Pick Me / Uber කවදාවත් මේ වැඩේ කරන්න එපා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    HEjeVRaMgRl9R0mO1eRgli6sarLROyyrrtk1uKO10AHoeU9bw39YuO5Rr-xXM2oMQsA7=h500


    අද දවල් පික් මි එකෙන් අපේ අක්කි කොල්ලුපිටියේ ඉඳලා පනදුරේට ගිහින්. අක්කි ඔෆිස් එකට pickMe taxi එකක් ගෙන්නවාගෙන. ඇවිත් තියෙන්නේ වැගන් ආර් එකක්. ඩ්‍රයිවර් අක්කි ඉන්න තැනට ඇවිල්ලා අදෝනාව දෙනවලු කෙළවරක් නැතිව. අනේ මිස් අපි පික් මි හයර් එක කැන්සල් කරලා යමු කියලා. ඩ්‍රයිවර් කියනවලු ඩ්‍රයිවර් ට වැඩක් නැහැ කියල යන හයර් එකෙන් පික් මි එකේ කොමිස් මුදල දුන්නම කියලා. pickMe එකෙන් කොමිස් මුදල 25 % ද කොහෙද ගන්නවලු. පස්සේ ඩ්‍රයිවර් ගැන දුක හිතිලා හා කමක් නැහැ යමු කියල PickMe booking එක කැන්සල් කරලා මෙයා ගිහින්. පස්සේ ගෙදර ගිහින් පැය දෙකක් වගේ ගියාට පස්සෙලු දන්නේ ලැප් ටොප් එක කාර් එකේ දාල ඇවිත් කියලා. මෙයා දෙලෝ රත්වෙලා ආපු ඩ්‍රයිවර් ගේ නොම්බරේ හොයලා . ඒත් ඩ්‍රයිවර් කෝල් කරලා තියෙන්නේ පික් මි ඇප් එක හරහා නිසා ඩ්‍රයිවර් ගේ රියල් නම්බර් එකත් නැහැ.

    පස්සේ අක්කි PickMe එකට කතා කරලා විස්තරේ කියලා. පික් මි එකෙන් කියනවලු එයාලට මේ පිලිබදව වගකීමක් ගන්න බැහැ කියලා. මොකද මිස් හයර් එක කැන්සල් කරලා ගිය නිසා මොකුත් කරන්න බැහැ. ඒ වගේම එයාලට වගකීම ගන්නත් බැහැ කියල. මිස්ට අවශ්‍යනම් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. නමුත් අපි මේ සම්බන්දයෙන් කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ කියලා. පස්සේ පික්මි එකේ මැනේජර්ස් ලට කතා කරත් එයාල කියන්නෙත් මේ කතාවම තමයි. දැන් අක්කිගෙ ඔෆිස් එකේ වැදගත් ෆයිල්ස් , පර්සනල් ෆයිල්ස් ඔක්කොම ලැප් එකේ. හදිසියෙවත් මේ ඩේටා නැති උනොත් office යන්න විදිහක් නැහැ. ඔක්කොම පිටරටවල් එක්ක කරපු ඩිල්ස් වල Quotations , Invoices , business proposals ඔක්කොම ඒ ලැප් එකේ.

    කොහොම හරි පැය ගානක් අඬ අඬා ඉන්නකොට මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් සෙට් උනා පික් මි එකේ වැඩ කරන එකෙක්ව. උගේ මාර්ගයෙන් ඩ්‍රයිවර් ගේ නොම්බරේ හොයාගෙන කතා කරා. ඩ්‍රයිවර් කියනවලු එහෙම ලැප්ටොප් බෑග් එකක් නැහැ කියලා. ඩ්‍රයිවර් දිවුර දිවුරා කියනවලු උගේ වාහනේ ලැප් එකක් තිබ්බේ නැහැ කියලා. පස්සේ අපි පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මැසේජ් එකක් යැවුවම පැය දෙකකට විතර පස්සේ ඩ්‍රයිවර් කෝල් එකක් ගත්තා. පොර කියනවා ලැප් එක කලින් වාහනේට නැගපු කස්ටමර් කෙනෙක් අරන් ගිහින් තිබිලා කියලා. ඌ ඒක අරන් ආවලු කස්ටමර්ගේ ගෙදර ගිහින්. 25 Km කට වඩා දුර ගියාලු . ඩ්‍රයිවර් අමු බොරු කියන්නේ කියල තේරුනා. මේක අලුත්ම MacBook Pro ලැප් එකක් නිසා ඩ්‍රයිවර්ට ආස හිතුනා වෙන්න පුළුවන්.

    පස්සේ ඩ්‍රයිවර් කියනවා දැන් ඉන්නේ වෙන්නප්පුවේ කියල . ආපහු පානදුරේට එන්න රුපියල් 28500 ඉල්ලනවා. හරි ලැප් එකේ ෆයිල්ස් වටිනා නිසා ඩ්‍රයිවර්ට එන්න කිවුවා. ඩ්‍රයිවර් වෙන්නපුවේ කියන්නේ බොරු. කොහොම හරි ගෙදර ගෙන්නලා අපේ කොල්ලෝ ටික ඌව වට කරගෙන් ලැප්ටොප් එක අරගෙන රුපියල් දෙදාහක් දුන්නා. පස්සේ ඩ්‍රයිවර් ගේමට එනවා. පස්සේ අහලපහල ගෙවල්වල ඉන්න කොල්ලෝ සෙට් ඔක්කොම වට වෙලා නිකන් කන පලගන්නේ නැතිව පල කියල රුපියල් දෙදහා දීලා පැන්නුවා.

    කවදාවත් පික් මි එකෙන් පිට පැනලා හයර් යන්න එපා. ඩ්‍රයිවර්ලගේ කන් කෙඳිරිය අපිට වැඩක් නැහැ. මොනවා හරි අනතුරක් හරි, නැත්නම් ඩ්‍රයිවර් ගෙන් වෙනත් අතවරයක් උනොත් ඒ පිළිබඳව පික්මි එකෙන් හෝ උබර් එකෙන් වගකීම ගන්නේ නැහැ. ඒවගේම passenger ට ලැබෙන PickMe රක්ෂණය වගේ දේවල් ලැබෙන්නෙත් නැහැ.

    අනෙක PickMe කියන්නෙත් බිස්නස් එකක්. උන්ටත් කැසිල්ලක් නැහැ නේ පිනට සර්විස් දෙන්න. ඩ්‍රයිවර්ල ගෙවන්න ඕනේ කොමිස් මුදලේ ප්‍රමාණය දැනගෙන නේ PickMe එක්ක හරි උබර් එක්ක හරි ජොයින් වෙන්නේ. එක නිසා පරිස්සමෙන්. මේක කාට කටත් හොඳ පාඩමක්.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Matath cancel karanna ahana unta mama kiyanawa cancel karala mama wena ekak yagena yannam kiyala. Ethakota kata wahagannawa.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    Matath cancel karanna ahana unta mama kiyanawa cancel karala mama wena ekak yagena yannam kiyala. Ethakota kata wahagannawa.

    ඔය වගේ වෙලාවට කියන්න තියන ලේසිම දේ තමයි මට ඔෆිස් එකෙන් හයර් එකට ගෙවන්නේ. ඔෆිස් එකේ කාර්ඩ් එක තමයි ඇඩ් කරලා තියෙන්නේ කියලා. එතකොට උන් කර්ඩ්ස් බැහැ , කෑෂ් ඕනේ කියන්නෙත් නැහැ. බුකින් කැන්සල් කරන්න කියන්නෙත් නැහැ. ඩ්‍රයිවර් අමනාපයකුත් නැහැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ane huththo, vehicle ekak hire karan yanawanam thaman dena ganna ona thamange dewal paressam kara ganna. ubala uta enna kiyala 25800 dunne nethi ekata ubalata gahanna ona.

    a driver ubalage akkage office eka danna nisa, a wesi eliyata enakan idala gu baldiyak gahanna ona.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ane huththo, vehicle ekak hire karan yanawanam thaman dena ganna ona thamange dewal paressam kara ganna. ubala uta enna kiyala 25800 dunne nethi ekata ubalata gahanna ona.

    a driver ubalage akkage office eka danna nisa, a wesi eliyata enakan idala gu baldiyak gahanna ona.

    තොට මොලේ නැති උනාට අනෙක් මිනිස්සුන්ට මොලේ තියනවා. උගේ ඉල්ලීමට අනුකම්පා කරලා බුකින් කැන්සල් කරලා හයර් ගියාම තව ඩ්‍රයිවර් ලැප් එකටත් කෙලින්න එනකොට තව ඌව හුරතල් කරන්න කියලද කියන්නේ. ඌ කතා කරනකොටම ඌ ඉන්නේ වෙන්නපුවේ නොවෙයි කියලා හොදටම දන්නවා. එක තේරුණා නිසා තමයි පව් කියල උට දෙදහස් පන්සීයවත් දුන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොට මොලේ නැති උනාට අනෙක් මිනිස්සුන්ට මොලේ තියනවා. උගේ ඉල්ලීමට අනුකම්පා කරලා බුකින් කැන්සල් කරලා හයර් ගියාම තව ඩ්‍රයිවර් ලැප් එකටත් කෙලින්න එනකොට තව ඌව හුරතල් කරන්න කියලද කියන්නේ. ඌ කතා කරනකොටම ඌ ඉන්නේ වෙන්නපුවේ නොවෙයි කියලා හොදටම දන්නවා. එක තේරුණා නිසා තමයි පව් කියල උට දෙදහස් පන්සීයවත් දුන්නේ.
    wennappuwa newei kiyala kohomada danne
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    hirthik wage driver kenek da awe akkita pickme pitin book karannai, lap file okkoma amathaka wela bahinnai kiyala ahapan..
     
    • Haha
    Reactions: itguy77

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    godak ewun ohoma awith card nam yanna baha, cash walata maru karanna naththan uber ekata pitin yamu gaana hama ekagema trip eka mamama cancel karala reason eka danawa. eeta passe unta kela wenawa uber system eken unta hire adu wenawa..

    unta cancel karanna dunnama un danne api trip eka yanna baha kiwwa wage reason ekak.. ethakota samahara wita u apu durata apita fine wenawa.
    unta kisi action ekak naha..

    uber ewun api inna location ekata langata enne nathuwa aatha indan call karanawa nam answer karanna epa,
    un ahanne uber ekata pitin yamuda, card baha cash witharai wage dewal.. ba kiwwa gaman un api call karala enna epa kiwwa kiyala reason eka daala trip eka cancel karanne..
    ethakota uta uber eken ganak labenawa habai apiwa uber system eke rank bahinawa, fine wenawa, busy time wala drivers la set wenna priority adu wenawa wage godak dewal wenna puluwan..
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,473
    1
    32,176
    113
    - උඩරට -
    පික්මී දුවන එවුන් බයයි මැනේජ්මන්ට් එකට..
    කම්ප්ලේන් එකක් දාපු ගමන් අරූට බඩු සෙනවා..
    හැබැයි ඉතින් ගූගල් ලොකේශන් විස්තර ඔක්කොම තියෙන විදිහට යන්න ඕනී..

    මටත් කියනවා ඕනී තරම් ඒ ගාන දෙන්නම් ඕෆ් කරලා යං කියලා ..
    මං එහෙම ගිහිනුත් තියෙනවා.
    එහෙම යනකොට උගේ ලොකු ටෝක් තියෙන්නේ..
    ඔන් කරන් යනකොට ටෝක්ස් නෑ පාඩුවේ යනවා 🤣