Pissu kora jokes

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    sesyyhds.jpg
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වැඩ ඇරී ගෙදර යන සිල්වාට, පෙරේරා හමු වුණේ මහමඟ දී ය.
    ‘ඉස්සර නං අපේ මායියා මුළු මාසෙටම මගෙත් එක්ක රණ්ඩු කරගත්තේ එක දවසයි. දැන් මාසෙට දවස් හතරක් ම ඒ ගෑනි මගෙත් එක්ක වලි.’ පෙරේරා කිව්වේ සිල්වා ආගිය තොරතුරු විමසද්දී ය.
    “ඒ මොකද මිස්ටර් පෙරේරා?” සිල්වා යළිත් විමසුවේ විමතියෙනි.
    “දැන් මම වැඩ කරන කොම්පැනියේ ගෙවන්නේ මාසෙ පඩි නෙමෙයි, සුමානෙ පඩි” පෙරේරා කීය.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්…. ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

    වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

    මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්…. වියපත් ස්වාමිපුරුෂයා අමතා..

    “මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?”

    වියපත් තැනැත්තා – ” අනේ එපා… ”

    තරුණයා – “එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ… ඔයාට කෑම මදිවෙයි කියලා නේද? ”

    වියපත් තැනැත්තා – ” අනේ නෑ මහත්තයා…. මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ….”
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ලෙස්ලි මානෙල්ට ප්‍රේම කළේ මුළු හදවතින් ම ය. මානෙල් කියන ඕනෑ ම දෙයක් කියූ සැණෙන් කිරීමට තරම් උමතු පෙම්වතකු වූ ලෙස්ලි දිනක් රාත්‍රියේ මුහුදු වෙරළට වී මානෙල් සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේ ය.
    බලන්ට අනේ, අද හඳ මොන තරම් ලස්සන ද? මානෙල් කීවේ ලෙස්ලි දෙසත්, අහස දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.
    “ඇයි රත්තරන්, ඔයාට ඒක ඕනෙද?” ලෙස්ලි ඇසුවේ ආදරයෙන් මුසපත් වෙමිනි.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මීයෝ දෙදෙනෙක්,, දිනක් රාත්‍රියේ රජයේ කාර්යාලයකට ඇතුළු වී එහි ප්‍රධානියා ගේ විශාල මේසය මතට ගොඩ වුණේ්ය.
    ‘මෙතැන කලින් හිටපු ලොක්කා මාරු වෙලා ගිහිං බං.” මේසය මත එහා මෙහා දුවමින් ඉව ඇල්ලූ එක මීයෙක් අනෙකාට කීය.
    “උඹ කොහොමද එහෙම කියන්නෙ” විමතියට පත් අනෙක් මීයා ඇසීය.
    “ඇයි බං අපි කලින් සැරේ එනකොට මේ මේසෙ උඩ තිබුණු රේස් කොළ මිටිය දැන් මෙතන නැහැනෙ...” පළමු මීයා කීවේය.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගොඩක් Re-post තියෙනවා බං...
    ඒත් Re-post කියලා දෙපාරක් හිනාවෙන්න තහනම්ද...?

    Nice WrK Mchn...
    එළකිරි.com
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ගොඩක් Re-post තියෙනවා බං...
    ඒත් Re-post කියලා දෙපාරක් හිනාවෙන්න තහනම්ද...?

    Nice WrK Mchn...
    එළකිරි.com

    රි පෝස්ට් වලට සොරි මෙයා. කලින් දාපු අය ඉන්නවන්ම් තරහා වෙන්න එපා !!!!!!!