~ Please do not disturb ~

kavalan

Member
Sep 17, 2011
64
37
0
දෑන් ගෙදර...
ඔන්න… එකමත් එක ගමක හිටියලු මලිති කියලා ගෑණු ළමයෙක්. ....මෙයා නම් ඉතිං ටිකක් ඇහැට කණට පෙනෙන ළමයෙක්ලු හොඳේ…

දවසක්දා මලිති රූපවාහිනියෙ පුද්ගලික නාලිකාවක දිග හැරෙන ටෙරා ටෙලියක් බල බලා හියටියලු. ඕවගෙ මැද්දේ ඉතිං තිස්තුන් කෝටියක් මද විරාම තියෙනවනේ. අන්න එහෙම එකක් අතරෙදි දාපු පොඩි දැන්වීමකට මේ කෙල්ලගෙ හිත ගියාලු. අහවල් කුමරිය තෝරනවා, කැමති අය ඡායාරූපයකුත් එක්ක ඉල්ලුම් පත්තරයක් එවන්න කියල තමයි මේ දැන්වීමේ තිබ්බේ…

මලිතිටත් පොඩි ඇම්මක් තිබ්බලු ජනප්‍රිය වෙන්න… මේකත් ඉතිං මරු අවස්ථාවක්නේ… අර කියපු විදිහට ඉල්ලුම් පත්තරයක් එහෙම දාලා සති දෙකකින් විතර මෙයාගෙ ගෙදරට ලියමනක් ආවලු. ලියමන ඉතිං අහවල් කුමරිය තෝරන වැඩසටහනෙන් තමා ඕං. ලියමනේ තිබුන දේ සැකෙවින් කියනවනම් මෙහෙමයි… “මලිති, අප වැඩසටහන සඳහා ඔබ තේරී පත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මෙම මස විසි වැනි ඉරිදා අහවල් හෝටලයේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති අතර ඒ සඳහා ඔබගේ සහභාගීත්වය අනිවාර්ය වේ. ඉන් තේරීපත්වන තරඟ කාරියන් උදෙසා සතියක නේවාසික පුහුණුවක් එම හෝටලයේදීම පැවැත්වෙන බැවින් ඒ සඳහාද සූදානම්ව පැමිනෙන්න…”

මලිතිටත් ඉතිං දැං ඉහේ මලක් පිපුණා වගේලු… මොකද ඉතිං හීනෙ හැබෑ වෙන්නනේ යන්නේ… කොහොමින් කොහොම හරි ගෙදර අයටත් මේ වැඩේ ප්‍රතිලාභ ගැන පැහැදිලි කිරීමක් එහෙම කරලා, ගෙදරිනුත් අවසර අරගෙන අහවල් කුමරිය වීමේ තිරසාර අධිශ්ඨානයෙන් යුතුව මලිති ගියාලු අහවල් හෝටලේට අර කියාපු දවසෙදී…

කෙල්ලගේ වාසනාවටද අවාසනාවටද මම දන්නෑ… කෙල්ල සම්මුඛ පරීක්ෂණයෙන් නම් ගොඩ ගියාලු.
දැං ඉතිං පුහුණු සැසියකුත් තියෙනවානේ… මේකට තේරිලා ඉන්න අයට හෝටලේ නවාතැන් පහසුකමුත් ලැහැස්ති කරලා තිබුනලු. එක්කෙනෙකුට එක කාමරේ ගානෙ දීලා තියෙන හන්දා මුළු හෝටලේම පිරිලා හිටියේ අපේ මලිති වගේ “අහවල් කුමරියෝ” සෙට් එකෙන්මලු. මලිතිත් ජීවිතේ පළමු වතාවටලු හොටල් කාමරේකට ආවේ… පොඩි වොශ් එකක් එහෙම දාගෙන ඉවරවෙලා, පොඩ්ඩක් ඇල වෙන්න ඕනෙ කියල හිතපු මලිති ඇඳට ගොඩ වුනාලු. අනේ ඉතිං දුප්පත් කෙල්ල… ගමන් විඩාව වැඩි කමටද කෙහෙදෝ මලිතිට එහෙමම නින්ද ගියාලු.

මෙහෙම කුම්භකරණයා වගේ නිදාගත්තු මලිති නැගිට්ටේ පහුවෙනිදා උදේලු… උදේ අටට කුමරි පුහුණුව පටන් ගන්න තියෙන නිසා කෙල්ලත් ඉතිං හනි හනිකට ලක ලැහැස්ති වුනාලු. හැබැයි දැන් මලිතිට පොඩි ප්‍රශ්නයක්… පොඩි කිවුවට පොඩිත් නැහැ මලිතිට… පව් අහිංසක කෙල්ල… හූල්ල හූල්ල ඉන්නවලු ඇඳේ වාඩිවෙලා…

ඔන්න ඉතිං ඔය අතරෙදි කාමරේ තියෙන දුරකථනය නාද වෙන්න පටන් ගත්තලු. දුරකථන සංවාදය මෙහෙමලු වුනේ…

මලිති – හෙලෝ…

අමතන්නා – හෙලෝ… මලිති?

මලිති – ඔව් මලිති තමයි…

අමතන්නා – ආ මලිති… ඉක්මනට පූල් එක ලඟට එන්න… අපි පුහුණව පටන් ගන්නයි යන්නේ…

මලිති – ඒකනේ අනේ… මට මේ කාමරෙන් එලියට එන්න බැරිවයි ඉන්නේ…

අමතන්නා – ඒ මොකද? දොර ඇරගෙන එන්න එලියට… ඇයි ඒක ලොක් වෙලාද?…

මලිති – නෑ අයියෝ… මේකෙ එලියට එන්න දොරක් නැහැනේ… තියෙන්නේ දොරවල් තුනයි…. එකක් බාත් රූම් එකේ දොර. අනික ඇඳුම් අල්මාරියේ දොර… අනිත් දොරේ ගහල තියෙනවා “Please Do Not Disturb” කියලා.