හායි යාලුවනේ මම 2022 June වගේ O/L ඉවර කරලා Thread එකක් දැම්මා ෆෝන් එකක් ගත්තා කියලා Samsung Galaxy Note10 එකක්. කට්ටිය හුගක් බැනලත් තිබ්බා Used ගන්න එපයි කියලා. මුල් අවුරුදු දෙකම හොදට පාවිච්චි කරා අවුලක්නම් ගියේ නෑ. හැබැයි Side Button එකයි, Battery එකයි Change කරා බයික් එකෙන් වැටිලා ඩිස්ප්ලේ එක ඉරක් ගියා. වෙන අවුලක් තිබ්බේ නෑ. දැන් අලුත් ෆෝන් එකකට යන්න අදහසක් තියෙනවා හැබැයි ආපහුනම් Used ගන්නේ නෑ ලංකාවේ Used ඒවට අඩුම මාස 6ක්වත් වගකීමක් දෙන් නැති නිසා. S23FE එකක් හෝ Pixel 7 Pro එකක්. නැත්නම් ඉතින් බජට් එක ඉතුරු කරගෙන A55 එකක් අරන් Galaxy Watch එකක් ගන්න පුලුවන්. Galaxy Watch එක + A55 එකද වටින්නේ නැත්නම් S23FE හෝ Pixel 7 Pro වගේ එකකට යන එකද හොඳ. පික්සල් සිග්නල් ගැටුළුව තාම තියෙනවාද. ස්තූතියි. 
