ගොඩක් දවසකට පස්සෙ ගෙදර හිටපු නිසා ටිකක් ලියන්න හිතුනා.
මාසෙ අන්තිම වෙනකොට අතේ සල්ලි තත්වෙ කොහොමද? අන්තිම සතේට හිඳිලා, කාගෙන් හරි ණයක් අරගෙන පඩි ගත්තම බේරලා ඉන්නවා නම්, මේක වැදගත් වෙයි කියලා හිතනවා.
Personal Finance Controlling - තමන්ගෙ අතට එන සල්ලි ටික වියදම් වෙන හැටි පාළනය කරන එක.
මම මේ කියන්න යන දේ අපේ මාසික ආදායම අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒක අපි කැමති විදිහට Customize කරගන්න පුලුවන්.
මුලින්ම ගන්න කොළයක් පෑනක්.
ලියන්න තමන්ට ලැබෙන මාසික ආදායම් ටික.
(බදු රහිත - බදු ගෙවන්න තියෙනවා නම්, ඒ ටික බදු ගෙවීම් ටික අඩු කරලා ලියන්න)
දැන් ලියමු මාසයක් තුළ තමන්ට කරන්න තියෙන වියදම් ටික.
(තමන්ට තමන්ට අවංක වෙලා ලියන්න. Beer එකක් Cigarette එකක් බොන්න යන එකත් ලියන්න)
දැන් අපිට පේනවා අපි උපයන සල්ලි ටික අපිට වියදම් වෙන හැටි.
හිතන්න දැන්, මේක අපිට පාළනයක් ඇතුව වියදම් කරලා, වියදම් ටික අඩු කරගන්න පුලුවන් නම්?
Monthly Expenditure Budget එකක් හදාගත්තොත් කොහොමද?
50% / 30% / 20% (මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්)
කෙනෙක්ට මේක 60% / 30% / 10% වෙන්නත්, තවත් කෙනෙක්ට මේක 40% / 30% / 30% වෙන්නත් පුලුවන්.
50% අත්‍යාවශ්‍යතා සඳහා
30% අවශ්‍යතා සඳහා
20% ඉතිරි කිරීම් සඳහා
අපිට ගොඩක් පැටලෙන තැනක් තමයි අත්‍යාවශ්‍යතා හා අවශ්‍යතා වෙන්කරගන්න එක.
මෙහෙම බලන්න
අත්‍යාවශ්‍යතා
ඒ කියන්නේ අපිට ජීවත්වීමට අත්‍යාවශ්‍ය දේවල්.
කෑම, ගෙවල් කුළී, විදුලි බිල්, වතුර බිල් Health Insurance Installments වගේ දේවල්.
(අපි වැඩිය ලොකුවට හිතුවේ නැති වුනාට Health Insurance එකක් ඉතාම වටිනවා. හෙට දවස ගැන අපි කවුරුත් දන්නෙ නෑ. අපිට මොනවා හරි වුනොත්? අපෙන් යැපෙන අයට මොකද වෙන්නේ?)
අවශ්‍යතා
ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය නැති, ඒත් මේ වියදම් වලින් අපේ ජීවන තෘප්තිය වැඩිවෙන දේවල්.
Movie එකක් බලන්න යන එක, යාළුවන්ට - නෑදෑයන්ට කෑම වේලක් දෙන එක, පවුලෙ කට්ටියත් එක්ක එළියෙන් කෑම කන එක, පොඩි Party එකක් දාන එක, අලුත් ඇඳුමක් - Phone එකක් වගේ ඕනෑම දෙයක් මිලදී ගන්න එක වගේ දේවල්.
ඉතිරි කිරීම්
මේ ගැන මම වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ කියලා හිතුනත්, අපි නොදකින පැත්තකට ඔයාලව යොමුකරන්න හිතුනා.
ණය ගෙවීම්
තම අරගෙන තියෙන ණයක් පියවන එක, Credit Card Bill එක ගෙවන එක වගේ තමන්ගේ වගකීම් වලින් තමන්ව නිදහස් කරන ඕනෑම ගෙවීමක්. (එක ණයක් ගෙවන්න තව ණයක් ගන්න එක හරියන්නෙ නෑ රජෝ.)
Emergency Saving එකක්.
මේ ගැන කතා කරන්න හොඳම කාළයක තමයි අපි ඉන්නෙ කියලා හිතෙනවා. ඒ කියන්නෙ, අපි හිතමු මාසෙ පඩියෙන් - මාසෙ පඩියට රෝල ගහලා ඉන්න කෙනෙක්ගේ පඩි එක්ක පරක්කු වුනා, එහෙම නැතිනම් මොකක් හරි හේතුවක් නිසා මාසයක් වැඩ කරන්න බැරි වුනා, පවුලට ආදායමක් ගේන කෙනෙක් මේ දේට මුහුන පෑවා, යම්කිසි හදිසි හේතුවක් නිසා ඔයාගෙ අදායම තාවකාලිකව නතර වුනා කියලා. මොකද වෙන්නෙ?
අන්න ඒ වගේ වෙලාවකට තමයි අපි Emergency Saving එකක් හදලා තියෙන එකේ වටිනාකම දැනෙන්නේ.
Emergency Saving එකක් කියන්නේ, අපි අර කළින් බලපු අපේ මාසික ආදායම වගේ හය ගුණයක සිට දොලොස් ගුණයක් දක්වා ඉතිරියක්. (අම්මෝ, එච්චර ගොඩක්? ඔව්. හිතන්න ටිකක් මේ ගෙදරට වෙලා රස්සාවකට යන්නවත් නැතිව ඉන්න ටිකේ, ඔයාගේ අතේ මේ වගේ ඉතිරියක් තිබුනා නම්?) ඉතිං මේක එක පාරටම හදන්න ඕනෙ නෑ. ටික ටික ඉතුරු කරලා හදාගන්න පුලුවන්. හය ගුණයකට යන්න කළින් දෙගුණයක්, තුන් ගුණයක් වුනත් ඉතාම වටිනවා.
රස්සාවක් නැතුව මේ විදිහටම අවුරුද්දක් ජීවත්වෙන්න කරන ඉතිරියක්.
අලුත් රස්සාවක් හොයාගන්නතෙක් තමන්ගෙ ජීවිතේ ගැටගහගන්න විදිහක්.
Retirement Plan එකක්
ඒක ඇහුවම හිනා ගියාද? නාකි වේගෙන එනවා වගේ හිතුනද? ඔව්, අපි දැන් නාකි වේගෙන තමයි එන්නෙ. තව අවුරුදු කීයක් සල්ලි හම්බ කරන්නද? තව ඉස්සරහට තව වියදම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. ළමයින්ගෙ අධ්‍යාපනය, අම්මලා තාත්තලාව බලාගන්න එක, ඔක්කොටමත් එහා අපි ලෙඩ වෙන එක, මේ ඔක්කොටම ලෑස්ති වෙන්න වෙනවා. ඉතිං රස්සාවක් කරගන්න බැරි කාලෙකදි කාටවත් අත නොපා ජීවත් වෙන්න පුලුවන් නම්? ඒ ගැන හිතලා කරන්න තියෙන ආයෝයනයක් කරන්න හොඳම කාලෙක තමයි අපි ඉන්නෙ කියලා හිතෙනවා.
ඉතිං මේ ඔක්කොම එක පාරට කරගෙන යන්න ඕනෙ නෑ. එතකොට කිසිම දෙයක් වෙන්නෙ නෑ.
දැන් තමන්ගේ ආදායමේ හැටියට අර මම කළින් කිව්වා වගේ 65/30/5 - 60/30/10 – 50/30/20 – 40/30/30 වගේ Budget එකක් හදන්න.
අත්‍යාවශ්‍යතා වලින් ඉතුරු කරගන්න ගානක් තියෙනවා නම් ඒක තවත් අත්‍යාවශ්‍යතාවයක් ඉටුකරගන්න වියදම් කරන්න. එහෙම නැතිනම් ඒක ඉතුරු කරන්න. අත්‍යාවශ්‍යතා වලින් ඉතුරු වෙන මුදලක් අවශ්‍යතා පිනවන්න ගන්න යන්න එපා. අවශ්‍යතාවයක් වෙනුවෙන් වැඩිපුර මුදලක් අවශ්‍යනම් අනෙක් අවශ්‍යතාවලට අඩුවෙන් වියදම් කරලා ඒ ගාන හොයාගන්න. එහෙමත් බැරිනම් ඒ අවශ්‍යතාවය ඊළඟ මාසෙට කල් දාන්න. මොකද කියනවානම් - අවශ්‍යතාවයක් ඉටුකරගන්න බැරිවුනා කියලා අපේ ජීවිතයට හානියක් වෙන්නෙ නෑ.
ඉතිං, මේක කියවලා බලලා දෙයක් තේරුම්ගත්තා නම් කියන්න. අපි ඉස්සරහට බලමු කොහොමද මේක Budget Plan එකකට දාලා Control කරන්නෙ කියලා.
ඉස්සර තරම් වෙලා නැති නිසා පුලුවන් වෙලාවට ලියලා දාන්නම්.

ආ.. එහෙමත් පුලුවන්ද? 