Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය

asankamdak

Junior member
  • May 13, 2007
    216
    24
    18
    Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය

    Sri Lanka looking at freeing inward Paypal payments: CB Governor

    පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම, අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට අනුමැතිය ලබාදීමට අවධානය යොමුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසීය.

    “මේ පිළිබඳව අපි ඉතාමත් බැරෑරුම් විදිහට සලකා බලා තිබෙනවා.“

    මේ වනවිට, ශ්‍රී ලංකාවේ සිට පිට රටවලට කරන ගෙවීම් සඳහා Paypal සේවාව භාවිතා කිරීමේ හැකියාව තිබේ.

    නමුත්, ශ්‍රී ලංකාව තුළට Paypal මගින් ගෙවීම් සිදුකිරීමට නොහැකිවී තිබෙන්නේ Paypal ගිණුම් මෙරට බැංකු ගිණුම් සමග ඒකාබද්ධ කිරීමට අවසර හිමි නොවීම නිසයි.

    Paypal සේවාව බොහෝවිට අන්තර් ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතු වලට අදාළ ගෙවීම් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රචලිත වී තිබේ.

    උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.

    ශ්‍රී ලංකාව තුළට Paypal හරහා ගෙවීම් සිදුකිරීමට නොහැකිවීම මෙරට අන්තර් ජාල ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට විශාල බාධාවක් ලෙසින් පවතී.


    http://www.vimasuma.lk/
     

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    දැන් ඇත්තටම paypal විතරක් කරලත් මදි. google wallet එහෙම ගොඩක් use කරනවා කට්ටිය. මගේ android app store එකේ සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ මම මර ගේමක් දීල. කොය් වෙලේ block කරය්ද දැන් නැ payments.:angry::angry::angry::angry:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    පට්ටයි වැඩේ කලොත් නං එළ, දැන් වත් මුන්ගෙ මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ape ewn onema deyak karanne perahara gihin eka balanna appu ewn gedarath giyata passe thamai lu..!!!LOL

    anee me wage ewn..oka kalinma karanna bari unada??
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    දැන් ඇත්තටම paypal විතරක් කරලත් මදි. google wallet එහෙම ගොඩක් use කරනවා කට්ටිය. මගේ android app store එකේ සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ මම මර ගේමක් දීල. කොය් වෙලේ block කරය්ද දැන් නැ payments.:angry::angry::angry::angry:


    kohomada machan android app store eken labena salli genna ganne?