පැටියා;15464050 said:රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
අගනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කැ ගැහුවත් හතර වටේ
එවා නො වික්කොත් අපි හැම මකර කටේ
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය
හොර්ටන් තැන්න දී ක්රිඩා පිටියකට
පවරා සිංහ රාජය ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දේමු හොටලයකට
![]()


