරාම අයෝජනයට සල්ලි නැතුව රට එකතැන පල් වෙන් නැද්ද ?
    sahanayakne lebila tiyenne. dan kohoma unath kalinta wada mudalak , wedi adayam lebena ayatath ithuru wenawa invest karanna.