Pen Drive එක RAM එකක් විදිහට භාවිතා කරමුද?

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
Pen Drive එක RAM එකක් විදිහට භාවිතා කරමුද?

අවෂ්‍යතා...

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..


Windows XP සඳහා..

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න...

තේරුනා මදි වගේ නම් මේ වීඩියෝ එකත් බලන්නකෝ.....

දැන් පරිඝනකය නැවත පණගැන්වුනාම බලන්නකෝ කාර්‍යක්ෂමතාවය වැඩි වෙලාද කියලා..






Windows Vista,7 සඳහා..

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න..



:love: කැමති නම් REP + දාගෙන යන්න. අනිත් අයට බලන්න BUMP පාරක් දෙන්න :love:
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    member.php
    member.php
    member.php
    member.php
    member.php
    member.php
    member.php

     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඕක හරියට වැඩ කරන්නේ නෑ බන්. ගොඩක් කාලෙකට කලින් මාත් කරලා බැලුව. ;)කලින් සිපීඩි එකමයි.:yes: කරපු එකෙක් කියපන්කෝ Ready boost කරාට පස්සෙ වෙන වෙනස. :confused:
     

    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    me vidiyata wadi karaganna puluwan virtual memory eka witarai neda bn? RAM(Random Access Memory) eka wadi karaganna RAM card ekak ma gahanna wenawa neh?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕකට වඩා ලේසියි සහ සාර්ථකයි නේද බන් හාර්ඩ් එක යූස් කරල වර්චුවල් මෙමරි එක වැඩි කරන එක.
     
    • Like
    Reactions: sajithgk

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඔක කරා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2TB හාර්ඩ් එකක් ගහලා වර්චුවල් මෙමරි එක 2TB කරාපන්කෝ...
     
    • Like
    Reactions: sajithgk