කොරෝනා එන්නත් සඳහා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන සැපයුම් හිඟතාවය නිසා ඕනෑම ප්‍රභවයකින් එන්නත් මිලදී ගත් ගන්නයි රජය විසින් කළ ඉල්ලීමට හේමාස් පුද්ගලික සමාගම ප‍්‍රතිචාර දක්වයි.
සති අන්ත පුවත්පතක් වෙත ඔවුන් සදහන් කර ඇත්තේ ඇස්ටසෙනිකා හා ෆයිසර් සමාගම්වල එකම දේශීය ඒජන්තයා තමන් බවය.
අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයා දක්වා සෘජුවම මෙම ඉල්ලීම අනුමැතිය සඳහා යොමු කරන බවද සමාගම කියා ඇත.
ශ‍්‍රී ලංකාවට ගුණාත්මක නිෂ්පාදන ආනයනය කිරීම සහතික කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.
කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා සඳහන් කරන ලද්දේ කොරෝනා එන්නත් වල ප්‍රබල හිඟයක් ඇති නිසා ලොව ඕනෑම තැනකින් එන්නත් ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයටද ආරාධනා කරන බවයි.