Please help me to get this Survey completed :) .

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    Hey Guys,

    I'm conducting research on domestic workers in Sri Lanka and would be immensely grateful if you could fill out the survey. It is anonymous and will take 10-15 minutes. Please forward this to anyone you know who currently employs a domestic worker

    Take the Survey:
    In English
    In Sinhala
    In Tamil


    සියලු දෙනා වෙත,
    ජනවාර්ගික අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික කේන්ද්‍රය (ICES) විසින් ශ්‍රී ලංකාවේ ගෘහස්ත ශ්‍රමිකයින් පිළිබඳව අධ්‍යයනයන් පවත්වනු ලැබේ. මෙම අධ්‍යයනය මඟින් බලාපොරොත්තු වන්නේ සේවා සම්බන්ධතා සහ වැඩ තත්ත්වයන් පිලිබඳ දැනුම වර්ධනය කර ගැනීමයි.

    ගෘහස්ත ශ්‍රමිකයකු යනු පහත සඳහන් ආකාරයේ කටයුතු සඳහා නිවසක් තුළ සේවයේ යොදවා ගන්නා තැනැත්තෙකි: එනම්, රිය පැදවීම, පිරිසිදු කිරීම, ආහාර පිසීම, උද්‍යාන අලංකරණය, නිවස බලා ගැනීම, රෙදි සේදීම, ළමයින් බලා ගැනීම, වැඩිහිටියන් හෝ රෝගීන් බලා ගැනීම, සුරතල් සතුන් බලා ගැනීම වැනි දේ ය. ඔවුන් ඔබ සමඟ හෝ ඔවුන්ගේම නවාතැනක ජීවත් වන අතර, පූර්ණ කාලීනව, අර්ධ කාලීනව හෝ අවශ්‍ය වූ විටක පමණක් පැමිණ සේවය කරනු ලැබිය හැකිය.

    මෙබඳු ආකාරයේ ගෘහස්ත ශ්‍රමිකයකු දැනට ඔබේ නිවස තුළ සේවයේ යොදවා ගනු ලැබේ නම්, "ගෘහස්ත ශ්‍රමිකයින් පිළිබඳ සේවාදායකයින්ගේ අදහස්" නමැති මෙම සමීක්ෂණය සඳහා සම්බන්ධ විය හැකිය. මෙම සමීක්ෂණය තුළ ඔබගේ අනන්‍යතාව හෙළි නොවන අතර, සම්පූර්ණ කිරීම සඳහා දළ වශයෙන් මිනිත්තු 10-15ක් ගත වනු ඇත.

    සමීක්ෂණය:
    සිංහල බසින්,
    ඉංග්‍රීසි බසින්,
    දෙමළ බසින්,
    පුරවන්න.

    කරුණාකර ඔබ දන්නා අනෙකුත් සේවා දායකයින් සමඟ මෙම තොරතුර බෙදා ගන්න.

    ඔබ මෙම අධ්‍යයනය සඳහා සහභාගී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු..!

    ස්තුතියි.