අපෙන් ඩේට වලට චාජ් කරාට උන්ට ඩේටා GB ගානට වියදම් වෙන්නෙ නැහැ, උන්ට තියන රිසෝස් එක තමයි Bandwidth එක, හැම ISP ටම තියෙන්නෙ ලිමිටඩ් බෑන්ඩ්විත් එකක් නේ ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න තමයි ඔහොම දීල තියෙන්නෙ.
කවුරු කිවුවත් SLT උන්ට අන්ලිමිටඩ් දෙන්න පුලුවන් කියලා එහෙම දෙන්න තරම් Infrastructure එකක් හරි Bandwidth එකක් හරි උන්ට නැහැ, හොදම උදාහරනේ අවුරුද්ද අන්තිමේ ඔය බෝනස් ඩේට ගොඩක් කාටත් දීපු ගමන් SLT එවුන්ගෙ ස්පීඩ් එකට වෙන දේ.එතකොට youyube ස්ට්‍රීම් කරගන්න බැරි වෙන තරමට ස්ලෝ වෙනවා
ඕකට කරන්න පුලුවන් හොදම දේ තමයි ටයිම් එක අනුව බිල හදන එක, නයිට් ටයිම් පැකේජ් වලින් එහෙම ඒක යම්තාක් දුරකට කරනවා නේ
පීක් ටයිම් එකේ ඩිමාන්ඩ් එක වැඩයි ප්‍රයිස් එක වැඩි වෙනවා ඕෆ් පීක් එකේ ඩිමාන්ඩ් එක අඩුයි ගාන අඩුවෙනවා ඒක නිසා ඔෆ් පීක් එකේ ටේට ලාබයි
පැකේජ් වල ඕක කරන්න ටිකක් අමාරු නිසා සහ ලංකාවෙ සේරම පැකේජ් බෑන්ඩ්විත් යූසේජ් එකට වඩා කැපැසිටි එක GB වලින් මනින නිසා උන් එකම ගාන පීක් සහ ඔෆ් පීක් දෙකටම දාල පැකේජ් හදලා තියනවා
අනික අන්ලිමිටඩ් දුන්නා කියලා ටික දවසකින් බෑන්ඩ්විත් යූසේජ් එක අඩු වෙන්නෙ නැහැ, මොකද දැන් තියන පැකේජ් වලින් youtube 360 බලන එකා අන්ලිමිටඩ් උනු ගමන්1080p බලන්න ට්‍රයි කරනවා, 720 ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන කෙනා 1080/4K ඩවුන්ලෝඩ් කරන්න ගන්නවා, සොෆ්ටවෙයා එහෙම දැකපු ගමන් ඩවුන්ලෝඩ් කරලනවා සමහර වෙලාවට විනාඩි ගානක යූසේජ් එකකට
දැනට පැකේජස් වල ලිමිටේශන් නිසා Netflix/Hulu වගේ ස්ට්‍රීමින් සර්විස් අරගෙන නැති අය ඒව ගන්නවා එතකොට ISP ලට bandwidth එක මැනේජ් කරගන්න බැරි වෙනවා
කාටත් ඉන්ටනෙට් ස්ලෝ වෙනවා,
අපිට අන්ලිමිටඩ් ඉන්නනෙට් ඕන, හැබැයි ඒක යූස් කරන්න පුලුවන් ස්පීඩ් එකක් තියන විදියට, මගේ පුද්ගලික අදහස තමයි youtube වත් හරියට බලන්න බැරුව අන්ලිමිටඩ් දෙනවට වඩා හොද ස්පීඩ් එකක් එක්ක ලිමිඩට් පැකේජ් සාධාරන ගානකට තියන එක හොදයි කියන එක