PHP කාපරයෙක් වෙමුද?

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Machanla mage assi ekakata website ekak design karanna wela tiyenawa mama html walin site eka design kara but mama php gana danne naha so kawuruhari eka php tweak karaganna help ekak denna. Mata mainly oni kohomada php coding tika html file ekak atulata daganne kiyala danagannai. eka database ekakata connect karanne kiyala danagannai. online tiyena ewa aran site eke mama html design karala tiyena forms and login system ekka connect karanna ba.

    උඹට මොක්කද හරියටම දැන ගන්න ඕනේ? code example එකක් එක්ක දාපන්. :angry::angry::yes::yes:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    Drop down box එකක් අරගෙන ඒකට onchange event එකක් දාලා
    අදාළ value එක user click කරාම ඒ value එකේ index එක ගන්න ඊට පස්සේ
    ඒ index number එක (0 based) මගින් අදාළ table එක අදුන ගෙන
    SELECT statement එකක් මගින් අදාළ table එකේ data retrieve කරගන්න පුලුවන්
    retrieve කරගත්ත data වලින් Page එක update කරගන්න.
    මේකට Ajax දානවා නම් page එක reload කරගන්නේ නැතුවම data retrieve කරගන්න පුලුවන්.

    free welaawaka code example 1k daapan machan puluwannam.
    thx
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    PHP අට්ටාලය ගහගමු

    මේ thread එකට මං හිතුවා PHP මුල ඉදලම ඉගෙන ගන්න ආස අයට පොඩි help එකක් දෙන්න.
    මං මේක වැඩකරු වගේ පටන් ගත්තට මං PHP ඉගෙන ගන්න පටන් අරන් මාස 7ක් විතර වෙන්නේ. ;);):yes::yes:
    ඉතින් තාම දන්නේ පොඩ්ඩයි. කොහොමහරි මං හිතන් ඉන්නේ අලුතෙන්ම PHP ඉගෙන ගන්න හිතන් ඉන්න අයට මුල ඉදන් ටික ටික post ටිකක් දාන්න.

    මොනා වුනත් elakiri එකේ Dhanuka Nilanjana සොහොයුරාට ස්තූති වෙන්න ඕනේ මාව දිරිමත් කරාට. :yes::yes:

    මුලින්ම කියන්න තියෙන්නෙ web site එකක් කියන්නේ magic නෙවෙයි. ඒක හරියට ගඩොලින් ගඩොල තියලා හදපු ගෙයක් වගේ. ඉතින් ඒ ගේ පේන විදියට ලස්සනට හදාගන්න මුල ඉදලම හරියට හදන්න ඕනිනේ. ;) ඉතින් අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .! තමන්ම ලියපු code එකක් run කරලා output එක දැක්කම පොඩි kick එකක්, එහෙම නැත්තම් තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස. නැත්තම් කාලේ නාස්ති කරගන්නැතුව දැන්ම වැඩේ අතැරලා දාන්න. :cool::cool:

    ඇත්තටම PHP කියන්නේ free download කරගන්න පුලුවන් එකක්. open source එකක්. ඔයාලා දන්නවා ඇති ඕනම web site එකක් right click කරල view source ගියාම ඒකේ html, javascript වගේ code පෙන්නනවනේ. එහෙම වෙන්නේ ඒවා execute වෙන්නෙ browser එකේ නිසා. නමුත් php code එහෙම පේන්නෑ. ඒවා run වෙන්නේ web page එක host කරලා තියෙන server එකේ. ඒ කියන්නේ php run කරන්න අනිවා server එකක්ඔ ඕනි කියන එකනේ සරලවම කිවොත්.. :lol:

    එතකොට web page එකක් internet එකේ run කරන්න online server එකක් ඕනි වෙනවා. ඉතින් ඒකට online hosting servers තියෙනවා ඕන තරම්. Ex: http://www.bluehost.com/ . හැබැයි ගෙවන්න ඕනි.:frown:

    ඉතින් ඔයාලට web site එකක් හදන්න ඕනි කියමුකො phpත් දාලා. කොහොමද කරන්නේ? සල්ලි දීලා server එකක් ගන්නවද? ඔයාලට ඔයාගේම computer එකේ server එකක් run කරගන්න පුලුවන්. ඊට පස්සේ පුලුවන් web site එකක් ඔයාගේ com එකේ run කරවගෙන බලන්න. හැබැයි ඒක Internet එකේ පේන්නේ නෑ. එහෙම පේන්න නම් online server එකක් සල්ලි දීලා අරන් ඒ server එකට upload කරන්න ඕනේ. :yes:

    හරි දැනට මං කියන්නම් කොහොමද ඔයාලගේ computer එකේ local server එකක් හදාගන්නේ කියලා. තව පොඩි දෙයක් කියන්න අමතක වුනා. මං මේවා ඔයාලට කියලා දෙන්නේ ඔයාලට html, css ගැන පොඩි හරි දැනුමක් ඇති කියලා හිතාගෙන. :yes::yes: එහෙම දැනුමක් නැත්තම් මුලින් ඒවා ඉගෙන ගන්න වෙනවා. ඒකට http://www.w3schools.com වගේ site වලින් ඉගෙන ගන්න පුලුවන්.
    ;)
    මේ වැඩේට හොද software එකක් තියෙනවා WAMP කියලා. මුලින්ම http://www.wampserver.com site එකට ගිහින් අදාල එක download කරගෙන install කරගන්න.

    WampServer-Installation-Guide.jpg


    මේක install කරලා run කරාට පස්සේ ඔයාලට පෙනෙයි යට task bar එකේ "W" අකුරක් ඇති. මේක අනිවා කොල පාට වෙන්න ඕනි. නැත්තම් ඒකියන්නේ server එක ready නෑ කියන එකයි. :shocked:

    wamp install කරද්දි අපිට web site එක හදන්න ඕනි සියලු දේ install වෙනවා. wamp කියන අකුරු වලින් කියවෙන්නේ ඒවා තමයි. W කියන්නේ නම් windows කියන එක. A කියන්න apache කියන එක. ඒක තමයි server එක. M කියන්නේ MySql. මේක තමයි අපේ database එක. P කියන්නේ PHP කියන එක.



    W - Windows
    A - Apache
    M - My SQL
    P - PHP


    හරි දැන් බලමු පොඩි code එකක් run කරලා. මුලින් බලන්න ඔයා wamp Install කරපු drive එකේ wamp කියලා folder එකක් ඇති. එකේ www කියලා folder එකක් ඇති. ඒ www folder එකට තමයි ඔයා හදන file ඔක්කොම save කරන්න ඕනි.


    www.JPG


    දැන් ඒකේ folder එකක් හදාගන්න කැමති නමකින්. මං හදනවා test කියලා. දැන් ඒ test folder එක ඇතුලට ගිහින් rightclick->new text document එකක් හදාගන්න.

    ඊට පස්සේ ඒ file එකේ මේ code එක type කරන්න.

    <?php

    echo "success";

    ?>

    දැන් save as යන්න. ඒකේ save as type එක All Files කරන්න. file name එක index.php කියලා දෙන්න. දැන් ok කරන්න.

    හරි දැන් පහල තියෙන WAMP Logo එක left click කරන්න. එකෙන් localhost තෝරන්න.

    wamp.jpg



    එතකොට ඔයාගේ browser එක open වෙලා wamp home page එක පෙන්නයි.

    http://1.bp.blogspot.com/-C-3XrNSP1Zo/T7tzJCyWfvI/AAAAAAAAADU/QXttrJwxNpE/s320/server.JPG


    ඒකේ පහලින්ම ඇති බලන්න your projects කියන තැන ඔයා www folder එකේ හදපු folder එකේ නම(test). ඒක click කරන්න. දැන් ඔයාට පේනවනම් success කියලා print වෙලා තියෙනවා ඔයා සාර්ථකයි.. :) :yes::yes::cool::cool:

    http://2.bp.blogspot.com/-QzJbPlfPsTw/T7tz1mbiXcI/AAAAAAAAADk/tP8aMDXBXok/s320/success.JPG

    ඊලග post එකේන් බලමු අපි database එකට data දාන්නේ කොහොමද කියලා PHP වලින්...
    ;)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    form එකක තියෙන data, Database එකකට දාමු.

    මං මේ post එකෙන් කියාදෙන්න හදන්නේ අපි හදන form එකක data ටික කොහොමද database එකකට දාලා ස්ථීරවම තියාගන්නේ කියලා.

    මං මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ NETBEANS කියන IDE එක. මේකෙන් ගොඩක් වැඩ ගන්නේ JAVA කරන්න හැබැයි PHP වලටත් හොදයි. PHP වැඩ කරන්න නම් IDE එක download කරද්දි PHPත් එක්ක download කරන්න ඕනි.

    මුලින්ම අපි HTML Form එක හදාගෙන ඉමු. ඉස්සෙලාම WWW folder එකට ගිහින් මොකක් හරි නමකින් folder එකක් හදාගන්න. මේක ඇතුලට තමයි අපේ හැම file එකක්ම දාන්න යන්නේ. ඊට පස්සේ NETBEANS එකට ගිහින් අලුත් project එකක් හදාගන්න. එකේ source folder එක අනිවාර්යයෙන්ම WWW folder ඔයා හදපු folder එකට දෙන්න.

    new+project.JPG


    project එක හැදුවට පස්සේ මෙහෙමයි...

    project+created.JPG


    දැන් අලුත් php file එකක් හදාගමු.

    ඒකට source files එක් right click කරලා new file->php file තෝරන්න.

    new+php+file.png


    දැන් ඒකට index කියලා නම දීලා finish කරන්න.


    index.JPG


    new+file+created.JPG


    දැන් ඔයාලාට පේනවා ඇති index.php කියලා file එකක් හැදිලා
    PHP:
    <?php    ?>
    කියලා කොටසක් ඇවිත් තියෙනවා.

    හැම PHP code එකක්ම ගහන්න ඕනි ඔය
    PHP:
    <?php    ?>
    Tag ඇතුලේ තමයි.
    php code විතරක් නෙවෙයි html, javascript,css වගේ ඒවත් ගහන්න පුලුවන්.
    එතකොට ඒ code ගහන්න ඕනි
    PHP:
    <?php echo " html code" ?>
    විදියට. එහෙම නැත්තම් PHP tag වලින් එලියේ ගහන්න ඕනි.

    දැන් form එක හදමු.

    මං html code එක php tag වලින් පිට ලියනවා.


    HTML:
    <form action="" method="post" name="firstForm">
    
        <table>
            <tr>
                <th>Name :</th>
                <td> <input type="text" name="fname" class="textfield"/></td>
            </tr>
            <tr>
                <th>Address :</th>
                <td>  <input type="text" name="fphone" class="textfield"/></td>
            </tr>
            <tr>
                <th>Birthday :</th>
                <td> <input type="text" name="fname" class="textfield"/></td>
            </tr>
            <tr>
                <th>Phone No :</th>
                <td> <input type="text" name="fbirthday" class="textfield"/></td>
            </tr>
            <tr>
                <th> </th>
                <td><input type="submit" name="insert" value="Add" /></td>
            </tr>
    
        </table>
    
    </form>


    මේ code එක run කරාම (Run කරන විදිය කලින් post එකේ තියෙනවා) මේ විදියට පෙනේවි.

    form.JPG


    මේක ලස්සන කරගන්න ඕන නම් මේ css code එකත් php tag වලට පිටින් දාගන්න.

    HTML:
    <style>
        form{
            background-color: lightskyblue;
            margin: 100px auto;
            padding: 20px;
            width: 300px;
        }
    
        form table tr th{
            font-family: arial;
            font-size: 12px;
            font-weight: normal;
            text-align: right;
        }
    
        form .textfield{
            width: 200px;
        }
        
        form table tr td .button{
            text-align: right;
        }
        
        
      
    </style>

    එතකොට මේ විදියට පෙනේවි.

    styled+form.JPG


    මේක මං table එකකට දාලා තියෙන්නේ මට ගානට format කරගන්න ඕන නිසා. table එක නොදා CSS වලින් වුනත් මේක මේ විදියට හදාගන්න පුලුවන්.

    මේ form එකේ action="" විදියට දාලා තියෙන්නේ form එකේ data ටික pass වෙන්න ඕනි මේ file එකටම නිසා. වෙන file එකකට යවා ගන්න ඕනි නම් ඒ file එකේ නම දෙන්න.

    form එකෙන් එන data යවා ගන්න මුලින්ම database එකක් හදාගමු.

    ඒකට WAMP icon එක left click කරලා phpmyadmin තෝර ගන්න.

    phpmyadmin.jpg


    create a new database කියලා තියෙන තැන කැමති database name එකක් දෙන්න.

    දැන් create new table කියන තැන Name එක "register" කියලත්, Number of fields තැන 5 කියලත් දෙන්න.
    Go click කරලා එන window එකේ මේ values දෙන්න.

    create+table.JPG


    මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න.

    primary.JPG


    දැන් save click කරන්න.

    table+created.JPG


    හරි අපි දැන් database එක හදලා ඉවරයි. දැන් form එකේ තියෙන data අරගෙන මේ data base එකේ register table එකට insert කරගමු.
    PHP:
    <?php
    if (isset($_POST['insert'])) { // cheking whether form is submitted
        
        $name = $_POST['fname']; // getting the name
        $address = $_POST['faddress']; //getting the address
        $birthday = $_POST['fbirthday']; //getting the birthday
        $phone = $_POST['fphone']; // getting the phone no
    }
    ?>

    මේ php code එකෙන් form එකේ type කරපු data variable වලට ගන්නවා. මේකේ මං if එකක් දාලා තියෙන්නේ form එකේ add button එක click කරලා තියෙනවද කියලා check කර ගන්න. ඒ කියන්නේ form එක submit කරලා තියෙනවද කියලා දැනගන්න. කොටු වරහන් ඇතුලේ දාලා තියෙන්නේ form එකේ ඒ ඒ input field වල name= කියලා දාලා තියෙන නම.

    මේ ගත්ත value ටික database එකට දාගන්න නම්, අපි හදපු form එකයි database එකයි link කරගන්න ඕනි.
    මේ ඒ දේ කරගන්න තියෙන තියෙන code එක.

    PHP:
    //connecting database
        $con = mysql_connect("localhost", "root", "") or die('Cannot connect to the database');
        mysql_select_db('phpblog', $con) or die('cannot select the  database');

    මෙතන phpblog කියන තැන ඔයාලගෙ database එකේ නම දාගන්න.

    form එකෙන් submit කරගත්ත data දැන් database එකට දාගමු.

    PHP:
    mysql_query("insert into register(id,name,address,birthday,phone)VALUES('','$name','$address','$birthday','$phone')");

    register කියන්නේ අපි හදාගත්ත table එකේ නම.

    හරි දැන් form එකේ මොනාහරි type කරලා add click කරලා phpmyadmin ගිහින් table name එක click කරලා බලන්කෝ..... :)

    data+inserted.JPG



    මෙන්න සම්පූර්ණ code එක.
    http://www.mediafire.com/?3rgf11jfnq7h9uj
     
    Last edited:
    • Like
    Reactions: udaraf850

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Good job,
    Macho methana
    "මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න."
    Mehema karanne ay kiyala poddak kiyanawada.
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Good job,
    Macho methana
    "මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න."
    Mehema karanne ay kiyala poddak kiyanawada.

    මේකනේ මචන්. උඹ හිතපන් පවුලක නිවුන්නු දෙන්නෙක් ඉන්නවා අදුරගන්නම බෑ උන් දිහා බලලා. ඒ වුනාට උන්ගෙ නම් වෙනස්නේ.. ඒ වගේ table එකට එකම වගේ record 2ක් ගියා කියමු. එක වගේ row 2ක් තිබ්බම ඒ 2 වෙන් කරලා අදුරගන්න තමයි primary key එකක් ඕන වෙන්නේ. A_I කියන්නේ Auto Increment නිසා පලවෙනි row එකට 1 වැටුණොත් අනිත් එකට වැටෙන්නේ 2 කියලා. එතකොට data සමාන වුනත් අපිට එතන row 2ක් තියෙනවා කියලා දැනගන්න පුලුවන්. ඒකනේ මේකෙ නමට id කියන්නේ. :yes::yes:

    මෙහෙම දාන එකේ වැදගත්කම අත්දැකීමෙන්ම දැනගන්න නම් table එකේ data display කරගන්න තැනට යන්න ඕනි මචන්. :D

    තේරුණාද දන්නෑ... :oo::oo::confused:
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    දැන් කට්ටියගේ wamp server එක දාල රුන් කලාම කොළ පාට වෙන්නේ නැටි අයත් ඇති
    එක වෙන්නේ 80 port එක වෙන application (ex: skype , teamviwer, MS SQL, and so on) එකකින් use කරන නිසා..
    so මේ file එක windows7 වල නම් run as administarator කියල run කරන්න
    xp නම් නිකන්ම run කරන්න
    then RESTART THE WAMP SERVER...

    http://www.mediafire.com/?5vcofo6hh31j1pg {Service Stop} -----> Run this first
    http://www.mediafire.com/?e76essstt4ofaha {Service Start}----> run this after finishing PHP work (this is not essential)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    දැන් කට්ටියගේ wamp server එක දාල රුන් කලාම කොළ පාට වෙන්නේ නැටි අයත් ඇති
    එක වෙන්නේ 80 port එක වෙන application (ex: skype , teamviwer, MS SQL, and so on) එකකින් use කරන නිසා..
    so මේ file එක windows7 වල නම් run as administarator කියල run කරන්න
    xp නම් නිකන්ම run කරන්න
    then RESTART THE WAMP SERVER...

    http://www.mediafire.com/?5vcofo6hh31j1pg {Service Stop} -----> Run this first
    http://www.mediafire.com/?e76essstt4ofaha {Service Start}----> run this after finishing PHP work (this is not essential)


    ela:yes::yes:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මේකනේ මචන්. උඹ හිතපන් පවුලක නිවුන්නු දෙන්නෙක් ඉන්නවා අදුරගන්නම බෑ උන් දිහා බලලා. ඒ වුනාට උන්ගෙ නම් වෙනස්නේ.. ඒ වගේ table එකට එකම වගේ record 2ක් ගියා කියමු. එක වගේ row 2ක් තිබ්බම ඒ 2 වෙන් කරලා අදුරගන්න තමයි primary key එකක් ඕන වෙන්නේ. A_I කියන්නේ Auto Increment නිසා පලවෙනි row එකට 1 වැටුණොත් අනිත් එකට වැටෙන්නේ 2 කියලා. එතකොට data සමාන වුනත් අපිට එතන row 2ක් තියෙනවා කියලා දැනගන්න පුලුවන්. ඒකනේ මේකෙ නමට id කියන්නේ. :yes::yes:

    මෙහෙම දාන එකේ වැදගත්කම අත්දැකීමෙන්ම දැනගන්න නම් table එකේ data display කරගන්න තැනට යන්න ඕනි මචන්.
    :D

    තේරුණාද දන්නෑ...
    :oo::oo::confused:
    Theruna theruna, Thaksss