Pet Scanner එක_මාස_තුනකින්
මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍යව පවතින පෙට්ස්කෑන් යන්ත්‍රය මිලදීගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම් මේවනවිට සිදුකර ඇති අතර, ඉදිරි මාස තුන ඇතුළත පෙට්ස්කෑන් යන්ත්‍රය මහරගම රෝහලට ලබාදීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
එමෙන්ම මේවනවිට ජාතික රෝහලට පෙට්ස්කෑන් යන්ත්‍රයක් ගෙනැවිත් ඇති බවත්, එහි ඉතිරි උපකරණ ලබාගත් පසු එය විවෘත කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍යම පෙට්ස්කෑන් යන්ත්‍රය මිලදීගැනීම වෙනුවෙන් මහජනතාව විසින් එකතු කරන ලද රුපියල් කෝටි 20 ක මුදලක් රජය වෙත ලබාදී තිබේ.
අද/ලංකාදීප
මහරගමට පෙට් ස්කෑනරය මාස තුනකින්