Photos 18+

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....:yes::yes:

    මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..
    7.gif



    එහේම කිව්වට මේ “චාමිකයත්“ එහේමම තමා... :D


    මේ පින්තූර කතා හින්දම “ELAKIRI එක පැත්තට“ පින්තූර ගැන අමුතු තාලේ කතා ටිකක් දාන්න..:confused:
    කියන්න යන කතාවේ පින්තූර ටික නම් 18+ නෙේ!! :lol:
    හැබැයි
    බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.. :eek:

    ඒත් ඒක පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.වෙනදා වගේම අන්තර්ජාලයෙන්ම විස්තර,පින්තූර සියල්ලම එකතු කරගත්තා... :)


    වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන.... :cool:

    පින්තුරයේ මාතෘකාව එලෙසම තිබෙන්නට හැරියේ මුලු ලෝකයම එය හදුන්වනනේ එම නමින්ම හින්දයි! :D
    කියවන්න, අදහසක් එහේමත් ලියලා යන්න! :D

    Sudan Famine UN food camp (1994)
    එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙණ ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.. :)

    දැකලා පුරුදුයි නේද?? :eek:

    Chamikawpblogspotcom16-9.jpg
    බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..:yes:
    1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.. :sorry:




    Afghan Girl (1984)

    Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා

    Chamikawpblogspotcom3-56.jpg

    ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. :yes:
    එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..:)
    ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.:shocked:
    ඇය නැවත 2010 ගත් ජායාරූපයක්.. :eek:
    Chamikawpblogspotcom2-59.jpg




    Palestinian Martyr (2000)
    තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය

    Chamikawpblogspotcom5-48.jpg

    ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා.. :(

    ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා.

    BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත.


    Tourist Guy (2001)
    2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. :yes:

    Chamikawpblogspotcom20-4.jpg

    පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා.. :shocked:


    Burning Monk – The Self- Immolation (1963)
    ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි.
    Chamikawpblogspotcom7-40.jpg
    Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා.. :eek::eek:

    ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.


    The last Jew in Vinnitsa (1941)
    Chamikawpblogspotcom1-63.jpg
    Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.:(

    Tiananmen Square [1989]
    ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. :nerd:

    Chamikawpblogspotcom19-5.jpg

    ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.:(

    ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.


    Fire on Marlborough Street [1975]
    1975 ජුලි 22 මෙම ජායාරූපය ගෙන තිබුනේ Boston Herald American පත්තරයේ ජායාරූප ශිල්පියා වු Stanley J. Forman විසිනි. ගිනි ගැනීමකට ලක්වු Marlborough විදියේ තට්ටු නිවාසයක සිට බිමට පනින Diana Bryant නම් තරුණ කත හා Tiare Jones නැමැති දැරිය ඔහුගේ කාචයේ සටහන් වී තිබුනා. :yes:

    Chamikawpblogspotcom21-3.jpg

    අනතුරින් Diana Bryant නම් තරුණ කත හා මියගිය අතර දැරියගේ ජිවීතය බේරී තිබුනා. :)

    මේ ජායාරූපයටද Pulitzer ත්‍යාගය හිමිවී තිබුනා.:)


    The Power of One [2007]
    Chamikawpblogspotcom18-3.jpg

    Pulitzer Breaking News Photography වෙනුවෙන් 2007 තෝරා ගත් මේ පින්තූරය AP (Associated Press) පුවත් සේවයේ Oded Balilty විසින් ගෙන තිබුනේ ගාසා හී වම් ඉවුරේ ඇති අනවසර නිවාස ඉවත් කිරීමට පැමිනෙණ ඊශ්‍රායල හමුදාවන් වැලැක්වීමට තනිව උත්සහ ගන්නා යුදෙව් ජාතික කාන්තාවකයි. :shocked:

    Reichstag flag [1945]
    1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය

    Chamikawpblogspotcom17-5.jpg

    ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.



    Nagasaki [1945]
    “හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.. :D

    Chamikawpblogspotcom13-10.jpg

    1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.:)

    ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ.:(


    Omayra Sánchez [1985]
    Nevado del Ruiz ගිනිකන්ද කොලොම්බියාවේ 25,000 අධික පිරිසකට මරු කැදවමින් 1985 නොවැම්බර් 14 පුපුරා ගිය පසුව ඇතිවු ව්‍යසනයෙන් කොන්ක්‍රීට් හා තහඩු වලට යටවී ජලය පිරි ඇති ස්ථානයක දින 03 ක් සිටි මේ 13 හැවිරිදි දැරිය සොයා ගැනීමෙන් පසුව මෙම ජායරූපය Frank Fournier ගෙන ඇත. :sorry:
    Chamikawpblogspotcom15-10.jpg

    ඊට සුලු මොහොතකට පසුව ඇය මියගොස් තිබුනු අතර මියගිය පසුව මෙම ජායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබු බැවින් ජායාරූප ශිල්පියාට දැඩි ලෙස විවේචන එල්ල වී තිබුනි. :yes:

    Body of Che Guevara [1967 ]

    1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි.

    Chamikawpblogspotcom8-28.jpg

    එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.
    සදාකාලික යෞවනය - චේ" ගැනයි මේ.....
    11.gif


    Albert Einstein [1951]
    Chamikawpblogspotcom4-54.jpg
    20 සියවසේ මහා බුද්ධිමතකු වන භෞතින විද්‍යාව වෙනසක් කල ඇල්බට් අයින්ස්ටයින්ගේ මෙම පින්තූරය ගෙන ඇත්තේ 1951 මාර්තු 14 වැනිදා Arthur Sasse විසිනි.

    මීට අවුරුදු 106 කට පෙර එනම් 1905 දි වයස අවුරුදු 26 ක් වෙච්ච සාමාන්‍ය ලිපිකරුවකු ලෙස රැකියාව කල, ඇල්බට් අයින්ස්ටයින්ගැන වැඩිපුර විස්තර බලන්න එන්න...


    දැකලා තියෙනවා නේද මේ පින්තුරය??

    winXP01.jpg
    කට්ටිය මොකද කියන්නේ මේක හදපු පින්තුරයක්ද?
    නැතිනම් කැමරාවකින් ගත්ත පින්තුරයක්ද?
    ඒ ගැන වැඩියෙන් විස්තර මෙතනින් දැනගන්න පුළුවන්...

    The falling man (2001)

    Chamikawpblogspotcom4-4.jpg


    9/11 නිව්යෝක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේදි 107 මහලින් ඉවතට වැටෙන මිනිසා .. :shocked:

    ඒ ගැන වැඩියෙන් විස්තර දැනගන්න එන්න මෙතනින්....

    The Kiss (1945)
    දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය 1945 අගෝස්තු මස 14 වැනිදා ජපානය තම යටත් වීම ප්‍රකාශ කල පසු සතුටට පත්වු නාවික භටයකු විසින් හෙදියක සිපගන්නා මෙම ජායාරූපය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇත.
    9.gif



    Chamikawpblogspotcom11-16.jpg

    එය සටහන් ව තිබුනේ එම වේලාවේ ටයිම් චතුරශ්‍ර යේ සිටි Alfred Eisenstaedt ගේ කැමරාවටයි.


    සටහනට තෝරාගත් පින්තූර කිහිපයක් එකතු වුවත මීට අමතරව තවත්

    මෙවැනි ලෝක ප්‍රසිද්ධ වු ජායාරූප රුසක් මෙතනින් බලන්න පුළුවන්....
    11.gif


    අරහේ මෙහේ පින්තූර ගන්න අතරේ Pulitzer ත්‍යාගය ගන්න පොටෝ දෙක තුනක් ගන්න තමා මගේත් අදහස... :yes:

    හැමෝම ට්‍රයි එකක් දෙන්න.. :D

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]​
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විස්තර ටිකට ස්තුතියි යාලුවා.....
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    නියමයි සහෝ..
    කව්රුත් අනිවාර්යෙන්ම බලන්න ඕන පින්තූර ටිකක් :)