yaluwata tax prashna eida?
TAX කියන දේ ප්‍රශ්නයක් විදියට දකින්න පුරුදු වුනේ ඇයි බන්?? මට නම් හිතාගන්නවත් බෑ සමහර අයගේ mind එක ගැන.
මචන් මුලින්ම මේ field එකේ වැඩ කරල ඉස්සරහට යන්න හිතනවනම්, දියුණු වෙන්න හිතනවනම් මුලින්ම මෙච්චර කාලයක් හිතපු විදිය, හිතන විදිය වෙනස් කරපන්. එහෙම නැතුව අමාරු වෙයි බන්. සිරාවටම ඒක මම කියන්නේ. දියුණු රටවල් වල TAX කියන දේ අනිවාර්යෙන්ම තියෙන දෙයක්. ඒක ප්‍රශ්නයක් විදියට උඹලා දකින්නේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ මිනිස්සු ටැක්ස් ගෙවනව ජීවිතේ සම්බන්ධ හැම දේකටම වගේ ඒ රටවල් වල. ඒවට ඒ මිනිස්සුන්ට අනිත් පැත්තට benefits ලැබෙනවා. ඒ වගේ දේවල් ප්‍රශ්නයක් විදියට දකින mindset එක වෙනස් කරගන්න. නැත්නම් ඇත්තටම අමාරු වෙයි බන්.
අමතර දෙයකුත් මේ ගමන්ම කියන්නම්. ලංකාවේ TAX ගැනත්.සමහර අය කියනව අපි බදු ගෙවනව ඒ වුනාට මුකුත් අපිට ලැබෙන්නේ නෑ කියල. ඇයි නැත්තේ. අවුරුදු 13ක් නොමිලෙ අධ්‍යාපනය ලැබෙනව,ඊට පස්සේ එතනින් පස්සේ තව අවුරුදු 4ක් gov campus එකක නොමිලෙ ඉගෙන ගන්නව, හොස්පිටල් එකෙන් උපතේ ඉදන් ජීවිත කාලෙම බෙහෙත් ටික ගන්න පුලුවන් වෙලා තියෙනව නොමිලේ, රජය සම්බන්ධ වෙනත් ආයතන වල ගොඩක් සේවාවන් නොමිලෙ ලැබෙනව. මේ ඔක්කොම නොමිලෙ භුක්ති විදල කියනව ලංකාවේ අන්තිමට අපි TAX ගෙවනව අපිට මුකුත් ලැබෙන්නේ නෑ වගේ කියල. මොන විහිලු කතාවක්ද එක කියල තේරෙන්න ඕන හිතන මිනිහෙක්ට නම්.