Penumen minissu maninna epa

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,009
    6,437
    113
    ඔරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකනික් ඉන්ධන ලබා ගත් අයෙකු අතපසුවීමකින් වැඩිපුර ගෙවා ඇති මුදල නැවත ඔහුටම ලබාදුන් ආදර්ශමත් පුද්ගලයෙකු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

    එම සිදුවීමට අනුව සිය මෝටර් රථයට රුපියල් 2000 ක ඉන්ධන මිලදී ගත් අයෙකු ඒ සඳහා අත් වැරදීමකින් රුපියල් 6000 ක මුදල් ගෙවා තිබෙනවා. පසුව සිය මුදල් පසුම්බිය තුල රුපියල් 4000 ක් අඩු බව දැනගත් ඔහු ඒ පිළිබඳව ඉන්ධන පිරවුම්හලේ නිළධාරියාගෙන් විමසා තිබෙනවා.

    එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ‘‘බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්" යනුවෙනි.

    ඒ අනුව පසුදා උදෑසනම ඉන්ධන පිරවුම්හලේ නිළධාරියා විසින් අදාල පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී එම මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

    මුදල් පසුපසම මිනිසුන් හඹා යන සමාජයක ඔහු සතු මිනිසත් ගතිය ඇගයීමට ලක් කරමින් සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

    කෝල් එකක ඉන්න ගමන් කාර් එකට තෙල් ගහන්න සල්ලි දුන්නා . පැයකට විතර පස්සේ බලද්දී රු 4000ක් අඩුයි පර්ස් එකේ.
    මට වැරදිලා රු 6000 දී 2000 ක පමන තෙල් ගසා ඇත.
    (දාහේ කොල දෙකක් යැයි සිතා ,පන්දාහයේ කොලයක් සමග දාහේ කොලයක් )

    නැවත සල්ලි නොලැබෙන බව දැන් දැනත් , නිකමට වගේ ගිහින් ඇහුවා ශෙඩ් එකෙන් ? ( මිලේනියම් සිටි ,ඔරුවල ශෙඩ් එක)
    උගේ පිලිතුර රැඩිකල් ව්ය, මා නිරුත්තර විය.

    "බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්. "

    අව්වට කලු උන මුහුන , පනාවක් මුන නොගැසුනු ඒ හිසකෙස්, බොරපාට ඇස්, අපිලිවෙලට වැව්නු රැවුල , කලුවුන තොල් ඔහු ගැනැ සමාජීය කියවීම මට උත්තර දී අවසන් !

    මුදල් නොදෙන බව ස්ථිරයි. ! මම ගිහින් එන්නම් !!!

    අද උදේ .......
    " බොසා එන්න සල්ලි තියෙනවා... ඇවිත් ගන්න ! "

    ස්තූතියි සහෝදරයා සල්ලිවලට නෙමෙයි උබේ මනුස්ස කමට තියාගනින් උඹම !
    - "මට සල්ලි එපා බොස් " ❤


    74967131_103480624444194_2405576693902213120_n-480x480.jpg​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙම අය මටත් හමුවෙලා තියෙනවා..
    අවංක මිනිස්සු ලෝකෙ නැතුව නෙමෙයි..
    ඒත් ගොඩක් අඩුයි..
    අපි අවංක උනොත් අපිට සතුටු වෙන්න පුළුවන් ලෝකෙන් එක වංක මිනිහෙක් අඩු උනා කියලා..
    ලෝකෙ හදන්න කලින් අපි හැදෙමු..
    ​
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,951
    8,189
    113
    මෙන්න මෙතන...
    මෙහෙම අය මටත් හමුවෙලා තියෙනවා..
    අවංක මිනිස්සු ලෝකෙ නැතුව නෙමෙයි..
    ඒත් ගොඩක් අඩුයි..
    අපි අවංක උනොත් අපිට සතුටු වෙන්න පුළුවන් ලෝකෙන් එක වංක මිනිහෙක් අඩු උනා කියලා..
    ලෝකෙ හදන්න කලින් අපි හැදෙමු..
    ​

    :yes::yes::yes:​
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113
    Api nam ehema na habayi oka dapu
    Ekama thamayi eka highlight karala thiyenne

    Mama dakinne anthima tike krpu tika e manussayata
    Karapu apahasayak hatiyata
    Mama pora jathake
    Aruta wada ara manussayage pirimi penumak thiyenawa