Planning to build robot – Arduino Sinhala diy

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
අපි සාමාන්‍යයෙන් ආඩුඊනෝ පාවිච්චි කරලා මුලින්ම හදන්නේ line following robot කෙනෙක්.අද මම කියලා දෙන්නේ ඒ ගැන නං නෙවෙයි.ඊට වඩා ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන.

20180522_175825-857344797.jpg


මේ ඉන්නේ ලගකදි හදපු රොබෝවෙක්.module කිහිපයක් පාවිච්චි කරලා හදපු මේ රොබෝවගේ මොකක් හරි හේතුවකට එක මොඩුයුල් එකක් මාරු කරන්න ඕන උනොත් අපිට ඒකේ pin ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ.ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද රොබෝ කෙනෙක්ව හදන්න plan කරන්නේ කියලා.

මුලින්ම ඔයාට දල අදහසක් තියෙන්න ඕන ඔයා හදන්න යන රොබෝවා ගැන.රොබෝල හදන ඒවා ගැන arduino sinhala blog එහෙම තියෙනවා මේ ගැන හොද ලිපි එහෙම තියෙන.( නිසල් අයියාගේ සහ myhub.lk ලගේ youtube channel එහෙම.)(මමත් අගෝස්තු වලින් පස්සේ මේ ගැන කරන්න බලාපොරොත්තු වෙනවා!)

ඔයාට යන වියදම ගැන දළ අදහසක් ගන්න පුලුවනි නං වඩාත් නුවණට හුරුයි.{පොතක් අරන් ඕන දේවල් ලියලා ඊබේ හරි අලි එකෙන් හරි ගණන් ටික බලලා ලියාගෙන ඒ ටික එකතු කරලා තියන්න.}

ඔයා වෙන රටකින් නං බඩු ගෙන්නන්නේ ඔයා ගෙන්නපු බඩු වලට මම ඉස්සෙල්ල කිව්ව පොතේ බඩුවට ඉස්සරහින් හොදට පේන්න හරියක් දාන්න.

දැන් ඔයා ඔක්කොම බඩු ටික ගෙන්නලා ඉවරයි ඔන්න.ඔයා මේ ඔක්කෝම එකට අමුණලා දැන් රොබෝව හදන්නයි යන්නේ.

මුලින්ම අර ඉස්සෙල්ල ගත්ත පොතේ වෙන හිස් පිටුවක් ගන්න.උදාහරණයට අපි හිතමුකෝ ඔයා හදන්නේ line following රොබෝවෙක් කියලා.එහෙනං මුලින්ම IR sensors ටික මොකක් හරි සංකේතයක් පාවිච්චි කරලා ඇදගන්න.ඒ එක එකක් connect වෙන arduino board එකේ pin ටිකත් ලියා ගන්න.(යට පින්තූරේ වගේ)



20180522_1759091460245141.jpg
20180522_18005877727488.jpg


මේ left සහ right කියන්නේ රොබෝවට මේ පැනල් එක හයි කරහම පැනල් එකේ වම සහ දකුණ කියන එකයි.

මේ වැඩේ ලස්සනට ඔනී නං නෑ ඒත් පිළිවෙලට කරන්න.

මෙහෙම එක එක module එකට එක පිටුව ගානේ හරි පිටු භාගේ ගානේ වගේ පාවිච්චි කරාට කමක් නෑ.{කොහොම හරි පස්සේ කාලේක ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇදගන්න.}

දැන් ඔයා ඔයාගේ රොබෝවාගේ මූලික වැඩ ටික අහවරයි.දැන් තියෙන්නේ programming පැත්ත.

කලින් උඩ තිබ්බ පින්තූරේ වගේ ඔයා එක එක සෙන්සර් එක s1 , s2 … කියලා නම් කරලා තිබ්බ නං ඒවාම programming කරනොකොටත් පාවිච්චි කරන්න.වෙන සංකේත පාවිච්චි කරනවනං ඒ ගැන අර කලින් කිව්ව පොතේ සදහන් කරන්න.

දැන් තියෙන්නේ ඉතින් රෝබෝවාව යවන්න.තව දෙයක්.මේ වැඩේට පිටු හතලිහක විතර පොඩි පොතක් ගන්න.ඉස්සර පිටුවේ ලොකුවට project alliance වගේ මොකක් හරි ලියා ගත්තට කමක් නෑ.{රොබෝවා නැති කර ගත්තත් පොත නං නැති කරගන්න එපා!! }එහෙනං මම ගියා 👋👋👋

2-1.gif




Source -: https://make.lk/planning-to-build-robot-arduino-sinhala-diy/