Please Read: මරණ සති භාවනාව පුරුදු කරමු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Please Read: මරණ සති භාවනාව පුරුදු කරමු

    All-rights-reserved-by-Maheash-Nelanka_11.jpg




    අපි අද මරණ සති භාවනාව පුරුදු කරන ආකාරය ටිකක් ඉගෙන ගනිමු. මරණ සති භාවනාව ඉගෙන ගෙන ඊට පස්සේ තම තමන් පෞද්ගලිකව පුරුදු කර ගන්ට ඕනැ. එසේ පුරුදු කරගෙන බහුල වශයෙන් ඒ භාවනාව කරන්ට පුළුවන් කාලයක් උපදවා ගන්ටත් ඕනැ.
    මුලින්ම පහසු ඉරියව්වකින් වාඩිවෙන්න. කය හොදට ඍජුව ප‍්‍රාණවත්ව තියා ගන්න. කයේ මැලි ගතිය අතහැර ගන්න. දැන් හොඳට සිහිය උපදවා ගන්න. ඊලඟට තේරුම් ගන්න තමන් ඉන්නෙ කොතැනද කියල. ඉන්නෙ ගෙදර නම් තේරුම් ගන්න දැන් මේ ගෙදර කාමරයේ වාඩිවෙලා ඉන්නේ කියල. ඇස් වහගෙනත් තේරුම් ගන්න, ”මම දැන් මේ ගෙදර කාමරයේ වාඩිවෙලා ඉන්නේ” කියල. දැන් ටිකෙන් ටික තමන්ගේ ඉරියව්වට හිත පිහිටුවා ගන්න. දැන් තේරුම් ගන්න ”මම වාඩිවෙලා ඉන්නේ” කියල. වාඩිවෙලා ඉන්න ඉරියව්ව හිතින් තේරුම් ගන්න. මම දැන් වාඩිවෙලා ඉන්නේ කියල හොඳට තේරුම් ගන්න. කලබල කර ගන්ට එපා. සිත සංසුන් කර ගන්න. ශරීරය සැහැල්ලූවෙන් තියා ගන්න. දැන් මේ විදිහට මෙනෙහි කරන්න.
    ඉපදුන මනුෂ්‍යයා කොයි මොහොතේ හෝ මැරිල යනවා. මගේ මරණයත් කොයි මොහොතේ හෝ සිද්ධ වෙන්ට පුළුවන්. මොන විදිහකින් හෝ මම මැරිල යන්ට පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්ට කලින් මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. ඇතුලූ වෙන හුස්ම පිවෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්ට පුළුවන්.
    මේ විදිහට මම මැරෙන කොට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන කොට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි… (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)
    ටික වෙලාවක් මේ විදිහට පුරුදුවෙලා භාවනාවෙන් ඉවත් වෙන්ට කලින් සමාධිය බැස යත්වා කියල හිතන්න. දැන් ඇස් දෙක අරින්න.
    මේ පිළිවෙලට මරණ සති භාවනාව පුරුදු කර ගන්න. වාඩිවෙලා භාවනා කරන්නත් පුළුවන්. නිදාගෙන ඉන්න ඉරියව්වෙන් වුනත් මේ භාවනාව කරන්ට පුළුවන්. නිදිමත බලවත් නම් නිදියන ඉරියව්ව සුදුසු නෑ. පුළුවන් හැම වෙලාවකදීම වාඩිවෙලා මේ භාවනාව පුරුදු කරගන්ට බලන්න. විශේෂයෙන් තමන් මරණයට පත්වෙන්ට තියෙන විදිහවල් සිහි කිරීමෙන් මරණ සති භාවනාව අපිට හොඳින් හුරු කර ගන්ට පුළුවන්. ඒ වගේම අන් අයගේ මරණයක් ආරංචි වුනාම හෝ දැකීමෙන් හෝ ඒ මරණය මුල් කරගෙන තමාත් මරණ ස්වභාවයට පත් වෙනවා කියල කල්පනා කිරීමෙනුත් අපිට සංවේගය උපදවා ගන්ට පුළුවන් කම තිබෙනවා.
    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ”මේ විදිහට පිටවෙන හුස්ම ඇතුලූ වෙන්ට කලින් මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන් කියල යම් කෙනෙක් මරණ සතිය නිතර වඩනවා නම්, බහුල වශයෙන් පුරුදු කරනවා නම්, අත් නොහැර පුරුදු කරනවා නම්, අන්න එයා අප‍්‍රමාදී බවට පැමිණිලා තිබෙන්නේ” කියල.අප‍්‍රමාදී කෙනාට පුළුවන්කම ලැබෙනව මේ සසරින් සදහටම නිදහස් වෙන්ට. ඒ නිසා මේ මරණ සතිය හොඳින් පුරුදු කර ගැනීම, ක‍්‍රමානුකූලව පුරුදු කර ගැනීම, පිළිවෙලකට පුරුදු කර ගැනීම, සකසා පුරුදු කර ගැනීම අපට ප‍්‍රමාණ රහිත වූ යහපත උදාකර දෙන දෙයක්.
    විශේෂයෙන් මරණ සතිය ගැන හොඳින් ඉගෙන ගෙන ඒ ධර්මයන් හොඳින් තේරුම් අරගෙන අවබෝධයකින් යුක්තව මේ භාවනාව පුරුදු කර ගන්න කල්පනා කරන්න. අවබෝධයක් නැත්නම්, වැටහීමක් නැත්නම් අපි මේක කරන්නෙ නැහැ. අපිට වැටහීමක් තිබුනොත් තමයි ඒ වැටහීම සමඟ භාවනාව පුරුදු කරන්නේ. ඒ වැටහීම ඇතිකර ගැනීම පිණිස තමයි මරණ සතිය පුරුදු කරන කෙනා තුළ සංවේගය උපදින ආකාරයත්, සංවේගය උපදින කෙනා තුළ නුවණින් සලකලා වීරිය උපදින ආකාරයත් කෙටියෙන් විස්තර කර පෙන්වා දුන්නේ (පසුගිය සතියේ ලිපිය බලන්න). මේ පින්වතුන්ට ඒ ධර්මයන් බොහෝ සෙයින් පිහිට පිළිසරණ පණිස පවතී.
    අපිට මේ ලැබුන ධර්ම දායාදය අපේ ජීවිතයට ප‍්‍රතිඵල සහිතව භාවිතා කර ගන්නට මේ දහම් දැණුම උපකාර වෙයි. මේ ධර්මය මෙහෙමයි හිතේ පුරුදු වෙන්නේ, මෙහෙමයි හිතේ පිහිටන්නේ කියන වැටහීම අපිට තියෙන්න ඕන. නැතුව අපිට මේ ධර්මය පුරුදු කර ගන්ට බෑ. අපි ලදරුවෙකුට “කන්න පුතේ” කියල ඉතාම ආදරයෙන් රස ගුණ බත් පිගානක් දෙනවා. එයා මොනව කරගනියි ද? කන්න පුළුවන් වෙයිද? දැකල නෑ නේද එහෙම අය කෑම කනවා. ඒ ආහාරය භුක්ති විදින්න දක්ෂ කමක් එයාට නෑ. ඇයි එයා ලදරුවෙක්. ඒ ලදරුබව තියන තාක් එයාට ඒ ආහාරය අනුභව කරල සුවපත් භාවයට, බලවත් භාවයට, නිරෝගී භාවයට පත් වෙන්ට බෑ. ඒ නිසා අපි ලඟත් මේ වගේ ලදරු බවක් තියනවා. අපේ ලදරු බව තමයි නොතේරුම් කම හා නොදන්නා කම. ඒක බැහැර වෙලා ගියාම අපි දන්න අය, මෝරපු අය බවට පත් වෙනවා. වැඩිහිටියන් බවට පත් වෙනවා. අන්න එහෙම තේරුම් බේරුම් කරගෙන යමක් කරන්න පුළුවන් බව තමයි ලදරු බව ඉක්මවා යනවා කියල කියන්නේ. ඊට පස්සේ අපි පිළිවෙලකට යමක් කරන්ට පුළුවන් අය බවට පත් වෙනවා. එතකොට අපි පිළිවෙලකට යමක් කරල සාර්ථකත්වය අත්කර ගන්නවා.
    ඒ නිසා මේ පින්වතුන්ට ධර්මය පුරුදු කිරීමේදී පුරුදු වෙන ආකාරය, පිහිටන ආකාරය ගැන කතා කළ කරුණු මේ ධර්මය පුරුදු කරගෙන යාමේදී බොහෝ උපකාර වෙයි. මේ ධර්මය පුරුදු කරගෙන යනකොට ඒ පුරුදුවෙන ආකාරය තමන්ට තේරෙන කොට තමන්ට වීරිය උපදිනවා. තමන්ට විශ්වාසය වැඩිවෙනවා. එයා හොඳින් පුරුදු කරගෙන යනවා. ඒ නිසා මරණ සතිය හොඳින් පුරුදු කර ගන්ට අපි කල්පනා කරන්ට ඕනැ. කැමති වෙන්ට ඕනැ. විශේෂයෙන් තේරුම් ගන්න මරණ සතිය හොඳින් තේරුම් ගන්න බැරි වුනොත් අපිට අනෙකුත් භාවනා හොඳින් පුරුදු කර ගන්න අමාරු බව. ඒක අපි කලින් කතා කළා. සංසාරේ ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ කියා දී තිබෙන දේ අපි ඉගෙන ගත්තොත් මරණ සතිය පුරුදු කර ගන්ට අපිට පහසු වෙනවා.
    භග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ”අරක” කියල ශ‍්‍රාස්තෘන් වහන්සේ කෙනෙක් ගැන. අතීත කාලේ අරක කියල ශ‍්‍රාස්තෘන් වහන්සේ නමක් වැඩ වාසය කරල තියනවා. ඒ අරක ශ‍්‍රාස්තෘන් වහන්සේ තමන්ගේ ශ‍්‍රාවකයින්ට බ‍්‍රහ්ම ලෝකේ ඉපදෙන්ට ධර්මය කියා දුන්නා. ඒ යුගයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැටදාහයි. අවුරුදු පන්සීයෙදි විවාහ වෙනවා. ඒ යුගයේ මනුෂ්‍යයාට තියන ලෙඩ හයයි. බඩගින්න, පිපාසය, සීතල, උණුසුම, මල පහ කරන එක සහ මුත‍්‍රා කරන එක. ඔන්න ඔය කරුණු හය තමයි ඒ යුගයේ මනුෂ්‍යයාට ලෙඩ විදිහට තිබිල තියෙන්නේ.
    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, එබඳු ජීවිතය පිළිබද ස්ථිර බවක් තිබෙන යුගයකදී, ඒ වගේ ජීවිතයේ බාධා රහිත බවක් තිබිය දී, උවදුරු රහිත බවක් තිබිය දී, ඒ වගේම ජීවිතය පිළිබඳ සුවපහසු බවක්, බාධක අඩුබවක් තිබියදීත් ඒ අරක ශ‍්‍රාස්තෘන් වහන්සේ තමන්ගේ ශ‍්‍රාවකයින් හික්මවල තියෙන්නේ මේ විදිහටයි” කියල. උන්වහන්සේ කියා දෙනවලූ ”පින්වතුනි, මේ ජීවිතය තාවකාලිකයි. හරියට තනකොල අග තියන පිනි බිංදුවක් වගේ. ඉර පායපු ගමන් වාෂ්පවෙලා යනවා. අන්න ඒ වගේ මේ ජීවිතය තාවකාලිකයි. හිස් දෙයක්. වීරිය කරන්න. බඹසර පුරුදු කරන්න” කියල. උන්වහන්සේ කියා දෙනවලූ, ”මේ ජීවිතය තාවකාලිකයි හරියට දියේ ඇන්ද ඉරක් වගේ. ටික කලයි තියෙන්නේ. ප‍්‍රමාද වෙන්න එපා. වීරිය කරන්න. බඹසර හැසිරෙන්න. කුසල් වඩන්න. උපන් කෙනාට අමරණීයත්වයක් ලැබෙන්නේ නෑ” කියල. උන්වහන්සේ කියා දෙනවලූ ”මේ ජීවිතය තාවකාලිකයි. හරියට දවස පුරාවටම රත් කරපු යකඩ කෑල්ලක් උඩ පුංචි මස් කෑල්ලක් තිබ්බම සැනෙකින් ඒක දැවිල යනවනේ. අන්න ඒ වගේ මේ ජීවිතය කෙටියි. ටික කලකින් විනාශවෙලා යනවා. ආයුෂ අල්පයි. ආබාධ බහුලයි. මේ තාවකාලික ජීවිතය සැප නෑ. නිදහස් වෙන්න. බඹසර හැසිරෙන්න. උපන් සත්වයාට මරණයෙන් බේරීමක් නෑ” කියල. උන්වහන්සේ ඒ ශ‍්‍රාවකයින්ට වීරිය ඇතිකරවනවා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා.
    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ”බලන්න මේ තරම් ස්ථිර ස්වභාවයක් තිබියදීත් ඒ අරක ශ‍්‍රාස්තෘන් වහන්සේ ජීවිතය ගැන යථාර්තය පෙන්වා දුන් ආකාරය. පින්වත්නි, එදා එහෙම නම් අද දවසේ මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු සීයයක් හෝ ඊට පොඞ්ඩක් වැඩිවෙයි. ආබාධ බහුලයි, රෝග පිඩා බහුලයි, ඉතාම කර්කෂ දුක් පීඩා තියෙනවා, ආයුෂ කෙටියි, ඉපදුන කෙනාට මරණය අත ලග. ටික කලයි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය තුළ කන බත් වේල් ප‍්‍රමාණයත් මෙපමනයි කියල කියල දෙනවා. එතරම්ම ජීවිතේ කෙටියි. ජීවිතේ දීර්ඝයි නම් ජීවත් වෙන කාලය ගැන මැනල පෙන්වන්නත් බෑනෙ. භාග්‍යවතුන් වහන්සේ මිනිසාගේ ජීවිතයේ දින ගනනත් පෙන්වනවා. ඒ මොකද එහෙම පෙන්වන්නේ? ආයුෂය කෙටියි. ටික දවසයි ඉන්නේ. ටික දිනක් ඉන්න අපි මේ සසර කෙරෙහි කලකිරීම උපදවාගත යුතුයි. සංසාරෙන් නිදහස්වීම පිණිස කල්පනා කළ යුතුයි. පින් දහම් කළ යුතුයි. මරණයෙන් නිදහස් වීමට කටයුතු කළ යුතුයි.
    ඒ නිසා අපිට සසරින් නිදහස් වීම පිණිස වීරිය උපද්දල දෙන්නා වූ ඒ උතුම් මරණ සති භාවනාව හොඳින් පුරුදු කරන්න, නිතර පුරුදු කරන්න කල්පනා කරන්න.
    ඒ පරම ඝම්භීර වු, නිවන අවබෝධ කර ගැනීමට අපට උපකාර වන්නා වූ ඒ උතුම් සද්ධර්මය තුළ පවතින, සිත නිවන කෙරෙහිම පිහිටුවා ගැනීම පිණිස අප‍්‍රමාදී බව උපදවල දීමට මහත් සේ උපකාරී වන ඒ උතුම් මරණ සති භාවනාව හොඳින් පුරුදු කර ගැනීම පිණිස දුර්ලබ වූ භාග්‍යය උදාවේවා කියල අපි සෙත් පතනවා.
    තෙරුවන් සරණයි!
    පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
    ‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..


     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    baya hithenawane ban

    anyway thnx

    maranaya kiyana eka hama agam bedayakin thorawa katath podu deyak
    mama muslim

    thnx for d post rep


    hariyata baluwoth one jeewiyekge ayu kalaya
    athulata ganna husma tika eilyata dana welawa thamai
    :confused:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මරණ සතිය වඩන්නෙ, මාසෙ අන්තිමට ඉන්සූරන්ස් එක ගෙවන කොට.