Plug එක ගහලා.. පුච්චගන්නවද? කරන්ට් වද්දගන්නවද?

Aug 25, 2017
4
0
0
Plug එක ගහලා.. පුච්චගන්නවද? කරන්ට් වද්දගන්නවද?

  • වයරින් බාස් වයරින් එක නිසිආකාරව කරලා තියෙනවද කියලා දැනගන්නෙ කොහොමද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි ආරක්ෂාව ගැන සැලකිලිමත්ද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය නිසිආකාරව ක්‍රියාත්මක වෙනවාද?
  • නිවසේ, කාර්යාලයේ විදුලි පරිපථය දැන් පරණය්ද? අලුත්වැඩ්යාවකට කාලය හරිද?
  • ඔබේ නිවසේ කුඩා ළමුන් සිටිනවාද? ඔවුන් ආරක්ෂිතද?
  • විදුලි පරිපථය නිසි ආකාරව ක්‍රියා නොකරොත් මොකද වෙන්නේ?

Isolator (Main Switch) Testing

විදුලි මීටරයෙන් පසු ඔබගේ නිවසේ ඇති සියලු විදුලි පරිපථ වල වගකීම ඔබ සතුය. සෑම නිවසකම ප්‍රධාන විදුලි විසන්ධිකය (isolator) සවිකොට ඇත්තේ ඔබ විසින් සිදුකරනු ලබන ඕනෙම විදුලි පරිපථ අලුත්වැඩියාවකදී ඔබේ ආරක්ෂාව සදහා නිවසත් බාහිර විදුලි සැපයුම් පද්දථියත් අතර සම්බන්ධතාව විසන්ධි කීරීමටය. මෙම විදුලි විසන්ධිකයේ ස්විට්ච්ය පහලට දැමුවත් එය අභ්‍යන්තරයෙන් විසන්ධි නොඋනහොත් එය ඔබට ඔබේ ජීවිතය පවා අහිමි කල හැක. මෙය "CONNECTIVITY TEST" සිදුකිරීම මගින් පරීක්ෂා කල හැක.

RCD (Trip Switch) Testing

මෙම විසන්ධිකයෙන් පසුව ඇති ආරක්ෂක උපකරණය වන්නේ trip switch එකය. ට්‍රිප් ස්විට්ච් එකේ ආරක්ෂක ක්‍රියාවලිය කෙටියෙන් කිවහොත්, මෙය මගින් කෙරෙන්නේ යම් කෙනෙක් හෝ උපකරනයක් හරහා විදුලිය පොළොවට යාහැකි මාර්ගයක් විවුර්ත උවහොත් විදුලි සැපයුම විසන්ධි කීරීමය. අනවශ්‍ය විදුලි විසන්ධි වීම වලක්වා ගැනීමට මෙම උපකරණයට උපරිම සීමාවක් හදුන්වා දී තියනවා. විදුලිය මිලි ඇම්පියර් 30 විදුලි ධාරාවක් මිනිසෙකු හරහා ගිය විට සිදුවන හානිය ඉතා අවම වුවත්, වැඩි විදුලි ධාරාවකදී සිදුවන හානිය මෙසේ ගණන් බලා තියනව .

මිලි ඇම්පියර් 1 - දැනීමක් පමණයි.
මිලි ඇම්පියර් 5 - වීදනාකාරී නොවන පොඩි කම්පනයක්.
මිලි ඇම්පියර් 6-30 - වේදනාකාරී කම්පනයක්.
මිලි ඇම්පියර් 50-150 - අධික වේදනාවක් , හුස්ම ගැනීමේ අපහසුතා සහ මස්පිඩු හැකිලීම් ඇති වෙන්න පුළුවන්.
මිලි ඇම්පියර් 1000-4300 - හදවතේ රිද්මයට ඇතිවන බාධා.
මිලි ඇම්පියර් 10 000+ - තාවකාලික හදවත නැවතීම , දරුණු පිලුස්සුම්තු වාල හෝ මරනය සිදුවිය හැක.
සාමාන්‍ය නිවසක ඇති හොද තත්වයේ ට්‍රිප් ස්විට්ච් එකක් මිලි ඇම්පියර් 30 හෝ ඊට වැඩි විදුලි ධාරා වලට ක්‍රියාත්මක වෙන්න තමයි හදල තියෙන්නේ. මිනිසාගේ ආරක්ෂාවට තියන ප්‍රදාන උපකරණය වන්නෙත් මේක. Trip Swith එක නිසිආකාරව ක්‍රියා නොකරොත් ඔබේ ජීවිතය තත්පරයකින් නැති වෙලා යන්න පුළුවන්. "RCD TEST" එක මගින් trip switch එක නිසි ආකාරව ක්‍රියාකරනවද කියලා දැනගන්න පුළුවන්.

MCB (breaker) Testing

Circuit breakers ක්‍රියාත්මක වෙන විදි 2 ක් තියනවා.

සාමාන්‍ය විදුලි ධාරාවට වඩා වැඩි 1-5 වතාවක් වැඩි විදුලි ධාරාවක් යම් කාලයක් ගලා ගිය විට mcb මගින් පරිපථය විසන්ධි විය යුතුය් . මෙය සිදු වෙන්නේ MCBහි ඇති ද්වී ලෝහ පටියේ ක්‍රියාකාරිත්වය නිසිආකාරව සිදුවුනොත් පමනය්. එහි ක්‍රියාකාරිත්වය නිසි ආකාරව සිදු නොවුනොත් වයර් උණු වීම, පරිපථය ගිණි ගැනීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. මේ නිසා MCBවල ඇති ද්වීලෝහ පටිය අදාළ තත්ත්ව යටතේ පරික්ෂා කල යුතුය්. මෙය "MCB Thermal Test" මගින් පරීක්‍ෂා කල හැක.

ඉතා වැඩි විදුලි ධාරාවක් ක්‍ෂණිකව පරිපථය තුලින් ගලා ගිය විට mcb එක මගින් පරිපථය විසන්ධි විය යුතුය්. මෙය සිදු වෙන්නේ MCBහි ඇති විද්‍යුත් චුම්භකයේ ක්‍රියාකාරිත්වය නිසිආකාරව සිදුවුනොත් පමනය්. එහි ක්‍රියාකාරිත්වයත් නිසි ආකාරව සිදු නොවුනොත් වයර් උණු වීම, පරිපථය ගිණි ගැනීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. මේ නිසා MCBවල ඇති විද්‍යුත් චුම්භකයද අදාළ තත්ත්ව යටතේ පරික්ෂා කල යුතුය්. මෙය "MCB Magnetic Test" මගින් පරීක්‍ෂා කල හැක.

මෙහිදී තවත් වැදගත් දෙයක් මතක් කල යුතුය්. MCB (Breaker) යොදල තියෙන්නේ විදුලි පරිපථයේ ආරක්ෂාවට. MCB එක නිසිආකාරව ක්‍රියාකලත් වයර් ගිණිගැනීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එසේ නොවීමට MCBඑකේ rating එකට වඩා වැඩි rating එකක් තියෙන වයර් හැම විටම පාවිච්චි කරන්න ඕනි. එවිට තමය් Breaker එක මගින් වයර් ආරක්ෂා වෙන්නේ. එහෙම නැති උනොත් breaker එක off වෙන්න කලින් වයර් එක ගිණිගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් වයරින් බාස්ලා කරන වැරද්දක් තමය් නිසි අවබෝධයකින් තොරව නොගැලපෙන Breaker සහ වයර් සවි කිරීම. මෙය "MCB-Wire Eye Inspection Test" එක මගින් පරීක්‍ෂා කල හැක.

Insulation Testing

වතුර බටයක දුර්වල ස්ථානයකින් වතුර කාන්දු වනවා වගේම, වයරයක පරිවරණයේ ඇති දුර්වල ස්ථානවලින් විදුලිය කාන්දු වෙන්න පුළුවන්. මෙය විදුලි පරිපත වලට වගේම යන්ත්‍ර වලටත් ඉතා අහිතකර වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙම INSULATION TEST එක හරහා ඔබට ඔබේ නිවසේ විදුලි පරිපථයේ පරිවරණය(insulation) සාධනීය මට්ටමක තියෙනවද කියලා පරික්ෂා කරගන්න පුළුවන්.

වයරින් එක කරලා කාලයක් ගත වෙද්දී වයර් අධික තාපයට, අධික සිසිලසට, තෙතමනයට, දෙදරීමට, දුහුවිල්ලට, තෙල්වලට, ලුණු වාෂ්පවලට නිරාවරණය වෙන්න පුළුවන්. එවිට වයරයේ පරිවරණය දුර්වල තත්වයට පත් වී ඉහත සදහන් කල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ නිසා වසර 3කට සැරයක් වත් INSULATION TEST එක කර ගැනීම අනිවාර්යය්.

Earth Fault Loop Impedance Testing

වයරින් බාස්ලා හැමවිටම කරන්නේ earth කූර පොලව කොහේ හරි ගහලා trip switchඑකේ test button එක ඔබලා ඔන්න වයරින් එක හරි trip switch එකත් වැඩ කරනවා කියලා පෙන්නන එක. නමුත් earth කූර පොලවේ ප්‍රතිරෝධය(impedance) වැඩි තැනකට ගහලා තිබ්බත් එය ක්‍රියා කරනවා නමුත් trip switchඑක ක්‍රියාත්මක වී පරිපථය විසන්ධි වීමට යන කාලය වැඩිය්. මිලිතත්පර ගණනක් විසන්ධිවීම ප්‍රමාද වීමකින් පවා ජීවිත හානි ඇති වෙන්න පුළුවන්. මේ නිසා Earth fault loop impedance test එක කරලා බාස්ගෙන් ගෙදර බාරගන්න කලින් ට්‍රිප් ස්විචය නිසිආකාරව නිසි වේගයෙන් වැඩ කරනවද කියලා බලාගන්න එක නුවණට හුරුය්.

Polarity Testing

Live සහ Neutral මාරු උනාට අවුලක් නෑ කියල තමය් ගොඩක් වයරින් බාස්ලා හිතාගෙන ඉන්නේ. පරිපථය නිසි ආකාරව වැඩ කරනවනම් ඇත්තටම මෙය ප්‍රශ්නයක් නෙමෙය්. පරිපථයේ කිසියම් දෝෂයක් පැමිණිවිට MCB (breaker) මගින් Live connectionඑක පමණය් විසන්ධි කරන්නේ. නමුත් Live සහ Neutral මාරු වෙලා තිබ්බොත් විසන්ධි වෙන්නේ Neutral connection එක පමණය්. ඒ කියන්නේ Live connection එක කිසිම බාධාවකින් තොරව තවමත් විදුලි උපකරණය වෙත පැමිණෙනවා. අවධානම හිතාගන්න පුළුවන් නේද? මේ අවධානම මග හරවාගන්න පුළුවන් Polarity test එක කරලා එන ප්‍රථිපල බලලා වරදක් තිබුනොත් නිවැරදි කිරීමෙන්.

Voltage Drop Testing at Outlet

කාර්යක්‍ෂමතාවය ඉහල නැoවීම සදහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව උපරිමය 5%ක වෝල්ටීයතා බැස්මක් (230v±5%) සදහා පමණක් අවසර ලබාදී තිබෙනවා. මෙය සාධනීය මට්ටමක තිබෙනවද කියල "voltage drop testing at outlet" කියන test එක කරලා දැනගන්න පුළුවන්.

රජයෙන් අලුතෙන් හදන ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්ගෙන් බාරගන්න කලින් නම් විදුලි එන්ජිනේරුවෙකුගේ වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කරලා තියෙනවා. ඊට හේතුව මෑත කාලයේදී රජයේ ගොඩනැගිලිවල සුලබව හටගත් ගිනිගැනීම් ඉදිරියේදී හට නොගැනීමට වග බලා ගැනීම.

අවධානමට පෙර සුදානම හොදය් කියලා කියනවනේ.. ඒ නිසා,

ඔබේ නිවස, කාර්යාලය බාස් කෙනෙක්ට කියල වයරින් එක කරගත්තා නම් බාස්ගෙන් වයරින් එක බාරගන්න කලින් අනිවාර්යයෙන්ම මේ test ටික කරගන්න. එතකොට වැරදි තිබ්බොත් ඔහුටම කියල ඒ වැරදි නිවැරදි කරගන්න පුළුවන් (අමතර වියදමක් නැතුවම).
ඔබේ නිවසේ, කාර්යාලයේ වයරින් එක දැන් වසර 3කට වඩා පරණය් නම් අනිවාර්යයෙන්ම මේ test ටික කරගන්න.
එවිට ඔබේ නිවසේ උපකරණවලට වන හානි, ගිණි ගැනීම්, විදුලි සැර වැදීමෙන් සිදුවන ජීවිත හානි සියල්ලෙන්ම අත් මිදෙන්න පුළුවන්.


කලින් පලකල ලිපි පහතින් කියවන්න.

•අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ විට සිදුවන්නේ කුමක්ද?
https://www.sysmexlanka.com/blog/blog-surge-protection.html

•විදුලි සැර වැදුනු විට දෙන ප්‍රතිකාර කරන ආකාරය. https://www.sysmexlanka.com/blog/first-aid.html