පෙට් (Positron Emission Tomography - PET) ස්කෑනරය පසුගිය 21 ඉරිදා ලංකාවට ගෙන්වා තිබෙන අතර, කදීජා පදනමේ සභාපති සහ ෆයිට් කැන්සර් පදනමේ නිර්මාතෘ එම් එස් එච් මොහොමඩ් මහතා ඊයේ දන්වා සිටියේ ලබන මාර්තු මාසය වනවිට ජනතාවවෙනුවෙන් එය ක්රියාත්මක කිරීමට සූදානම් බවයි.
කටාර් එයාර්වේස් සමාගමේ QR 8642 ගුවන්යානාව මගින් පසුගිය 21 ඉරිදා සවස 7.00 ට මෙම යන්ත්රය මෙරටට ගොඩබස්වා තිබේ. මෙම නවීනතම තාක්ෂණික උපකරණය රු. මිලියන 202 ක් වැයකර ජර්මනියේ "සිමෙන්ස්" වෙළඳ සමාගමෙන් මිලට ගෙන ඇත. මසකට ස්කෑන් 100 කට වැඩි ප්රමාණයක් මෙයින් සිදු කිරීමට අපේක්ෂිතය. යන්ත්රය ස්ථාපිත කිරීම සඳහා මසකට ආසන්න කාලයක් ගතවනු ඇති අතර මාර්තු මාසයේ සිට මහරගම අපේක්ෂා රෝහලේදී එම සේවාව ලබා ගත හැකිය.