Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්

අද කාලේ Virus එන්න වැඩිපුරම බලපාන මාධ්‍යක් තමයි Pen Drive කියන්නේ.ඒකට විසදුමක් හොයන්න ටිකක් උනන්දු උනා. Pen එකෙන් Virus එද්දි වෙන්නේ Virus File එකත් එක්ක Autorun එකක් එනවා. මේ Pen එක Plug කරපු ගමන් මේ Virus programme එක වැඩ කරනවා. ඉතින් මේ USB Drive එකක් Plug කලාම ඒකේ තියෙන Autorun එක Run වෙන එක වලක්වන්න පුළුවන් නම් මේකට විසදුමක් ලැබෙනවා. ඒකට කරන්න පොඩි වැඩක් තියෙනවා.

මේ වැඩේ කරන්න නම් Registry එක වෙනස් කරන්න වෙනවා. හරිම ලේසියි. හැබැයි පරිස්සමෙන් කරන්න වෙනවා. මොකද මේ Registry එකේ වැරදි විදියට යමක් වෙනස් උනොත් ඒකෙන් OS එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. මෙන්න මේ විදියට කරලා බලන්න.

Start ——– Run ——– Regedit

HKey Current User ———- Software ———- Microsoft ———— Windows ———- Current Version ————— Policies ———- Explorer

මෙතන තියෙනවා NoDriveTypeAutoRun කියලා DWord Value එකක්. ඒක Double Click කරලා Open කරගන්න. ඊලගට එන Window එකෙත් Decimal තෝරන්න. ඊලගට ඔයාලට අවශ්‍ය විදියට මේ Value එක පහත ආකාරයට වෙනස් කරන්න.

255 – සියළුම Drive වල AutoRun Disable වෙනවා.

4 – Removable Drive වල විතරක් AutoRun Disable වෙනවා.

32 – CD Drive වල විතරක් AutoRun Disable වෙනවා.

145 – සියළුම Drive වල AutoRun Enable වෙනවා.

223 – CD / DVD Drive වල විතරක් AutoRun Enable වෙනවා.

251 – Removable Drive වල විතරක් AutoRun Enable වෙනවා.

ඊලගට Pen එක Open කරන්න Pen එක උඩ Double Click කරන්න හොද නෑ. Windows Explorer ගිහින් Folder Tree එක Open කරලා එතනින් යන්න ඕන. Hidden File & System File පෙන්නන්න කියලා Settings හදලා ගත්තනම් Virus file එකක් තිබුනොත් බලලා අයින් කරන්නත් පුළුවන් වෙනවා
පස්සෙ තව ගොඩක් දේවල් දමනවා රෙප් ඕ
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අමුතුම case එකක් කළා. ඒක හොඳටම සාර්ථකයි! මම කලේ flash drive එක ntfs වලට format කරලා, autorun file එකක් මමම හදල දාල ඒකට permission set කරපු එක විතරයි! දැන් අවුරුදු කිහිපයක ඉඳල මම ඒ technic එක use කරනවා. අදවෙනකම් out ගියේ එකම එක virus එකකින් විතරයි. (ඒකත් virus එකක් නෙවෙයි! virus රාජයෙක්!! scripting ගොඩක් තියන, .exe files වලට attack කරන එකක්). අනික් virus ටොන් ගනනට flash එකට copy වෙනවා... ඒත් උන්ට run වෙන්න ලැබෙන්නේ නැහැ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Pen එකෙ Root 1ම autorun.inf කියල Folder 1ක් හදන්න
    එහෙම කලාම autorun file 1 copy වෙන්නෙ නෑ
    :lol::lol:කරල බලල හරිගියාම මට Rep+ දෙන්න:lol::lol:
     
    Last edited: