Pilot එපිය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,492
    124,464
    113
    දෙහිවල
    ගොඩක් Tv shows වල මුල්ම එපිය Pilot කියලා හඳුන්වන්නෙ ඇයි කියලා දැනන් හිටියද?

    Tv shows නිතරම බලන කෙනෙකුට නම් ගොඩක් තැන්වල අහුවෙලා ඇති පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙ නම "Pilot" කියලා තමා හඳුන්වලා දීලා තියෙන්නෙ.ඇත්තටම මේකට හේතුව මොකක්ද?

    "Pilot" කියන ඉංග්‍රීසි වචනෙ සිංහල තේරුම නම් නියමුවා යන අදහසනෙ. එතකොට මේක Tv shows වලට එනකොට එතන තියෙන්නෙත් නියමුවා යන අදහසම තමයි. අපි දන්නවා හැම එපියකටම අදාල නමක් ගොඩක් tv shows වල තියනවා.ඒ උනාට ගොඩක් tv shows වල පලවෙනි එක "Pilot" උනේ කොහොමද. ඒකට හේතුව මේකයි.

    "Pilot" කියන්නෙ ඇත්තටම ඒ එපිසෝඩ් එකේ නම නෙමෙයි.ඒක technical word එකක්. සරල සිංහලෙන් කිව්වොත් මේ වචනෙ tv networks වලින් භාවිතා කරන තාක්ෂණික වචනයක්.
    අපි දන්නවා ප්‍රධාන පෙලේ ඇමෙරිකාවෙ නාලිකා Fox, The CW, NBC, CBS, ABC, NETFLIX වගෙ ගොඩක් තියනවා.ඉතින් මේවට TV shows ගැන ideas ගොඩක් tv shows හදන අයගෙන් ලැබෙනවා.
    ඉතින් මේ "Pilot" කියන episode එකෙන් කරන්නෙ Tv show එකේ ඉන්න චරිත සහ ඉදිරියට කතාව ගලාගන යන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන එක.
    ඇත්තටම මේ episode එකේ ratings සහ සාර්ථකවත්ය මත තමා tv නාලිකාවක් විසින් මෙම tv show එක මිලදී ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නෙ.සරලවම කිව්වොත් Pilot කියන එපිය සාර්ථක උනොත් විතරයි ඉදිරි එපිසෝඩ් ටික එම නාලිකාව විසින් මිලදී ගන්නෙ.
    මේ "Pilot" කියන episode එක prototype එකක් විදියටත් හඳුන්වනවා.ඒ කියන්නෙ මූලාකෘතියක් විදියට.කතාවෙ හැඳින්වීම සම්පූර්ණයෙන්ම කරන්නෙ "Pilot" කියන එපිය හරහා.

    කතාවට මග පෙන්වන්නෙ Pilot කියන එපිය හරහා.ඒ හේතුව මත පලමු එපියට "Pilot" කියලා නම දාලා තියනවා කියලා තමා අන්තර්ජාලයෙ කියවෙන්නෙ. නමුත් "Pilot" කියන්නෙ මම කිව්වා වගෙ තාක්ෂණික වචනයක් විතරයි ඒක පලමු එපියෙ හරිම නෙමෙයි.
    ඒ වගේම Pilot එපිය අසාර්ථක වෙච්ච ගොඩක් tv shows, tv networks වලින් ප්‍රතික්ෂේප වෙලත් තියනවලු.
    මේ තියෙන්නෙ ප්‍රසිද්ධ tv shows කිහිපයක් තමන්ගෙ පලමු එපිය pilot විදියට යොදාගත්තු

    The 100, Agent X, Arrow, Breaking Bad, Banshee, The blacklist, Blindspot, Deception, Elementary, Freinds, Fringe, FBI, Jack Ryan,
    Lost, Manifest, Person of Interest, Prison Break, Supernatural, Touch, The vampire diaries, Under the dome, White collor, The X Files


    0_eoqVzyWgYRxXEgiZ.jpeg


    උපුටාගැනීම බුකියෙන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලංකාවේ එහෙම නැහැ නේ
    දෙවෙනි ඉනිම වගේ කතාවක පලවෙනි එපියට පයිලට් කියල නම තිබ්බොත් දැනට යන එපියට දාන්න වෙන්නෙ,

    පයිලට් ප්ලේන් එක බාන මත්තල එයාපෝට් එකේ ගබඩා කරන්න ගේන වී ගන්න කුඹුර හාන ට්‍රැක්ටරේට ඩීසල් ගහන ෂෙඩ් එක අයිති එකා බැඳල ඉන්න ගෑනිගෙ මහගෙදර හදන්න කොන්ත්‍රාත් ගත්ත බාසුන්නැහෙට අත් උදවු දීපු කොලුවගෙ නම.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,492
    124,464
    113
    දෙහිවල
    දෙවෙනි ඉනිම වගේ කතාවක පලවෙනි එපියට පයිලට් කියල නම තිබ්බොත් දැනට යන එපියට දාන්න වෙන්නෙ,

    පයිලට් ප්ලේන් එක බාන මත්තල එයාපෝට් එකේ ගබඩා කරන්න ගේන වී ගන්න කුඹුර හාන ට්‍රැක්ටරේට ඩීසල් ගහන ෂෙඩ් එක අයිති එකා බැඳල ඉන්න ගෑනිගෙ මහගෙදර හදන්න කොන්ත්‍රාත් ගත්ත බාසුන්නැහෙට අත් උදවු දීපු කොලුවගෙ නම.

    :yes: :yes: :yes: ;);););):lol::lol::lol: