Periods කාලෙට ඔබේ බිරිඳට,පෙම්වතියට,දියණියට වටින දෙයක්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Menstrual Cup කියලා කියන්නේ නැවත භාවිතා කළ හැකි, කාන්තාවන්ගේ පහසුව වෙනුවෙන්ම නිපදවූ සනීපාරක්ෂක නිෂ්පාදනයක්. එය රබර් හෝ සිලිකන් වලින් සාදන ලද කුඩා, නම්‍යශීලී පුනීල හැඩැති කප් එකක්. බොහෝ වෙලාවල් වලට එය රුධිරය උරා ගැනීම සඳහා බාවිතා කරන Pad හෝ Tampons වගේ රුධිරය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ. මෙමෙගින් සිදු කරනු ලබන්නේ රුධිරය එකතු කිරීමක්.

    අන්න ඒ නිසාම තමයි මෙය නැවත පාවිච්චි කිරීමට හැකි මෙවලමක් වෙන්නේ. බොහෝ වෙලාවල් වලට සැනටරි පෑඩ් හෝ Tampons නිසා පරිසරයට සිදුවන හානිය වැඩියි, වගේම ඇතැම් අයට මෙම නිෂ්පාදන නිසා බොහෝ අයගේ යෝනි ප්‍රදේශය අවට කුඩා බිබිලි වැනි යම් යම් ඇලජි (අසාද්මිකතා) වගේම ඇතැම්විට යෝනිය අභ්‍යන්තර ආසාදන එහෙමත් ඇතිවන බව හැමෝම දන්න කාරණයක්.

    කෙසේවෙතත් මෙම කප් එක පැය 12 ක් වැනි කාලයක් පැලඳගෙන සිටිය හැකියි බව පැවසෙනවා. අපි කළින් කිව්වා වගේ බොහෝ කාන්තාවන් පරිසර හිතකාමී විකල්පයක් ලෙස භාවිතා කිරීමට පෙළඹෙනවා. ඒ වගේම ඉවතදැමිය හැකි Cupද වෙලඳ පොළේ තිබෙනවා.

    මෙම Cup එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

    ඔබට ඕනෑම වෙළඳ නාමයකින් හෝ බොහෝ වෙළඳසැල් වලින් මිලදී ගත හැකි වුවද, ඔබට මුලින්ම ඔබට අවශ්‍ය ප්‍රමාණය සොයාගත යුතුය. මෙම කප් කුඩා හා විශාල වශයෙන් වෙන් කර තිබෙනවා. ඔබ මෙම කප් එකක් භාවිතා කිරීමට කැමත්තක් දක්වනවනම් පළමුව ඔබේ නාරිවේද වෛද්‍යවරයා සමඟ ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න.

    මොකද ඔබට සුදුසු කප් එකේ ප්‍රමාණය හඳුනා ගැනීමට, ඔබ සහ ඔබේ වෛද්‍යවරයාගේ සහාය ලබාගත යුතු වෙනවා.

    එහිදී

    • ඔයාගේ වයස
    • ඔබේ ගැබ්ගෙලෙහි දිග
    • ඔබට අධික රුධිරය වහනය වීමක් සිදුවනවාද නැද්ද යනවග
    • කප් එකේ ස්ථීරභාවය සහ නම්‍යතාවය
    කප් එකේ ධාරිතාව

    ඔබේ යෝනි ප්‍රදේශයේ මාංශ පේශිවල ශක්තිය වැනි කාරණා සලකා බැලිය යුතු වනවා. කොයිදේ කරන්නත් කලින් අපි දැනුවත්වීම වැදගත්.

    ඔබේ කප් එක දැමීමට පෙර

    ඔබ පළමු වරට කප් එකක් භාවිතා කරන විට, එය අපහසුතාවයක් දැනිය හැකිය. නමුත් ඒය ඉතා පහසුවෙන් “ඇතුලත් කරගැනීම සඳහා එම” ක්‍රියාවලිය සුමට කර ගැනීම සඳහා යෝනි මාර්ගයේ තෙතමනය වර්ධනය කර ගැනීමට ජලය හෝ වෙනත් ලිහිසිකාරක තෙත් කර ගැනීමෙන් ඒය පහසුවෙන් සිදු කරගත හැකියි.

    මෙම කප් පාවිච්චි කිරීමෙන් ඇතිවන වාසි.

    සාමාන්‍යයෙන් වයස අවුරුදු 12දි වැඩිවියට පත්වෙන ගැහැණු දරුවෙක් වයස අවුරුදු 45 – 50 අතර කාලය තුළදී ආර්ථවහරණයට පත්වෙනවා. ඒ් කියන්නේ සාමාන්‍ය ජීව විද්‍යාත්මකව ගත්තොත් කාන්තාවක් යම් ඩිම්බ පුමාණයක් එකක් උපත ලබනවා. අර්ථවහරණයට පත්වීමෙන් පසු නැවනඅළුතින් ඩිම්බ නිපදවිමක් සිදුවන්නේ නැහැ.

    වැඩිවියට පත් වන ගැහැණු දරුවකු මාසයක් පාසා ඩිම්බ මෝරලා පිටව යනවා. මාසයක් ගානේ මෙම ක්‍රියාව සිදුවනවා.

    අපි ආපසු අපේ මාතෘකාවට ආවොත් අවුරුදු 48 දී ආර්ථවහරණය සිදුවුවහොත් බලන්න කොපමණ කාලයක් ඔබට සැනටරි නැප්කින්ස් පාවිච්චි කරන්න වෙනවාද කියලා. අවුරුදු 36ක් කාලය පුරාවට මාස් පතා ඔබට සැනටරි පෑඩ්ස් මිලදී ගැනීමට සිදුවනවා.

    ඔබ මෙම කප් වලට යොමු වුවහොත් ඔබට ජීවිත කාලය පුරාවටම ගැනීමට සිදුවන්නේ කප් 3 ක් හෝ වැනි ප්‍රමාණයක්. ඉතින් හිතන්න ඔබ නොදැනුවත්වම පරිසරයත් ආරක්ෂාකරන ගන්මන්ම ඔබට ලොකු මුදලක් ඉතිරිත් වෙනවා.

    අපි එම කාරණා කිහිපය අවධාරණය කළොත්

    • ඉතාම පහසු මිල.
    • පරිසර හිතකාමී බව. සනීපාරක්ෂක තුවා වගේ විනාශ කිරීමේ ගැටළු ඇතිවෙන්නෙ නැහැ වගේම පරිසර හානියක් වෙන්නෙත් නැහැ.
    • ගමන් බිමන් යාමේදී රැගෙන යාමේ පහසුව.
    • පැය 10 – 12 දක්වා එක දිගට භාවිතා කළ හැකිවීම.
    • ඔසප් දිනවලදීද පිහිනීම, දිවීම වැනි ඕනෑම එදිනෙදා ක්‍රියාකාරකමක් සිදුකළ හැකිවීම.
    • සනීපාරක්ෂක තුවා ඇඳ සිටීමේදී ඇතිවෙන කිසිඳු අපහසුතාවයක් නොදැනීම.
    • රාත්‍රී කාලයේ සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් ඇඳීමේ ගැටළු නොමැතිවීම
    • රාත්‍රියට රුධිිිිර පිටතට කාන්දුවීම නොවීම. (සුව නින්දක් ලබාගන්න පුළුවන්).
    • අනවශ්‍ය දුගඳ වහනය නොමැතිවීම.
    පසු සේවා

    නැවත භාවිතා කළ හැකි කප් ඔබේ යෝනි මාර්ගයට නැවත ඇතුල් කිරීමට පෙර සෝදා පිරිසිදු කළ යුතුය. ඔබේ කප් එක අවම වශයෙන් දිනකට දෙවරක්වත් හිස් කළ යුතුය. නැවත භාවිතා කළ හැකි කප් මාස 6 සිට අවුරුදු 10 දක්වා පාවිච්චි කළ හැකියි.

    උපුටා ගැනීම - her.lk
     
    Last edited:

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බැදපු නැති උන්ට බෑ පෙට්ටිය කැඩෙනවා
    අනික ඕක හිල් උනොත්
    දන්න තරමින් ඕක ටිකක් හයියයිලු. ඔය පෙට්ටි කැඩෙන සීන් එක වෙන්නේ බොහොම අඩු ප්‍රමාණයකටලු
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ හැමදේම අහිතකරයි... දැන් කියන්න එපා ලෝකේ බොහෝ දෙනෙක් භාවිතා කරනවා කියල.. එහෙම බැලුවොත් කොචරනම් දුම්පානය කරනවද? මත් පැන් බොනවද? ඒ වගේම අජිනො මොටෝ/මොනෝ සෝඩියම් ග්ලුටොමේට් භාවිතා කරනවද? මේ හැම කෙනෙකුටම කෙලවෙනවද ? කියල අහාවි..

    සෑම කාන්තාවකටම ඔසප් වීම නිසා මේ ද්‍රව්‍ය ඕනේ (pads, tampon, menstrual cups)
    සෑම කෙනෙකුම කෑම කන නිසා අජිනො මොටෝ/මොනෝ සෝඩියම් ග්ලුටොමේට්ක වන්න පුලුවන්..
    ඒක නිසා සිගරට් මත් පැන් වලට වඩා මේවාට ඇබ්බැහි කිරීම හා ඒහා සම්බන්ධ අතුරු ඵලවලට විසඳුම් දීමේ චක්‍රය ක්‍රියාත්මක කරන්න පුලුවන් ලේසියෙන්ම..

    අනික තමයි උපත් පාලන බෙහෙත්... ඉස්සර බඳින්න කලින් ලිංගික සම්බන්ධතාවලට යොමුවෙන්නේ නෑ.. බුද්ධ ධර්මයේ පවා එය පාපයක් විදියට සලකනවා නමුත් දැන් දෙන්නා කැමතිනම් OK කියලා සමාජ කතිකාවතක් ඇතිකරලා..
    ඇයි?
    උපත් පාලන බෙහෙත් විකුනන්න පුලුවන්.. ඒ වගේම තමයි ආසත්මිකතා නිසා ඒවට විසඳුම් විදියට තවත් බෙහෙත් විකුනන්න පුලුවන්..

    යෝනිය
    දූෂනය කියන්නේ වේදනා ගෙන දෙන කාරනයක්..
    එහෙනම් ඇයි සහකරුවා සමගින් කරනකොට සතුට දැනෙන්නේ..
    හේතුව සාමාන්‍ය අවස්ථාවේ යොනිය පලල් වෙලා නෑ.. වැහිලා තියෙන්නේ.. ඒක පලල් වෙන්නේ හැඟීම් ලැබෙන කොට...

    එහෙම නම් සාමාන්‍ය වෙලාවට tampon menstrual cup ඇතුලට දාගෙන බලහත් කාරයෙන් යෝනි පේශින් ඈත් කරගෙන තියෙලා තමුන්ගේ යෝනිය සාමාන්‍ය වෙලාවට තිබිය යුතු ආකාරයට වඩා වෙනස් ආකාරයකට බලහත්කාරයෙන් තියන්නේ ඇයි?
    මෙසේ කිරීමෙන් හානි වෙන්න පුලුවන් නේද? sex feelings ඉස්සරට වඩා දැනෙනවා අඩුවෙයි

    අනික තමයි වෛද්‍යවරයෙක් කියල තිබ්බ මේවා සාමාන්‍ය රුධිරය නෙවෙයි ඒක නිසා ශරීරයෙන් බැහැර විය යුතුයි. ඇතුලේ තියෙන්න තියෙන්න(tampon menstrual cup නිසා) බැක්ටීරියා මගින් විවිධ ආසධන තත්වයන් ඇතිවෙනවා කියලා... නමුත් අපේ අයගේ කම්මැලි කම නිසා සල්ලි දීලා ලෙඩ හදාගෙන තවත් වියදම් කිරීමයි සිද්ධ වෙන්නේ..

    පෑඩ් කතන්දරෙත් එහෙමයි.. සමහරුන්ට සමහර පෑඩ් නිසා කසනවා, බිබිලි දානවා.. නමුත් ඒකම තව කෙනෙකුට එහෙම වෙන්නේ නෑ..

    මෙහෙම වෙන්නේ මේවයේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා.. ඉන්දියාවේ මේ ළඟදී advertise කරපු පෑඩ් ජාතියක් ක්ශ්නිකව advertise කරන එක නතර උනා.. සමහරවිට ඒකේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍යක් විය හැක. (satellite tv channels-indian feed බලනවා නම් දන්නවා ඇත..)
    හොඳම දේ තමයි re-usable cotton pad භාවිතා කරන එක.. සෝදලා වේලල, තම්බලා ගන්න ඕනේ.. ලේසියට භාවිතා කරලා ලෙඩ හදා ගන්නේ ඇයි..

    ඉස්සර ගෑනු කට්ටිය රෙදි Bra ඇන්දා ප්‍රශ්න නෑ.. දැන් padded Bra අඳිනවා.. මේවයේ තියෙන මොකක් හරි අවුලක් වෙන්න පුලුවන් මේතරමටම Brest issues තියෙන්නේ කාන්තාවන් අතරේ..

    මේක නිසා හිතන්න..
    විවිධ මිනිස්සු විවිධ නිෂ්පාදන රැගෙන එනවා විවිධ පහසුකම් කියාගෙන...නමුත් අපි සංසංදනාත්මකව තේරුම් ගන්න ඕනේ මේවා භාවිතාවට සුදුසුද නැද්ද කියන එක ගැන..

    අපි අතර ඉන්න උදවිය ඉතා සූක්ශමව තමයි මේවා කරන්නේ.. සෙට් වෙලා කරන්නේ.. එක්කෙනෙක් කතාව පටන් ගන්නවා මට මෙහෙම අපහසුතාවක් තියෙනවා ඕගොල්ලන්ට කොහොමද ආකාරයට..

    සංවාදය යන්න ඇරලා සෙට් එකේම තවත් කෙනෙක් පටන් ගන්නවා මේවා ගැන කියලා(menstrual cup/ tampon).. තවත් කෙනෙක් එනවා ඒක confirm කරන්න..

    ඔන්න ඔහොමයි මේවා ජන ගත කරන්නේ Facebook, Online/Offline articles, websiteහරහා

    ***
    බොහොමයක් වෙලාවට මේවායේ අතුරුඵල පිළිබඳව පරීක්ශන කෙරෙන්නේ නෑ... කොරෝනා වගේ තමයි.. හඳුනා නොගත් හේතුන් එක්ක රෝග බොහොමයක් හැදෙන්නේ මේ භාවිතාවන් නිසයි..
    අනික තමයි සමහර නිෂ්පාදනවල බලපෑම යුරෝපීය රටවලට වඩා අපේ වැඩි වෙන්න පුලුවන් .. මේ කලාපය උෂ්නාදික කලාපයක් නිසා (menstrual blood)
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    මේක හදල තියෙන ප්ලාස්ටික් වර්ගය ගැන කියල නෑ ! හැම ප්ලාස්ටික් එකම ඇඟට හොඳ නෑ !
     

    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    මේක හදල තියෙන ප්ලාස්ටික් වර්ගය ගැන කියල නෑ ! හැම ප්ලාස්ටික් එකම ඇඟට හොඳ නෑ !
    මුල් කාලේ මේ නිෂ්පාදන රබර් වලින් හැදුවේ. දැන් නම් හදන්නේ medical grade silicone වලින්. මේ menstrual cup ප්ලාස්ටික් වලින් හදන්නේ නැහැ.